ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී හාම්පුතා අතින් අතවරයට පත්වූ අම්පාරේ කතකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාවෙන් පෙනී යන්නේ මෙවන් සිදුවීම් වාර්තා කිරීමෙන් වළකින්නැයි මාධ්‍යයට දෙන සංඥාවක් බව ‘එතෙර අපි‘ සංවිධානයේ සභාපති සුනිස් හඳුන්නෙත්ති මහතා කීවේය.
හඳුන්නෙත්ති මහතා එලෙස කීවේ එම කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.
‘මේ කමිටුව කරන්න තිබුණේ ඕමාන් රජයත් එක්ක ඒකාබද්ධ වුණු පරීක්ෂණයක් පවත්වන්න. ඕමාන් පොලිසිය මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබුණා. අපේ පරීක්ෂණ කමිටුව මොකද කියන්නේ දූෂණය වහලා ගැබ්ගෙන නැහැ, ගබ්සාවක් වෙලත් නැහැ කියලා කමිටු වාර්තාවක් පෙන්නල අත හෝදගන්න හදන්නේ. අවසානේ බලද්දි මොකුත් වෙලා නෑ. වෙලා තියෙන එකම දේ තමයි මේ වෙනුවෙන් පරීක්ෂණ කරපු ඕමාන් තානාපති ගෙදර ආපු එක. ඒ කාන්තාව ලංකාවට ගෙනාපු එක.
මේ ගැන තියපු මාධ්‍ය සාකච්ඡාවෙදි කියා තිබුණා ඇය ලවා බලහත්කාරයෙන් ලියුම් අත්සන් කරවා ගත් බව. ඇය ලවා ලියුම් අත්සන් කර ගත්තා නම් එහෙම කරපු ලොකු මිස්ලා පොඩි මිස්ලා ගැන ගැන කළ පරීක්ෂණේ මොකක්ද? ඒ අය තාමත් එහේනේ. මේ කරන්නේ වෙන මොනවත් නොවේ වැරදි කරන අය ආරක්ෂා කිරීම. දැන් මෙතන ලොකුම පුදුමෙ තමයි ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩ කරන්නේ ලංකාවෙන් ගිහින් ලංකාවට විදේශ විනිමය ගේන කාන්තාව සම්බන්ධයෙන් නොවේ, ඒ අතවරය කළ ඕමාන හාම්පුතා වෙනුවෙන්. අවසානයේ සුරක්ෂා නිවසේ නිලධාරීන් මේ කාන්තාවට කළ අසාධාරනේ වහලා දාලා අතහෝදගන්නවා. අවසානයේ වැරදි කාරයෝ කරන්න යන්නේ දැන් මාධ්‍යය. මේ ප්‍රශ්නෙ මතු කරපු මාධ්‍යය විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැළලක් කළා කියා හංවඩුවක් ගහන්න යන්නේ. ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න යන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශය අවමානයට ලක් කිරීම ගැන. මේ කමිටුව ඕමානයට ගිහින් තියෙන්නේ කාන්තාවට අතවරයක් වුණාද කියා පරීක්ෂණයක් පවත්වන්න නොවේ. මේ සිදුවීම රටට කියපු නිසා මාධ්‍යවේදීන් සහ අපත් ඇමැතිවරයාට අපහාසයක් කළාද නැද්ද හොයන්න තමයි ගිහින් තියෙන්නේ. අපි වගකීමෙන් කියනවා මේ සිද්ධියෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය ඔප්පු කර තියෙනවා ඔවුන් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියා. ‘
‘එතෙර අපි‘ සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කතා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට වගකියන්න ලොකු ඇත්තෝ නැහැ. (නි)
බුදු සරණයි වගේ අපි හැමදෙනාටම (නි)
අන්තිමේදී මාධ්‍යයද වැරදි එතකොට? (නි)
මෙහි දක්වා තිබෙන ප්‍රතිචාර 100%ක් හරියට හරි. මෙම කරුණු ඔය විදේශ සේවා නිලධාරීන්ට පෙන්වන්නට ක්‍රමයක් තිබෙනවා නම් හොඳයි. ඔවුන් පුවත්පත් බලනවා වෙන්න බැහැ. "ලංකාදීප" පුවත් වලින් පමණි මේවා දැනගත හැක්කේ. "ස්තුතියි. (නි)
විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ අය කරදරයක් නෙවෙන කම් ඉතින් හොඳයි. මොනවා හරි දෙයක් උනොත් පිහිටක් නැහැ. මගේ ගමන් මල්ල නැතිවෙලා ගියාම එයාර්ලයින් එකට කියන්න කීවා. එ්කට මගෙන් යනකොට 12000 ක කප්පම් උදුරාගත්තා. (නදී)
රට යන්නේ ඇදයට. වැරදි කරුවන්ට කොහොමවත් දඬුවම් කරන්නේ නැහැ. ඊට හේතුව බොහෝ පාලකයොත් කරන්නේ වැරදිමයි. තානාපති ගෙන්වීම් කැකිල්ලේ තීන්දුවක්. ඇයි චෝදනාවට ලක්වු සුරක්ෂා නිවසේ අයව ගෙනවන්නේ නැත්තේ? ජනතාවට තියෙන ප්‍රශ්ණය ඒකයි (නදී)
රටේ ලෝකේ වෙන දේවල් ජනතාවට කියන්න ඉන්නේ පුවත් පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනියයි. නැතිනම් කව්රුත් ඇවිත් දොරට තට්ටු කරලා කියන්නේ නැහැ. (නදී)
බන්දුල පෙරේරා මහතා මේ සිද්ධි දාමයට මුල ඉදන් අදහස් දැම්මේ නැහැ. ඇයි ඒ දාන්නකෝ අදහසක් දෙකක් ඔය ටිකිරි මොළෙන්. (නදී)
පිසුනා වාචා වේරමනී සික්ඛාපදන් සමාදියාමි. (නදී)
මෙි කමිටුවට පත් කලේ තුන් දෙනයි. හැබැයි පහක් ගිහින්ලු. ඒත් වැඩෙි ගබ්සාවට ලක්වුනු අසරනීට පිහිට වෙන්න බැරි වුනා. ඔිමාන් පොලිසියේදි පරික්ෂනයක් කරගන්න බැරි සොක්කෝ රක්ෂණ ආවරනයක් යටතේ විදේශ විනිමය ලංකාවට ගේන්න ගිය දිරිය කත ලෝකය හමුවේ අවමානයනයට ලක් කළා. ඕමාන් හාම්පුතා අතින් දුෂණයට ලක් වීත් මාස දෙකක් යනතුරු ඒ බව පොලිසියට පැමිණිලි නොකර අපරාධයක් සඟවාගෙන හිටියා (නදී)
දැන් පෙනෙනවා නේද අපිට මාධ්‍යයෙන් ඇති වටිනාකම? අපිට ඉන්න තැනවත් ඉතිරිවෙලා තියෙන්නේ මේ කියන මාධ්‍යයවේදියා හැමදේම හාරාබලන නිසා වග සැවොම හිතේ තියාගත්තොත් හොඳයි. (නි)
මේක ඉතින් ශ්‍රී ලංකාවනේ! (නි)
අර මාධ්‍යවේදීන් ඉදිරියේ ලොකු රංගන දැමූ, මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න ඇසූ, සිංහවෙස් ගත් දෙදෙනා කොහෙද? (නි)
ආණ්ඩුවේ සේරම කුණුගොඩවල් පෙන්වා දෙන ජවිපේට ජයවේවා !ඔයාලම තමයි ඔය ආණ්ඩුව පිහිටුවන්ත් උර දුන් පක්ෂය.ජයවෙවා! (අ)
දැන් සියලුදේට වැරදි ඒක පෙන්වාදෙන මාධ්‍යයද? (නි)
ඹහොම දේවල් කාලයක් තිස්සේ වෙනබව වාර්තා වෙනවනේ. ඇයි රටවල් 2ක් අතර ගිවිසුමකින් මෙවැනි ප්‍රශ්න විසඳාගන්න ආකාරය පැහැදිලි කරගන්න බැරි. දේශපාලන පක්ෂය කුමක් වුවත් මේ කියන කතාවෙ සාධාරණයක් තියෙනවා. (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (දිල්)
අරාබියන්ට අපේ අක්කල නංගිලා විකුණලා සල්ලි හම්බකරන ආණ්ඩුවකින් ඔයට වැඩ දෙයක් බලාපොරොත්තු වියනොහැකිය. බලධාරිනි ඔබලාට ලැබෙයි ළාබෙට (අ)
අපරාදේ මේ අයට සල්ලි ගෙවන්නේ. (නදී)
ජනාදිපති තුමනි, පිළිල තියෙනවා ඉක්මනට අයින් කරලා දාන්න නැතිනම් ඔබත් අමාරුවේ අපිත් අමාරුවේ (නදී)
බෙහෙතක් විදලා තියන්නේ අැයි. සිහිය නැතිකරලා වගේ නේද. (හේ)
පුදුමාකාර අපරාදයක් නේද.මේ අසරනීට කරලා තියෙන්නේ. වන්දියක්දෙන්න බැරි ඇයි.(හේ)
විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ බොහෝ දෙනෙක් අනුන්ගේ දහදියෙන් යැපෙන නිකම්මු. කරදරයක් නෙවෙන කම් ඉතින් හොඳයි. මොනවා හරි දෙයක් උනොත් පිහිටට බල්ලෙක්වත් නැහැ. අපේ සල්ලි වලින් යැපෙන ලොකු මිස් ලයි පොඩි මිස් ලයි සර් ලයි ඔක්කොම හොඳට වාඩිවෙලා සැප පහසුවට ඉන්නවා. කරදරයක් වෙලා ගියාම මිස් ලයි සර් ලයි නයි පොලොංගු වගෙයි. අවුරුදු දෙකකට වරක් කප්පම ගෙවන්න ගියාම බලන්න ඕන ලියන්න කියන්න බැරි අය ගියාම තියෙන ගෑස්. අර සර් ලඟට යන්න අර මිස් ලඟට යන්න. කිව්වට ලැජ්ජයි සර් ලා, මිස් ලා නුඹලා කන්නේ මේ මිනිස්සු හම්බ කරන ඒවා නේද? තව කියන්න දේ ගොඩයි (නදී)
දැන් ඉතින් මේවා වාර්ථා කළ ඒ මාධ්‍යෙව්දීන්ට දෙවියන්ගේ පිහිට තමයි (නදී)
මේ සිද්ධිය වාර්ථා කළ මාධ්‍යවේදීන්ට තර්ජනය කළා නේද ?
ලංකාවේ තානාපති කාර්යාලවල සැලකිලි තියෙන්නෙ ඉහල වෘත්තිකයන්ට පමණයි. නීත්‍යනුකූලව ගිය මිනිහෙක් ගමන් බලපතුය අලුත් කරගන්න ආවත් වහ කදුරු වගේ. ඉතිං කොහෙද ලොකු දේකට ඉදිරිපත් වෙන්නේ. (නදී)
හැම තැනම වෙන්නේ මේක තමයි. මේ අසරණ ළමයෙක් මුකුත් නැතිව ලංකාවට ගියා (නදී)
එ්කත් එහෙමද? කොහෙන් හරි වතුර බැහැල යන්නත් එපායැ නේද? එතකොට තානාපතිට ගහපු කේස් එක ? බලමු කෝ (නදී)
කොහොමත් විදේශ සේවා කාර්යාංශයේ නිලධාරින් විගමනික ශ්‍රී ලාංකිකයන්ට කිසි දෙයක් කලෙත් නැහැ කරන්නෙත් නැහැ. එ් අය අපේ මුදල්වලින් සැප විඳිනවා, රට සවාරි යනවා. ඉන්දියාව ඔවුන්ගේ පිටරට ඉන්න මිනිස්සු ගැන ඉතාම විශිෂ්ට සේවාවක් ලබාදෙනවා. කොහොමත් ඔය රටේ මුදල් නාස්ති කරන විදේශසේවා කාර්යාංශය රටට අවශ්‍ය නැහැ. (නදී)
රටවිරුවෝ හැමෝටම අබසරණයි. (නදී)
ඉතින් ඔය කියන ප්‍රතිරූපෙම ගෙනි යන්නද නැවත වරක් දෙන්න කියන්නේ. රටේ නිතිය වල්වැදිලා මානව හිමිකම් කතා කරන්න පුලුවන්ද රෙද්දක් ඇදගෙන. ඒ අතින් බැලුවම ඉන්දියාව අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ ජනතාවත් එක්ක (නදී)
විදේශ සේවා නියුක්ති ආයතනයේ ගොඩ දෙනෙක් ඉන්නේ රට යන අයගේ ලේ උරාගෙන බොන්න බලාගෙන ඉන්න ලේ මාපිල්ලු ටිකක් වගේ. ඒ අයට අපේ අහිංසක සහෝදර සහෝදරියෝ රට ගිහිල්ල විදින දුක තේරෙන්නේ නැහැ. පිනට පඩි ගන්න දේශපාලන හෙන්චයියන්ගේ අතකොලු තමයි වැඩි හරියක්ම ඉන්නේ. කටුනායක ගුවන් තොටුපලට ගිහාම ඒ අයගේ රෙස්පෙට් එක බලන්න පුළුවන් (නදී)
මම හිතන්නේ ගුටිකාපු තානාපතිට ගහපු කෙනාගේ බැල්ම ඕමාන තානාපතිටත් තියෙනවා වගෙයි නේද? (නදී)
මේ වැරදි කාරයෝ සමහරක් කොහොම අයද කියා කව්රුත් දන්නවා (නදී)
කෝ අර මාධ්‍ය සන්දර්සනය තියලා මොනර ඩාන්ස් දාපු තද පොරවල් දෙක. හරියට සේරම දැක්ක ා වගේ කිව්වේ එහෙමෙ දෙයක් වෙලා නැහැ කියලා. නුඹලාට පඩි ගෙවන්නේ මේ අසරණ මිනිස්සු නේද? මේ දවස් වල වහිනවා එලියට යන්න එපා. (නදී)
සාදාරන පරීක්ෂණයක් කරන්න ගිය ,ගරු තානාපති තුමාව ආපසු ලංකාවට යවපු එක හරිම අසාධාරණයි. ඒ කරගෙන ආපු පරික්ෂණයට මොකද වුනේ. ඒක ෂේප් එකේ වහලා දැම්මා. තානාපති කෙනෙක් කියන්නේ ගරු කටයුතු තනතුරක්. නමුත් වර්තමානයේ අපේ ශ්‍රී ලංකික තානාපතිලා පොලිසියේ පී.සී ලගේ තත්වයට පත් කරලා (නදී)
විදේශ සේවා නියුක්ති කාර්යංශයට අපේ එකාට හෙන ගැහුවත් කමක් නැහැ. අරාබිකාරයන්ගෙන් සල්ලි කුට්ටියක් ලැබෙනවා නම්.(නදී)
තානාපතිතුමා ගෙදර යවනකොට අපි නම් දන්නවා මොකද වෙන්නේ කියලා.අනේ පවු අසරණ ගෘහ සේවිකාව. (නදී)
මුදලට යටවෙන්නන් මෙම කාන්තාව පමණක් නොව, මුදලට තම රට වුණත් පාවලා දෙයි. අපිට මේවා දැනගන්න මාධ්‍ය සිටීම, විශේෂයෙන් ලංකාදීපය වැනි පුවත්පතක් , අපේ අදහස් දැක්වීමට ඉඩදීම අපේ වාසනාවක් (නි)
ශ්‍රී ලංකාවේ මිනිස්සු ගැන හරිම වගකීමෙන් වැඩකරන බව පෙනෙනවා (නි)
ක්‍රිස් නෝනිස්ට උනේ මොකද ? (නදී)
මේවා කරන අයට දෙවියන් විසින්වත් දඬුවම් නැති එක ගැනයි මම පුදුම වෙන්නේ. (නි)
දැන් අන්තිමට වරද කාගේද? (නි)
මම එදත් කිවුවා අදත් කියනවා. නැතිබැරිකමට හෝ වැඩි තණ්හාවට හෝ රට යන අහිංසකයින්ගේ මුදලින් යැපෙන්නන්ට දඬුවම් ලැබේවා! (නි)