එල්.ටී.ටී.ඊ සංවිධානයේ වත්මන් නායකයා බව කියන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන්ට විදේශගත වීම තහනම් කරමින් පැනවූ අතුරු තහනම දෙසැම්බර් 16 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(25) නියෝග කළේය.
පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අද කැඳවිණි.
පද්මනාදන් විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැුගෙන ආ නමුත් ඔහු උතුරු ප‍්‍රදේශයේ නිදහසේ සිටිතියි ද ත‍්‍රස්තවාදී ක‍්‍රියා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමත් ,ජාත්‍යන්තර පොලීසියටද අවශ්‍ය සැකකරුවෙකු වන කේ.පී ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීමත් ගැටලූ සහගත බවට පෙත්සම්කරු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම්, එමෙන්ම මහා ජිවිත, දේපල විනාසයක් කල සංවිධානයක නායකයෙක් උතුරේ නිදහසේ සිටින්නේ කෙසේද ? හැම නිතියකම සිංහලයන්ට පමණද? (අ)
විජිත හේරත් මහතා ඉතා වැදගත් පියවරක් ගෙන තිබෙනවා