කොටි සංවිධානයේ වත්මන් නායකයා හැටියට සැලකෙන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ගැන තමන් සෑහීමකට පත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස සැලකෙන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය දැනුම් දෙන ලෙස මීට පෙර අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
ඒ පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන 25 වැනිදා අධිකරණයට දන්වන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුට නියෝග කළේය.
කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ අද කැඳවිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නොවෙඉ රෝහණ විජේවීර මහතාගේ මරණය කොහොමද සිදු උනේ කියල හොයල අපිට කියන්න .තමන්ගේ ආදරණීය නායකයට සාදාරනය ඉටු කරන්න. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නොවී.(රේ)
තවත් මාධ්‍ය සන්දර්ශනයක් කර ජනතා අවධානය වෙනත් මගකට ගෙනගොස් ආණ්ඩුවට නොහැකියාව සගවන්නට ජවිපෙන් කරන උදවුවක්. (රේ)
අතිගරු ජනධිපති තුමා මේ ගැන මොකද කියන්නේ. කේපී ත්‍රස්තයෙක්ද නැත්ද?(රේ)
ඊළඟ සටන ළඟදීම පටන්ගනී වගේ (නි)
හේමන්තගේ කටට මසුරන් දාන්න වටිනවා. (නි)
කේපී ගැන ඉස්සර කියවුනේ කොටින්ගේ සියලු වත්කම් ගැන තොරතුරු දන්නා ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා හැටියටයි. ඔහුට අති විශේෂ පහසුකම් හෙලිකොප්ටර් ආදිය සැපයුණ බව අපට මතකයි අපේ හමුදා නිලධාරීන් පවා එයාට සැලියුට් ගහන පින්තුර පල වුනා. ඉතින් කොහොමද විජිත හේරත් සහෝදරයා කේපී ගැන සැහීමට පත්වෙන පරීක්ෂණ කෙරෙන්නේ? (බ)
පරණ තුවාල යළි පෑරිය යුතුද..? වක්‍රාකාරයෙන් පෙරදී ත්‍රස්තවාදයට උදව් කළත් දැන් කේ .පී.දැන් ත්‍රස්තවාදයෙන් මිදිලා උතුරේ එන්.ජී .ඕ.එකක් සමඟ සමාජසේවා, ළමා සුභසාධන කටයුතුවල යෙදෙලා නේද ඉන්නේ ..? එහෙම බැලුවහම 71 සහ 88/89 කළ භීෂණයට වගකිවයුතු සියලු පාර්ශව ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතව අද පාර්ලිමේන්තුවේ ඉන්නත් බැහැ නේද ..? (නි)