(සුමතිපාල දීයගහගේ)
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් පහකින් අද (17) වන විට කොරෝනා ආසාදිත සේවකයින් 70 දෙනෙකු හමුවී ඇතත් එම වෙළඳ කලාපයේ එකම කම්හලක් හෝ වැසීමට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් අද (17) පැවසිය.
කොග්ගල වෙළඳ කලාපයේ ඇගලුම් කම්හල් කීපයකින් හමුවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තියන නිසා එම කම්හල් තාවකාලිකව වසා තබන්නේදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් එම නිලධාරියා මේ බව සදහන් කළේය.
එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ ආයෝජන මණ්ඩල නිලධාරියා මෙසේ ද කීය.කොග්ගල නිදහස් වෙළද කලාපයේ කම්හල් 22 ක සේවක සේවිකාවන් 12,500 ක පමණ පිරිසක් රැකියා කරනවා. මෙම වෙළද කලාපයේ කම්හල් කිපයකින් මේ වන විට කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවී තියනවා. සේවකයින් දොළොස් දහස් පන් සියයක් සිටින කම්හල්වලින් ආසාදිතයින් 50 ක් 60ක් වාර්තාවීම බරපතල සිද්ධියක් නෙවෙයි. කොග්ගල වෙළද කලාපයේ සේවකයින්ගේ ආරක්ෂාව සදහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් එම කම්හල් විසින් අකුරට ක්‍රියාත්මක කරනවා.
අයෝජන මණ්ඩලය එම කටයුතු නිරන්තරයෙන්ම නිරීක්ෂණය කරනවා. ඇගලුම් කම්හල්වල සේවකයින්ට කම්හල්වල වියදමින් පී සි ආර් පරික්ෂණ සිදු කරනවා. ආසාදිතයෙකු හමුවු විට එම ආසාදිතයාට සම්බන්ධ සියලු දෙනා නිරෝධායනයට යොමු කරනවා. එපමණක් නොවී නිරෝධායනයට යොමු කරන සේවකයින්ට අවශ්‍ය පහසුකම් කම්හල් මගින් ලබා දෙනවා.
ඒ වගේම මෙම කම්හල්වලට විදේශ රටවලින් විශාල වශයෙන් ඇනවුම් ලැබෙමින් පවතිනවා. ඒ නිසා එම ඇනවුම් සම්පුර්ණ කර විදේශ රටවලට යැවිය යුතුයි. කම්හල් වසා තැබුවහොත් අපේ රටට ලබා ගත හැකි ආදායම් නැතිව යනවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන සළකා බලා වෙළඳ කලාපයේ කම්හල් වසා නොතබා කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා යයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොග්ගල වෙළඳ කලාපයේ ඇගලුම් කම්හල් වහන්නේ නෑ
Rihan Monday, 18 January 2021 04:50 AM
ඉතින් අනික් තැන්වලටත් ඒ උපදෙස් ලබාදී ඒ විදිහට වැඩ කළා නම් රටම ක්‍රියාකාරීව පවතියි.