ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 47 කට සීමා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. ලකුණු 236 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා යමින් සිටින දකුණු අපි‍්‍රකානුවෝ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 47, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර වරෙක ඕස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ 9 ක් ලකුණු 21 ක් තුළදී බිඳ වැටී තිබිණ. එම අවස්ථාවේදී පීටර් සිඞ්ල් (12) සහ නේදන් ලයන් (14) එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 284 (ෂෝන් මාෂ් 44, මයිකල් ක්ලාක් 151, ඬේල් ස්ටීන් 55/4, වර්නන් පිලැන්ඩර් 63/3, මෝන් මෝකල් 82/3) සහ දෙවැනි ඉනිම 47 (වර්නන් පිලැන්ඩර් 15/5, මෝන් මෝකල් 09/3)දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 96 (ජැක් රුඩොල්ෆ් 18, ගේ‍්‍රම් ස්මිත් 37, රයාන් හැරිස් 33/4, ෂේන් වොට්සන් 17/5) සහ දෙවනි ඉනිම කඩුලූ 1ට 81යි.
ඕස්ටේ‍්‍රලියාව ටෙස්ට් ඉනිමකදී ලකුණු 50 ට අඩුවෙන් දැවී ගිය අවස්ථා
36 - එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී 1902 දී
42 - එංගලන්තයට එරෙහිව සිඞ්නි නුවරදී 1888 දී
44 - එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී 1896 දී
47 - දකුණු අපි‍්‍රකාවට එරෙහිව කේප් ටවුන්හිදී 2011 දී
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd