IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඕස්ටේ‍්‍රලියා ලාංකිකයෝ ලක්ෂ 70 ක ඇඳන් පිරි නමති

ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සරත් එන් සිල්වා මහතාගේ මුල්වීමෙන් රුපියල් හැත්තෑ ලක්‍ෂයක් පමණ වටිනා ඇඳන් කොළඹ ජාතික රෝහලට හා ග‍්‍රමීය රෝහල්වලට බෙදා දීමේ පින්කම ජාතික රෝහලේ පැතුම් බෝධිය අභියස දී ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රෝහල් සේවා මණ්ඩලයේ අනුශාසකයන් වහන්සේලා වන කෑරගල පද්මාවතී පිරිවෙන්පති රජාවෙල නන්දරතන නා හිමි සහ සිද්ධමුල්ල පුරාණ සංඝාරාම විහාරාධිපති  බ‍්‍රාහ්මණගම මුදිත නා හිමි ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් සිල්වා, හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක මහතාද ,සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියද් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා ඇතුළු ති‍්‍රවිධ හමුදාවේ නිලධරයෝද, වෙනත් රෝහල් නියෝජනයක කරමින් නිලධරයෝ පිරිසක්ද  මේ අවස්ථාවට සහභාගී වූහ. ඇඳන් 27 ජාතික රෝහලට ද, අනෙක් ඇඳන් ගුවන් හමුදාවට හා ග‍්‍රාමීය රෝහල් කීපයකට භාර දෙන ලදී.

 

INC_4644 INC_4667 INC_4674



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා ලාංකිකයෝ ලක්ෂ 70 ක ඇඳන් පිරි නමති

පිටබැද්දර ජයා Wednesday, 08 October 2014 11:35 AM

ඉතාලි කට්ටියටත් මේ වගේ යහපත් වැඩක් කිරීමට සිතිවිල්ලක් ඇති වේවා කියල ප්‍රර්ථනා කරනවා (නදී)

:       0       0

ජයත් Wednesday, 08 October 2014 06:35 AM

හෝ ! මේ නම තියන හොඳ වැඩ කරන අයත් ඉන්නවා (නදී)

:       0       0

චමින්ද Wednesday, 08 October 2014 06:55 AM

ඉතාම හොද පුණ්‍ය කටයුක්තක්. ලකුණු දාගන්න ඉන්න, දේශපාලන කට්ටිය නැති එකනම් ලොකු දෙයක්. (නදී)

:       0       0

කරුණාජීව Thursday, 09 October 2014 08:33 AM

උපාලිට/බන්දුලට /ලංකා තිලක්ට ජයවේවා.(අ)

:       0       0

අසෝකා Wednesday, 08 October 2014 07:40 AM

බොහෝ උතුම් ක්‍රියාවක්. එ්ත් අපේ දුප්පත්ම දුප්පත් පාසැල් වගේම බොහොම දුප්පත් රෝහල්ද තිබෙනවා. ගැබිණි මාතාවන්ට පවා ලෑලි කෑලි දැමු ඇදන් තියෙන්නේ. මේවා බලධාරීන් විසින් ලබා දෙන්නේ හැමදේම තියෙන ලොකු රෝහල් වලට. එහෙම නැතිව අනිත් ඒවටත් ලැබන පරිදි බෙදා දිය යුතුයි. විදේශයක ඉන්න අය රටට ආදරෙන් මේවා කරනකොට නිලධාරින්නුත් ඔවුන් දිරිමත් කල යුතුයි. සරත් සිල්වා මහතා ඇතුළු ඊට සහභාගි වූ සැමටම නිරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා! (නදී)

:       0       0

ධම්ම Wednesday, 08 October 2014 07:40 AM

මෙවන් ලක් දරුවන්ට විසා මත මව් බිමේ පා තැබීමට සිදුවීම කණගාටුදායක කරුණක්. එය ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවීම සතුටට කරුණක්. (නදී)

:       0       0

නිහාල් Wednesday, 08 October 2014 01:41 PM

ඔබ සැමට දීර්ඝායුෂ පතමි! (නි)

:       0       0

විකුම් Wednesday, 08 October 2014 08:17 AM

ජයත්,මොනවද ඒ ගොල්ලෝ කරලා තියෙන නරක වැඩ. කුහක කමට විකාර කියවන්න එපා. හෙට අනිද්දා අලුතෙන් වීසා දෙනවා කියලා ආරංචියි. දැම්මම ගිහිල්ලා පෝලිමේ ඉන්න බලන්න. (නදී)

:       0       0

විකුම් Friday, 10 October 2014 04:07 AM

ජයාත් මහත්මයාණෙනි, ඔබ ඒ පිලිබදව කනගාටුව පල කිරීම ඉතා අගය කොට සලකමි. (නදී)

:       0       0

ඡන්න Wednesday, 08 October 2014 08:21 AM

කෝ මේ පිටරට ඉන්න ඇත්තන්ට බැනගත්ත ගමන් ඉන්න අපේ කට්ටිය ? අපි නම් ඔන්න මේ වැඩේට මුළු හිතින්ම ස්තුති කළා. (නදී)

:       0       0

ලලිත් Wednesday, 08 October 2014 08:27 AM

හරිම සතුටුයි. අර ලංකා තිලක් ගේ දැන් කට වැහිලා ඇති. පහුගිය කාලේ සත්තුන්ගේ නම් කියලනේ පිටරට ඉන්න ලාංකිකයන්ට බැන්නේ. (නදී)

:       0       0

නිලංග Wednesday, 08 October 2014 08:31 AM

පිටරට ඉන්න ලාංකිකයන් ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් ලංකාවේ නොයෙකුත් සමාජ සත්කාර වලට දායක වෙනවා. නමුත් කනගාටුයි කියන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ එසැන පුවත් තීරයේ ඉතා නරක විදියට අපහාස උපහාස වලින් ඔවුන්ව අමතන. නමුත් කියන්න තියෙන්නේ බල්ලන් බිරුවාට තවලම ඉදිරියට ඇදෙන බවයි. (නදී)

:       0       0

ජයන්ත Wednesday, 08 October 2014 08:35 AM

දැන් මොනවද ජයත් මෙතන කෙරෙන නරක වැඩ ? ලංකාවේ නම් කිසිම නරක වැඩක් කෙරෙන්නේ නැහැනේ නේද ? (නදී)

:       0       0

ටානියා Wednesday, 08 October 2014 03:06 PM

ඔබසැමට යහපතක්ම වේවා! (නි)

:       0       0

රජවෙල්ලේ සුභූති හිමි Sunday, 12 October 2014 07:11 PM

මේ පින්කමට ඔස්ට්‍ර්ර්ලියාවෙන් උදව් කල සැමටත් පින් දෙනවා වැට් ගෙවන්න ලක්ෂ තුන හමාරක් ගෙවන්න වුණා. රෝහලට දෙන්න ගෙනාවත් සහනයක් නැහැ . ලොකු පින්කමක් නිසා හිත හදාගන්නවා . මට හිතවත් ලංකාවේ පින්වත් පිරිසක් මේ වැට් ගෙවන්න උදව් කළා. . එ්හැමෝටම පින් දෙනවා. මේ වගේ වැඩ පත්තරේ දාපු ලංකාදීප පත්තරේට බොහෝ පින් . මේ වැඩේ අගය කරලා අපව දිරි ගන්වන පාඨක ඔබට පින්. (අ)

:       0       0

හිරෝෂ් Wednesday, 08 October 2014 03:19 PM

ඔබ සැමට දිගාසිරි වේවා! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 09 October 2014 03:47 AM

මේ පින්කමට දායකත්වය දුන් සියලු දෙනාට පින් සිදුවේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා (නදී)

:       0       0

සිල්වා Wednesday, 08 October 2014 04:32 PM

කවුරු කළත් හරි දේ හොඳයි කියන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

ගමගේ Wednesday, 08 October 2014 09:57 AM

කොච්චර හොඳ දෙයක්ද? හැබැයි ඔය රටවල් වල ඉදන්ම නම් වෙනස් කරගෙන විෂබීජ එවන අයත් ඉන්නවා. ඩයස්පොරාවේන් කීයක් හරි කඩාගෙන සරසවි සිසුවො,ගණකාවො රවට්ටගෙන ජාත්‍යන්තරයේ රට අපකීර්තියට පත් කරලා ජීවත් වෙන නොරටුගාමී පිරිසක් ඉන්නවා. එයාලා කඩාකප්පල් වැඩ මිසක් කවදාවත් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ. (නදී)

:       0       0

ජයාත් Thursday, 09 October 2014 11:02 AM

අයියෝ විකුම්, ඔයාට මම කියපු දෙය තේරිලා නැහැ. ඒ මහත්වරු නරක වැඩ කරනවා කියන එක නෙමෙයි මම අදහස් කළේ. තව ටිකක් හිතලා බලන්න. මම ජයන්තටත් එක්කයි මේ කියන්නේ. ඔයාලගේ හිත රිදුනා නම් මගේ කණගාටුව ! (නි)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 10:34 AM

එත් මට පුදුමය දරා ගන්න බැරි වුනා මේවගේ වටිනා කියන වැඩත් එයා කරනවද කියල. පස්සෙයි මතක් වුනේ එයා ඉන්නේ මෙහෙ නොවැ, ඕස්ට්‍රේලියාවේ නෙමෙයි නේ කියල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 106 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 456 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 489 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 307 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 889 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site