
(චන්ද්රසේන ගමගේ සහ දෙනගම යසන්ත ආරියසේන)
අරුණ විධාන ගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට විදේශීය රටකදී අත්අඩංගුවට ගෙන මෙරටර ගෙන එනු ලැබූ අනූෂා ලක්මාලී නොවැම්බර් මස 04 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වලස්මුල්ල මහේස්ත්රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අද දින නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකාරිය වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරියගේ වෛද්ය වාර්තාවක් ගන්නා ලෙසට මහේස්ත්රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කරනු ලැබුවාය.
සම්බන්ධයෙන් වූ නඩුව කැඳවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ රොෂාන් අමරසිංහ නමින් සැකකාරිය දින හතක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ අරුණ විධාන ගමගේ ගේ ඝාතනය සම්බන්ධයෙන් 17 වැනි සැකකාරිය ලෙස අනුශා ලක්මාලි නම් කොට ඇති බවයි.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි තංගල්ල මහාධිකරණයේ නීතිඥ ශිරාස් යූසුෆ් පැවසුවේ මෙම සැකකාරිය අරුණ විධාන ගමගේ හා දරුවන් දෙදෙනාගේ ඝාතනයෙන් මාස එක හමාරකට පමණ පසුව විදේශගතවී ඇති බවයි.එමෙන්ම තංගල්ල වලස්මුල්ල හා හක්මන යන පොලිසි ස්ථාන වලින් කරන ලද කැඳවීම්වලට අනුව ප්රකාශ ලබාදීමට මෙම සැකකාරිය පොලිස් ස්ථාන වෙතද ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd