IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ අලි පේර ලංකාවට

 (අංජුල මහික වීරරත්න)

රටට ඩොලර් ඉපැයීම සඳහා HASS නැමැති අලිගැටපේර විශේෂය  ලංකාවේ  කෘෂි කාර්මික වගාවක් ලෙස පුළුල් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගා සංවර්ධන කටයුතු කෙරෙයි.

අලිගැටපේර ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන තිබේ.

මෙම අලිගැටපේර විශේෂයේ පැළ ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර ඇත.

HASS නැමැති අලිගැටපේර ප්‍රභේදයෙ විශේෂත්වය වන්නේ එය පළතුරක් වශයෙන් මෙන්ම බටර් පැහැති මදය උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන සෞඛ්‍යට හිතකර අලිගැටපේර තෙල් සඳහා ජාත්‍යන්තර වෙළෙද පොළේ විශාල ඉල්ලුමක් පැවතීම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ වගාව කළ හැකි පවුල් 1000ක් පමණ  තෝරා ගෙන ඇති අතර ඔවුන්ට HASS අලිගැටපේර විශේෂය වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, පැළ හා මුල්‍ය ආධාර සියල්ලම සපයන බව අමාත්‍යාංශය කියයි.

වසර තුනකින් මෙම වගාවෙන් ආදායම් උපයා ගත හැකි අතර එක් ගසකින්  අලිගැටපේර කිලෝග්‍රෑම් 200ක අස්වැන්නක් ලබා ගත හැකිය.

 

 

 



අදහස් (23)

ඕස්ට්‍රේලියාවේ අලි පේර ලංකාවට

nuwan Sunday, 26 February 2023 02:31 PM

පරෙස්සමින්, ඕස්ට්‍රේලියාවෙන් දෙවරක් ගෙනාපු කිරිහරක් නිසා වෙන්න ගිය විනාශයෙන් යන්තම් අපේ සත්තු ටික බේරුණා. අපේ රටේ සාර්ථකව වගාකරපු ඇපල් වලට වෙච්චි දේත් හොඳින් සිහියේ තබාගන්න වෙයි.

:       2       88

ABSunday, 26 February 2023 08:09 PM

ලංකාවේ වගාකිරීමට සුදුසු avocado තිබෙනුයේ ලංකාවේ මෙන් දේශගුණික කලාපයක් වූ දකුණු ඇමෙරිකානු රටවල වේ. avocado අස්වනු ප්‍රමාණය විශාලයි. මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න. Avocado බීජ ඉතාම කුඩාවේ...

:       0       0

AshanMonday, 27 February 2023 07:51 AM

කුහක දේසපාලුවො ඉන්නකන් අපේ රටේ පලතුරක් වත් ඉතුරු වෙන්නේ නැහැ. නිළධාරීත් එකටම එකතු වෙලා රට කනවා. දේශිය දේ අගයක් නැති කළු සුද්දො ඉන්නකන් අපේ රට දියුණු වෙන්නේ නැහැ.මගේ රට ගැන මට හරිම දුකයි.

:       1       1

උපාලි Sunday, 26 February 2023 03:44 PM

පිරටින් එක එක මගුල් ගෙනෙන්න කලින් අපේ තියෙන දේ රැකගන්න හිතන්න. තේ, රබර්, පොල් ඉඩම් කුට්ටි කරනවා, මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත්වෙනවා.. නිසි වෙළඳපල යාන්ත්‍රණයක් නැහැ. සතුන් සහ හොරුන්ගෙන් ඵලදාව රැකගන්න බැහැ. පළමුව මේවාට විසඳුම් සොයන්න. ඒවයි පාලකයන් පළමුව කළයුත්තේ... ඒවායින් කොමිස් නම් නැහැ...

:       0       45

LallaSunday, 26 February 2023 05:50 PM

හොරු විතරද...? ඉත්තෑවා, මොනර, වඳුරු, දඬුලේන, ඌරන් ඔක්කෝම වගා වනසනවා... වගාකරුවන් අන්තිමට අසරණයි...

:       0       7

kapilaSunday, 26 February 2023 08:05 PM

ඔය සතුනට ස්වභාවික අහාර දාමයේ විලෝපිකයින් නැහැ. උන්ගේ කිරීමට වෙඩි තැබීම සිදු කල යුතුයි.

:       0       0

සුසන්ත Sunday, 26 February 2023 06:51 PM

IMF ණය ලැබුනම අධිවේගී මාර්ග හදනවා ඉතින් විනිමය හොයන්න අලිපේර වවන්නෙ මොකටද නොදන්නා නිසා තමයි ඇහුවෙ .ඔය කට්ටියම දන්නෙ නැද්ද බිබිලේ දොඩම් වලට වුනේ මොකක්ද කියලා .කොහොම හරි ලංකාවෙ තියෙන ස්වාභාවික දේවල් ඔක්කොම විනාශ කරපල්ලා යකුනේ පිටරටදේ ගෙනවිත් දෙනවාට ලංකාවෙ දේවල් පිට රටුන්ට පුරුදු කලොත් ඔයිටත් වඩා වටිනවා .උදාහරණයක් හැටියට වල්ල ගස් (වල්ලපට්ට ගස්) වගාව කරන්න බැරිද .තවත් එකක් 2020 කාලයේ කියත්මගේ එකියක් වවනවා කියපුවා දැන් වවලා ඉවරෙයි

:       0       0

Bandara Sunday, 26 February 2023 03:46 PM

මම එන්නෙත් ඒ පැත්තේ රටක... HASS අලිපේර ලංකාවේ තියෙන අලිපේර ළඟින් තියන්නවත් බැහැ. ඇයි ලංකාවේ තිබෙන ඉතා රසවත් ප්‍රෙභ්දය විකුණන්න වෙළඳපළක් හොයන්නේ නැත්තේ? මම කාලා තියෙන රසම අලිපේර ලංකාවේ අලිපේර. ලංකාවේ හින්දා කියනවා නොවේ. ඉතින් ඇයි වෙන ප්‍රෙභ්ද පස්සේ දුවන්නේ?

:       1       74

WijesekaraSunday, 26 February 2023 05:24 PM

දැන් ඔක්කොම සල්ලි පස්සේ දුවන්නේ. රස ගුණ නැතත් තියෙන්න ඕන බර විතරයි. බලන්න ඉස්සර ලංකාවේ පැපොල් (ගස්ලබු) පුදුම රසක් තිබුණේ. හැබැයි ගෙඩි අඩුයි. ඊට පස්සේ ගෙනාවා රෙඩ් ලේඩි කියලා තඩි ගෙඩි හැදෙන මෙලෝකෙ රහක් නැති ගස්ලබු ගෙඩියක්. ගෙඩි ගොඩයි, බර වැඩියි, රස නම් වතුරවලට දෙවෙනි නෑ. දැන් අර පරණ ප්‍රභේද හොයා ගන්නත් නෑ. වැල් ගස්ලබු කියලා තිබුණා න‍ටුව ඉතාම දිග ගස්ලබු ප්‍රභේදයක්. ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහල ඒ ගසේ ජීවිත කාලෙටම ගෙඩි හැදෙන්නේ 5ක් විතර... දැන් මිනිස්සු ඒවා අහලාවත් නැතුව ඇති. අපි කොච්චර මේ වෙනුවෙන් කතාකරත් බණ්ඩාර මහත්තයෝ අපේ බුදුහාමුදුරුවෝ මීට වසර 2600කට කලින් කියලා තියෙනවා මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙන්න වෙන්න, ඔවුන්ගේ ආයුෂ අඩුවෙලා ලෝකයේ රස කෙමෙන් කෙමෙන් අඩුවෙලා අන්තිමට මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය කුරහන් බවට පත් වෙනවා කියලා...

:       45       35

සකල ගුරු Monday, 27 February 2023 05:22 AM

ලංකාවේ ඉන්නේ කාලකණ්නි මුග්ධයින් කියලා හිතෙනවා. මොකද මෙතරම් සත්‍යම දෙයටත් උන්දැලා ඩිස්ලයික් දාලා තියෙනවා... ඉතින් කොහොමද මේ ලංකාව සංවර්ධනය කරන්නේ කියලා තේරුම් ගන්න බැහැ...

:       1       0

nayanaMonday, 27 February 2023 07:30 AM

ඒක නම් සහතික ඇත්ත

:       1       0

Piyal Sunday, 26 February 2023 04:05 PM

ඔන්න තවත් සුපිරි ගොන්වැඩක් කරනවා...

:       3       56

ravin Sunday, 26 February 2023 04:06 PM

කටින් බතල හිටෙව්වා හොඳටම ඇති.. කීයක් ඔය ආකාරයේ ව්‍යාපෘති ගෙන්නලා කීදෙනෙක් ගසා කෑවාද? කීදෙනෙක් ව්‍යාපෘතියට කියලා වාහන ගෙන්නගෙන පුද්ගලික පරිහරණයට ගත්තාද? මේ ළඟදී තවත් පාඩු ලබන අත්‍යාවශ්‍ය ජනතා සේවයක ව්‍යාපෘති අය වාහන තුන හතර පාවිච්චි කරනවාය කියලා රාජ්‍ය විගණනයේදී අහුවුණාලු නේද?

:       0       45

Wijesinghe Sunday, 26 February 2023 04:57 PM

බිබිලේ දොඩම් වගාවට කළ දේ මෙම දේශපාලුවන් සහ නිලධාරීන් අලිගැටපෙර වගාවටද කරනු ඇත...

:       0       66

M.Kekulandara Sunday, 26 February 2023 05:16 PM

බිබි⁣ලේ දොඩම් වලට වූ දෙය සිදුවෙනවා. අපේ ප්‍රභේද වැඩිදියුණුකර, එම බීජ/පැළ, ගොවි පවුල්වලට බෙදාදීම කළ නොහැකිද? කොතරම් උගත්, ප්‍රා⁣යෝගික දැනුමැති කෘෂි නිලධාරීන් අපට සිටිනවද? කිලෝ 200 අස්වැන්නෙන් පසුව ගසේ ඵලදාව අවසන්ද? දැන් කිසිම ව්‍යාපෘතියක් විදෙස් ණයක් නොගෙන අපට කරන්නම බැරිද?

:       0       49

uditha sanjeewa Sunday, 26 February 2023 06:31 PM

ලංකාවේ තිබුණු කොමඩු, පැපොල්, පැණිදොඩම් වලට කළා වගේ වටිනා අලිගැටපේර ප්‍රබේධයට මහා විනාශයක් කරන්න යන්නේ...

:       0       16

විජිත් Sunday, 26 February 2023 06:35 PM

( 1 කොටස ) මේ අලිපේර වර්ගය මේ රටේ අප දැනට පරිභෝජනයකරන,අපේ රටට ගැලපෙන දේශීය අලිපේර වර්ග කිහිපය සමග එකට වවා කරනලද පරීක්ෂණයකින් ලද දත්ත කෘෂිකර්මයේ පර්යේෂකයින් ළඟ තිබෙනවාද ? එවැනි පරීක්ෂණයක් කලාද ? වසර කීයක්ද ? ආගන්තුක අලිපේර වර්ගයේ පසෙහි පොටසියම් සහ පොස්පේට් අවශෝෂණයේ සාපේක්ෂ ප්‍රතිශතය කොපමණද ? ( අලුත් වර්ගයේ අවශෝෂණ ප්‍රතිශතය දේශීය වර්ගයන්ට සාපේක්ෂව වැඩිනම් ..අනිවාර්යයෙන්ම මෙය දේශීය අලිපේරවලට හානිකරයි.මේවා වැවෙන ප්‍රදේශයක ඇති දේශීය අලිපේරවල පලදාව අඩුවෙලා ,අවසානයේදී ශාකය මියයනවා.මේවා කෘෂි විද්‍යාඥයෝ හොඳින්ම දන්නා දේවල් !!! නමුත්...) මේ වර්ගය ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් හදපු ශාකයක්නම් අප තවත් අවධානය යොමුකළයුතු දිශාවක් ඇත .ඒ තමා මේ අලුත් වර්ගයෙන් හටගන්නා පරාග දේශීය අලිපේර හා පරාගනයවී ( සුළඟින් හෝ කෘමින් මගින් ) සෑදෙන පලයේ බිජ වඳ භාවයට පත්වීමක් වේවිද ? යන්න . අවාසනාවකටවත් එවැනි දෙයක් සිදුවුනොත් අපේ දේශීය වර්ගය රැකගැනීමට හැකිවෙන්නේ නැහැ. කපටි ජාත්‍යන්තර මාෆියාවන් භාවිතාකරන " කිලර් ජීන් " යනු මෙවැනි සංසිද්ධියකි ) (2 කොටසට )

:       0       3

විජිත් Sunday, 26 February 2023 06:58 PM

(2 කොටස )මේ වගාව සඳහා විශේෂිත රසායන පොහොර අනයනයක් කරනවාද? ඒවාගේ සංයුතිය කුමක්ද ? ඒවායින් ජලපොෂකවලට සිදුවන හානිය කොතෙක්ද ?කෘෂිකර්මයේ අය ඒ ගැන ' නියැදි ' පරික්ෂනයක්වත් කලාද ? ඒ සියල්ල වගේම අපි සොයාබැලිය යුතුයි මේ වගාව සඳහා ( පල හෝ තෙල් ) දැනට විදේශ වෙළඳපොලේ ඇති " ඉඩ " ගැන.දැනටත් ඒ ' ඉඩ ' සංතෘප්තවී ඇතිනම් මේවා අපනයනය කිරීමෙන් අපට විදේශවිනිමය සෙවීම අපහසු වෙනවා.ඒ වගේම තරඟකාරී ලෝකයක " තමන්ගේ කොටස " අනෙකෙකු හා බෙදා ගන්න වෙස්සන්තරලා මේ ලෝකයේ ඉන්නවාද ? මේ අලි පේර වර්ගය මේ රටට සුදුසු බවට සහතිකකිරීමට යමෙක් අතයට ලොකු ගනුදෙනුවක් කලාද ? මේ වියාපෘතිය විදේශීය මුදල් යොදවා සිදුකරන එකක් නිසා අවසානයේදී ඒ ආයෝජකයින්ට ඒ අයගේ ආයෝජන මුදලත්, ලාභයත් දුන් පසු අපට ලැබෙන ප්‍රමාණය ලාභයෙන් 40% හෝ ඊට වැඩි නම් අපට සතුටුවිය හැක.නමුත් අපේ ශුද්ධ ලාබය 40% ට අඩුනම් අප මේ කරන්නේ නිෂ්පල දෙයක් බව ඔබටම වැටහෙනු ඇත.එවැනි නිෂ්පල වැඩවලින් අප ලබා ඇති "ප්‍රගතියේ "තරම ඔබත් මමත් දැන් අත්විඳිමින් සිටින්නෙමු.

:       0       3

සිරී Sunday, 26 February 2023 07:47 PM

කවුද මේ ඔලමොට්ටල තීරණ ගන්නේ...? ලංකාවේ අලිපේර මේ නිසා විනාශ වුණොත් කවුද වග කියන්නේ?

:       0       13

Anura Sunday, 26 February 2023 08:24 PM

ලංකාවේ අලිගැටපේර තමයි ලෝකේ රසම අලිගැටපේර කියලා මෙහෙට එන හැම සංචාරකයෙක්ම කියනවා...

:       0       0

Jagath Sunday, 26 February 2023 09:25 PM

අපේ රටේ දේශීය ප්‍රණීත අලිගැටපේරවලටත් කෙලවන්නයි හදන්නේ. ඇත්තටම අමු කාලකන්නි...!

:       0       0

ගමේ එකාලා Sunday, 26 February 2023 11:27 PM

කවුරු හරි ගොන් පණ්ඩිතයෙක් කියන්න ඇති. ලංකාවේ තරම් රස අලිගැටපේර කොහේද තියෙන්නේ...?

:       0       1

Saman Sunday, 26 February 2023 11:59 PM

මම විවිධ රටවලට ගිහින් අලිපේර කාලා තියෙනවා... අපේ අලිපේර තරම් රස අලිපේර කොහෙවත් ලැබිලා නැහැ. ලෝකේ බහුතර මිනිස්සු කෙසෙල් කන්නේ පිලිපීනේ හදන ජරා කෙසෙල් වගේම අලිපේරත් කිසිම රසක් නැති අලි පේර... ලංකාවේ ඇති විවිධ අලිපේර වගාවක් සංවර්ධනය කරන්න බැරි මොකද? අනික ඉහත කියලා තියෙනවා වගේ... මේ වගාවන්ට සතුන්ගෙන් වන හානිය අවම කරන්න සතුන් ගහනය වැඩිවෙන එක පාලනය කරන්න ක්‍රමයක් සකසන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 215 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 381 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3152 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 493 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2377 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 504 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site