IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඔරලෝසු , සාරී මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා - දුමින්ද

(දයාරත්න ඇඹෝගම)
 
නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලිවම ඇත්තක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ ලිපියේ තිබුණ දේවලුත්, ප්‍රායෝගිකව සිදු වුණ දේවලුත් බොහෝම ඇත්ත. මොකද  ඔරලෝසු , සාරී  මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.


අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ පිහිටි අමාත්‍යයවරයාගේ නිවසේදී අද (1)  පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීවේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඅමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ ද පැවසීය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් අල්ලස් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ  බව කියන පුවත මමත් මාධ්‍ය මගින් දැක්කා. විශේෂයෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා එවැනි ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම් , මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් එම චීන සමාගම විශාල මුදලක් ලබාදී තිබෙනවා නම් , එය බොහෝ විට අල්ලසක් ලෙස තමයි අපි දකින්නේ.


ඒ නිසා ආණ්ඩුවේ බළධාරීන්ට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට. ඒ වගේම මට පුදුමයක් තියෙනවා මේ පුවත දැන් එළියට ඇවිත් දින කිහිපයක් වෙනවා තාමත් ආණ්ඩුව පැත්තෙන් කථා කරන්නේ නෑ, ඒ නිසා ආණ්ඩුව මීට වඩා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.


අඹ ගෙඩි දෙකක් හොරකම් කළත් හිරේ දානවා පුංචි පුංචි හොරකම් ගැන කථා කරනවාට වඩා මේ විදිහට විශාල මුදලක් වංචා වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.


අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැඩි වෙන කාලයට බඩු මිල වැඩි කරන්නත්, අඩුවෙන කාලයට බඩු මිල අඩු කරන්නත් කියන එක. ඒක ප්‍රායෝගික ක්‍රමයක්. ඒ නිසා ගෑස් මිල රුපියල් 138 කින් අඩු වුණා. මේක ජනතාවට විශ්වාසය තැබිය හැකි ක්‍රමයක්.


ගෑස් මිල හදිස්සියේ අඩු කලේ පළාත් සභා මැතිවරණයක් ඉලක්ක කර ගෙන නෙමෙයි. ගෑස් මිල අඩු කලේ මැතිවරණයක් බලා ගෙන කියලා කවුරු හරි හිතනවා නම් ඒක මම හිතන්නේ දේශපාලනය නොදන්නා කෙනෙකුගේ තර්කයක් ඒක.


නමුත් පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මණින් තියන්න කියලා අපි කියනවා. අපිට පළාත් සභාව කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නය. පළාත් සභාව පාලනය කරන්න දේශපාලඥයෝ අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍යය කරන්නේ සාධාරණ ක්‍රමයකට
නිවැරදි ක්‍රමයකට, පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.
 



අදහස් (38)

ඔරලෝසු , සාරී මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා - දුමින්ද

Cisco Sunday, 01 July 2018 07:26 AM

කෝ අල්ලස් කොමිසම............... ඉස්සෙල්ලා මෙයාගෙන් ප්‍රශ්න කරන්න.......................

:       138       708

සතයපාලSunday, 01 July 2018 09:19 AM

දැන් ප්‍රශ්නේ මහින්ද අල්ලස් ගත්ත එකද? දුමින්දට සාරී ඔරලෝසු ලැබුණු එකද ?

:       167       62

CiscoSunday, 01 July 2018 01:56 PM

සත්‍යපාල මහතාණෙනි, කොහොමත් මේ කියන ආකාරයට මෙයත් යමක් අරගෙන තියෙනවා. මෙයා පිළිඅරගෙන තියනවනේ... මෙයාගෙන් පටන්ගෙන රාජපක්ෂවරුනුත් බලමු.

:       0       1

BamunuarachchiTuesday, 03 July 2018 01:08 AM

මසකට මිලියන ගණනක කුලිය ගෙවන කෘෂිකර්ම බිල්ඩිම. ඔය ගනු දෙනු නිකම්ම එහාට මෙහාට ගියා කියලද හිතන්නේ.

:       0       1

maheshika Sunday, 01 July 2018 07:48 AM

දුපතුන්ට බෙදා දීමට ලබාදුන් දේවල් තාමත් ළඟ තියාගන ඉන්නවා. මහජන මුදල් අතිශයින් අවභා විතය යටතේ මුලින්ම හිරකරන්න ඕන.

:       267       815

නොකවුට් Sunday, 01 July 2018 07:53 AM

සබීතා නෝනගෙ ගොඩනැගිල්ල මතක ද

:       11       729

emerson Sunday, 01 July 2018 07:54 AM

අනේ මෙයා සාරී හම්බ වෙලත් අදින්නේ නැත්තේ ඇයි. ඕක හැමදාම හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි

:       93       450

Manoj Sunday, 01 July 2018 08:02 AM

අනුරාධපුරේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවාද? බෙදලා දෙන්න තියෙන සාරි - ඔරලෝසු තමා ළඟ තියාගෙන ඉන්නේ..................... මොන බම්බුවක්ද? මේ

:       8       450

Kamal Sunday, 01 July 2018 08:11 AM

කවුද අවභාවිතා කරේ කියලා මුලු රටම දන්නවා.....

:       1       257

Disa Sunday, 01 July 2018 08:38 AM

මෙහෙ බැංකුව ගැනත් කතා කරන්නකෝ කූඹියෝ...

:       103       412

Raveendra Sunday, 01 July 2018 08:58 AM

මේ අප රටේ මහජන සේවය පිණිස පැමිණි මහජන නියෝජිතයින් යයි කියා ගන්නා අය නොවේද? ලැජ්ජා නැති රැලක්.

:       6       221

Madusanka Sunday, 01 July 2018 08:58 AM

හෙනම ගහනවා කියන කතාවලට. සාරිය අඳින්නම බැරිනම් බිරිඳටවත් දෙන්න.

:       220       540

saman Sunday, 01 July 2018 09:00 AM

සාරියක් ඇඳගන්න... හැට්ටයකුත් මහගෙන...

:       97       274

සතයපාල Sunday, 01 July 2018 09:15 AM

මම කිව්වේ ඩොලර් එකක් හොරකම් කල බව ඔප්පු කලොත් හිසට වෙඩි තබා ගන්නවා කියලයී.නමුත් මෙතනම ඩොලර් මිලියන 7.5ක් නේ ඒක නිසා හිසට වෙඩි තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.............

:       713       1020

jerami Sunday, 01 July 2018 09:33 AM

සාරියක් ඇඳලා, ඔරලෝසුවකුත් බැඳලා දාන්නකෝ ෆොටෝ එකක් පත්තරේට. යස මංගල යෝජනාවක් එයි දවසින් ඔයාට...

:       38       244

Thilina Sunday, 01 July 2018 09:49 AM

ආපු දවසේ ඉදන් කලේ මඩ ගහන එක තමයි ..අද මහින්ද මහතා මේ චෝදනාවලට පැහැදිලි පිළිතුරු ලබා දීලා තියෙනවා ..ඔබතුමා කරන වැඩවකට හරියන්නේ ඉතින් සාරි හැට්ටම තමයි

:       502       508

sena Sunday, 01 July 2018 09:58 AM

ඉතින් ඔබතුමාලා මේ ගැන පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත්තේ මොකද?

:       0       145

Prasanna Sunday, 01 July 2018 10:14 AM

මෙතුමා සාරි අඳිනවා කියලා දැනගත්තු එකත් ලොකුදෙයක්...

:       0       224

Ranga Sunday, 01 July 2018 10:23 AM

ඩොලර් මිලියන 18,000 ක් තියෙන මහින්ද මහත්තයා ඡන්දෙට ඩොලර් මිලියන 7ක් ගත්තා... තේ බොන්න වෙන්න ඇති නේද..?

:       7       213

kapSunday, 01 July 2018 10:56 AM

තමන්ට නෙමෙයි.. ඡන්දෙට ගත්තේ.. ඒකටත් අතින් වියදම් කරන්න අකමැති...

:       237       262

සතයපාලSunday, 01 July 2018 12:58 PM

ඩොලර් මිලියන 7 ක් නොවෙයි ඩොලර් 7 උනත් නිකම් හම්බ වෙනවා නම් නොගෙන ඉන්න පුත්තු මෙයාලා.

:       0       0

BamunuarachchiTuesday, 03 July 2018 01:14 AM

මෙයා එපා කියනවා වගේ. බස් එකෙත් ටිකට් එක නොගෙන යන්න හදන මිනිස්සු.

:       0       0

Chanak Los angelesSunday, 01 July 2018 05:22 PM

අපි විශ්වාස කරනවා අධිකරණය මගින් ඔප්පුකර පෙන්වන්න කියා නියෝග නිකුත් කර තිබෙන මහින්දගේ පුතාලගේ ව්‍යාපාර ආරම්භ කිරීමට යොදවා තිබෙන ප්‍රාග්ධනය මෙන්න මේ වගේ මුදල් වලින් කියා..

:       33       0

manoj Sunday, 01 July 2018 10:25 AM

ඔන්න ඉතින් ආයෙමත් පටන් ගත්තා. දැන් ඉතින් තව මාස 6ක් වැඩක් නොකර කාලේ කන්න මාතෘකාවක් හම්බ වුණා යහපාලනයට...

:       1       520

jayatissa Sunday, 01 July 2018 11:23 AM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු .

:       0       83

mama Sunday, 01 July 2018 12:15 PM

ඔයා ඒවා අඳින්න, ගැලපෙනවා.

:       0       0

karthini perera Sunday, 01 July 2018 12:21 PM

මෙන්න මෙයා නානවා !!!

:       0       0

Bamunuarachchi Sunday, 01 July 2018 01:14 PM

මැතිවරණ කටයුතු සඳහා මුදල්දීම සම්පූරයෙන්ම් පුද්ගලික කටයුත්තක් මැතිවරණ කටයුතු සඳහා මුදල් දෙන ව්‍යාපාරිකයෝ මැතිවරණයට තරඟකරන බලවත් පක්ෂ හැමෙක්ටම මුදල් දෙනවා එක අරුමයක් පුදුමයක් නොවෙයි සමහරු නිර්නාමිකව මුදල් දෙනවා ඒ තමන්ට පුද්ගලිකව වාසි ගන්න නොවෙයි රටවෙනුවෙන් වැඩක් ඇති මිනිසුන් පත්කර ගන්න. මේකියන දුමින්දත් පක්ෂයට ලැබුන ඒ මුදල් වක්‍රව බුක්ති විඳලා තිබෙනවා.

:       0       0

Bamunuarachchi Sunday, 01 July 2018 01:16 PM

ඔය මොනවා කීවත් මහින්ද මහතාගැන අපේ සිත් බිඳෙන්නේ නැත.

:       0       1

Dr. Lakshman Fernando Sunday, 01 July 2018 02:32 PM

මේවා නම් විකාරම තමයි.

:       0       0

MAHINDA Sunday, 01 July 2018 02:36 PM

බෙදන්න දීපු ඒවා ඔය තියාගෙන මොකද? කමක් නෑ සාරි ටික ඔය අඳින්න.

:       0       0

Appuhami Sunday, 01 July 2018 02:59 PM

ආයේ ඉතින් ගත්තා කියලා කියන්නද?

:       0       0

Sanath Sunday, 01 July 2018 03:00 PM

දේශපාලඥයෝ පොහොසත් වන වේගය අදහගන්න බැරි තරම් වැඩිවෙන්න හේතුව මොකක්ද කියලා සොයා බලන්න කවුරුවත් උනන්දු නැත්තේ ඇයි? අඩුමගානේ දේශීය අදායම් දෙපාර්තමේන්තුවවත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. අපි පරණ කාර් කට්ටක් ගත්තොත් සම්මුඛ පරීක්ෂණයකට ලියුමක් එවනවා. කොහොමද මෙච්චර සල්ලි ලැබෙන්නේ කියලා දැනගෙන ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න.

:       0       1

Chanak Los Angeles Sunday, 01 July 2018 05:31 PM

පොඩ්ඩක් ඉවසන්න කලබල නොවන්න... තව ඉදිරියට දේශපාලනයේ යෙදීම ලැජ්ජා සහගත දෙයක් බවට රටේ ප්‍රචලිත වෙනවා..

:       0       0

Pra Sunday, 01 July 2018 03:15 PM

මහින්ද රාජපක්ෂ පිළිගත්තත් ඩොලර් මිලියන 7.5ක් ගත්ත කියලා, මෙතන කමෙන්ට්ස් දාන බයියෝ නම් පිළිගන්නේ නැහැ.

:       0       0

Chanak Los Angeles Sunday, 01 July 2018 04:30 PM

ඔවුනුත් වංචාවටම සැදී පැහැදුණු පිරිසක් නිසා වෙන්න ඇති...

:       0       0

BamunuarachchiTuesday, 03 July 2018 01:12 AM

මෙයාලා කියන ඒවා පිල්ගන්න අනික් අය ලැහැස්ති නැත. මිලියන 7.5 ගතානම් පැමිණිලි කරනවකෝ අල්ලස් කොමිසමට මෙතන කියවන්නේ...............

:       0       0

කසුන් Sunday, 01 July 2018 04:12 PM

මම අද කිව්වා කියල හිතාගන්න. " මෙයාට ඉදිරියේදී ඇඩ්රස් නැත" !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 47 0

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 221 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 237 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 127 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 307 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 540 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 559 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site