ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩිනි මහමෙව්නා භාවනා අසපු මගින් මහමෙව්නාව සුව සේවා සංවිධානය රුපියල් ලක්ෂ 50ක රෝහල් උපකරණ කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේදී පසුගිය දා ලංකාවේ විවිධ ප්‍රදේශ වල රෝහල් වලට පරිත්‍යාග කැරිණි.
එම උපකරණ ඔස්ට්‍රේලියාවේදී එකතුකර ගැනීම සඳහාත් ශ්‍රී ලංකාවට එවීම සඳහාත් මුදලින් සහ ශ්‍රමදානයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි සරත් සිල්වා මහතා,මෙල්බර්න් සහ සිඩ්නි මහමෙව්නාව භාවනා අසපු වල උපස්ථාන කමිටු සාමාජිකයන් ඇතුළු වුහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අර පිටරට ඉඳල ලියන්නේ කියල කවුදෝ පුවතකට ලිව්වා කියල පරල වුන සංජය එහෙම . එයාගේ හිත හැදෙන්නත් එක්ක අපි කියමුකෝ මේවා අභ්‍යාවකාශයෙන් ලැබුන ආධාර කියලා. (ස)
රටින් පිට හිටියත් සිංහල බෞද්ධ කම රැක ගෙන ඉන්න ඔබ සැමට ජය (නදී)
ලොකු පිනක්! (නි)
මේක ඉතාම හොඳ පින්කමක්. මෙම පින්කමට සම්බන්ධ වූ සැම දෙනාටම නිරෝගී සුව හිමිවේවා! (නි)
මැති ඇමතිවරුනේ, සියලුම දේශපාලන පක්ෂ වල සාමාජිකයනේ, කරනවා නම් මෙන්න වැඩ (නි)
සාදු! සාදු! මෙන්න මේවට තමයි, පින් අතේ වැඩ කියන්නේ (නි)
උතුම් පින්කමක්. අපිත් පින් අනුමෝදන් වෙනවා. (නි)
මේක හොඳ පුණ්‍යකර්මයක් (නි)
අපේ කට්ටිය මේ වගේ පුවත් බලනවත් අඩුයි, අදහස් පළකරනවත් අඩුයි. චීන සුන්දරිය ලංකාවෙන් විවාහයක් කරගන්න ආසයි කියපු පුවතට ප්‍රතිචාර කොහොමද... ? මේ පුවතට ප්‍රතිචාර කොහොමද... ? කතාකරලා වැඩක් නැහැ...... (නි)
සාදු! සාදු! අපිත් මේ පින අනුමෝදන් වෙනවා. (නි)
කෝ අර පිටරට ඇලර්ජික් සංජය ? මේවා දකිනකොට ඉවසන්න බැරිව ඇති. අපි නම් මුළු හිතින්ම මේවා දැකලා සතුටු වෙනවා. (අ)
උතුම් පින්කමක්.(දිල්)
නරකද අනෙක් ප්‍රාන්තවල කට්ටියත් එකතුකරගන්නව නම්. අපිත් කැමති එකතුවෙන්න.(දිල්)
සාදු! සාදු! අගය කරන්න වටිනා වැඩක්. කියන්න වචන මදි. ලොකුම ලොකු පින්කමක්. සහය දුන් හැමෝටම ගොඩක් පින්. සසර වසනතුරු කිසිම දරුණු රෝගයකට ගොදුරු නොවේවා......!! (නි)