IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ වසර තුනක විමර්ශනයකින්

සුජිත් හේවාජුලිගේ
 
අල්ලස් ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අල්ලස් කොමිසම වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කළ දීර්ඝ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

 
පැමිණිලිකාර ඉන්දීය සමාගම මේ පිළිබඳ පැමිණිල්ල අල්ලස් කොමිසමට මුලින්ම කර ඇත්තේ 2015 වර්ෂයේදී යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අතර කන්තලේ සීනි සමාගම පෞද්ගලික සමාගමකට පැවැරීමේ කටයුත්තේදී ද බරපතළ අක්‍රමිකතා සිදුවී තිබෙන බවට විමර්ශන අංශවලට පැමිණිලි ගණනාවක් ලැබී තිබිණැයි කියති.
 
රුපියල් කෝටි දෙකේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි කේ මහානාම මහතා මෙම තනතුරට පත්ව පැමිණ ඇත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මීට කළින් ඔහු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ අතර ලේකම් ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් පත්ව ඇත.
 



අදහස් (26)

කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ වසර තුනක විමර්ශනයකින්

Arun Friday, 04 May 2018 04:24 PM

ලස්සන කතාව

:       8       518

රවි Friday, 04 May 2018 05:03 PM

මේ රටේ බො⁣හා් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවනුයේ තමන් අතට ලැබෙන මුදල ගැන සිතා ඒවා ක්‍රියාත්මක කිරීම මිස ජනතාවට ලැබෙන රටට ලැබෙන ප්‍රතිලාභ ගැන සලකා නොවේ. එසේ සිදු වනුයේ අප රටේ සියලු දෙනාටම පොදු වූ නීතියක ක්‍රියාත්මක නොවීමය. අනෙක බලයට පත් වන ⁣බහුතරය තමා එතනට යැවූ ජනතාව ගැන නොව තමා වටා සිටින කිහිප දෙනෙකු ගැන පමණක් සිතා කෙටි කාලීන වාසි සලකා තීරණ ගැනීමයි. වචනයට සීමා නොවී ජනතාවට සේවය කරන්නේ නම් ඔවුන්ට සදාකාලිකව මේ රටේ ජනතාව බලය ලබා දෙන බව⁣ තේරුම් නොගෙැනීමයි

:       0       348

de silva berlin Friday, 04 May 2018 05:59 PM

දේශීය මධ්‍යම පරිමාණ ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැතිව, විදේශ අයෝජකයෝම හොයා හොයා යන්නේ මොකද කියල දැන් අපිට පැහැදිලි වුනා, විදේශිකයෝ රවටල ලොකු කුට්ටි ලබාගන්න පුළුවන්නේ ?

:       3       845

gunarathnaFriday, 04 May 2018 10:50 PM

ඔබේ අදහස හරියටම හරි. මට හිතෙනවා ජනාධිපතිගේ බුද්ධි අංශයට වඩා මේ අල්ලස් කොමිසමේ බුද්ධි අංශය බලවත් කියලා. මොකද ජනාධිපතිගේ උසස් නිලධාරියෙක් පස්සේ අල්ලස් කොමිසමේ නිලධාරීන් පන්නන එක ජනාධාපතිගේ බුද්ධි අංශයේ කිසිම නිලධාරියෙක් නොදන්නා එක... මේක පිටිපස්සේ ලොකු දේශපාලන ගේමක් තියෙන්ටත් පුළුවන්...

:       6       13

Perera Friday, 04 May 2018 07:48 PM

කොහොමද පගාලන්තේ වැඩ?

:       0       7

purawasiya Friday, 04 May 2018 08:17 PM

එස්.පී. බණ්ඩාර කියලා කෙනෙක් හිටියා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක්... ඒ ගැනත් දෙන්න ඕනෙ ඔත්තුවක් ...

:       0       5

Sanath Friday, 04 May 2018 11:11 PM

යහපාලනයට මගෙන් තරු තුනක්ම...

:       22       28

Ranjan Saturday, 05 May 2018 12:49 AM

අවුරුදු 3ක් බලාගෙන හිටියා. ආයෝජනය කල් දැම්මේ මොකද? ජනාධිපති වග කියන්න ඕනේ... මෙහෙම රටක් දියුණු වෙයිද? මේක තමයි යසපලනය.

:       5       43

අනුර පැස්කුවල් Saturday, 05 May 2018 01:54 AM

වෙනස: කලින් ජනාධිපතිගේ කිට්ටුවන්තයන්ගේ හොර වැඩ ඇල්ලු නිලධාරීන්ට හිමිවුයේ දුෂ්කර ප්‍රදේශවලට ස්ථාන මාරුය. අද ඒ සඳහා නිලධාරීන්ට සැලකිය යුතු මුදල් ත්‍යාග ලබා දී ඇත... සැපද...?

:       91       122

Ranjith Silva Saturday, 05 May 2018 02:08 AM

එන්නකෝ මෙහාට... ඔයාලගේ දරුවොත් කෑවේ අපෙන් පිල්ලි ගහපු සල්ලි වලින් නේද? මම බලන් ඉන්නවා. මීට යම රජු...

:       0       14

nihal Saturday, 05 May 2018 02:40 AM

අන්තිමට වෙන්නේ අර දිල්රුක්ෂි ඩයස් නෝනට කරපු දේම නේද...? නිකන් බොරු එපා හලෝ...

:       0       7

sam Saturday, 05 May 2018 02:44 AM

මේ දූෂණයට වත්මන් පාලකයින් ගෑවී නැති බව පෙන්වීමේ අසාර්ථක උත්සාහයක් තිබෙනවා. මේ දූෂිතයින් මේ වරද සිදු කළේ දින දෙකකට පෙර වුනාට ඔවුන් මීට වසර ගණනාවකට පෙර කල රැකියාවන් සහ එම රැකියාවන් කලේ කාගේ යටතේද කියන කාරණය උක්ත කර, වර්තමානයේ රැකියාව කරන්නේ කාගේ යටතේද කියන එක සඳහන් නොකිරීමෙන් ඒ බව ඔප්පු වෙනවා.

:       5       49

සෙනෙවි Saturday, 05 May 2018 03:03 AM

අප දිනෙන් දින පරිහානියට පත්වෙන්නේ කුමන කරුණක් නිසා දැයි වැටහෙනු අැත. අධිකරණය වෙනස් විය යුතුයි. අල්ලස් පස් පව් ලෙස පාසල් විෂයට අැතුළත් කර අාකල්පමය වෙනස්‌කම් කුඩා කල සිටම ක්‍රියාත්මක කළ යුතුය. මේ පින්බිමක්ය... ගෞතම බුද්ධ රාජ්‍යය යැයි මැතිරීම නතර කරන්න. මේ අයගේ අත්වල පිරිත් නූල් තවදුරටත් බඳින බැවිනි.

:       0       54

Ranga Saturday, 05 May 2018 03:36 AM

හැබැයි ජනාධිපතිතුමා කියල තිබ්බේ "මේ මනුස්සය මගේ ලඟට ආවේ මාස 2කට උඩ " දි කියල.. දැන් බලන කොට අවුරුද්දක ඉඳන් වැඩනේ...

:       0       38

sas Saturday, 05 May 2018 04:04 AM

පරිපාලන සේවයේ බොහෝ නිලධාරින් අවංක අය නොවෙති.

:       0       60

Ruwan Saturday, 05 May 2018 04:28 AM

මහින්දගේ කාලේ එහෙම අහුවුණේ නැහැ. එන්න ඒකයි වෙනස...

:       20       53

Ruwan Saturday, 05 May 2018 04:31 AM

ඊයේ රෝහිත අබේගුණවර්ධන හිනාවෙවී කියනවා හොරු අහුවෙලාලු මේ ආණ්ඩුවේ.. කලින් ආණ්ඩුවේ හොරු හිටියේ නැද්ද? නැතිනම් හොරකම් කරන්න දීලා බලන් හිටියද කියන්න මහජනතාව දන්න නිසයි පරාද කළේ කියලා අමතක වෙලා...

:       54       118

sena Saturday, 05 May 2018 04:47 AM

මට තේරුම්ගන්න බැරි කැබිනට් පත්‍රිකා නිකුත්කිරීම සඳහා රාජ්‍ය සේවකයෙක් අල්ලස් ගත්තේ කොහොමද කියන එකයි.

:       0       31

Saman Saturday, 05 May 2018 04:50 AM

ඊලඟ හොර ගුහාව කස්ටම් එකයි. මතකනේ ඩිල්රුක්ෂි නෝනා කට්ටියක් ඇල්ලුවා...

:       6       17

සතයපාල Saturday, 05 May 2018 05:18 AM

දැන් අල්ලස් ගැනිමේ සිද්ධිය තම තමන්ගේ දේශපාලන දෘෂ්ඨි කෝණයෙන් විග්‍රහ කරලා හැමෝම සතුටුවෙන්න වීරයෝ වෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම රාජපාක්ෂිකයන් හා එ.ඡා. පාක්ෂිකයන්... මෙය සිරිසේන ජනාධිපතිවරයාගේ ගිණුමට බැරකර තමන්ගේ නායකයන් රැක ගන්න අසාර්ථක උත්සාහයක නිරතවෙනවා. විශේෂයෙන් බැඳුම්කර ගණුදෙනුවට වික්‍රමසිංහ අගමැතිවරයා සම්බන්ධ නැතැයි තර්ක කළවූවෝ අද සිරිසේන ජනාධිපතිවරයාට ඇඟිල්ල දික් කරති. ඒවගේ පසුගිය පාලන කාලයේ මිග් යානා ගණුදෙනුව, හෙජීන් ගණුදෙනුව, ග්‍රීක බැඳුම්කරය හා තවත් දහසක් දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට චෝදනා කරනවිට පුළුවන් නම් ඔප්පු කරන්න යැයි අභියෝග කළවුන් දැන් ජනාධිපතිවරයාට සෘජුව චෝදනා කරමින් ප්‍රීතිවෙති. මෙහි තිබෙන කණගාටුදායක තත්වය තමයි ඉතිහාසය පුරාම මෙම නායකයෝ දූෂණ හා අපරාධ වෙනත් අකටයුතුකම් ඇති කරමින් ඈත අනාගතයේදීද එසේ කිරීමයි. මේවාට අහුවෙන්නේ බොහොම කලාතුරකින් එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. එසේ වූවිට අනුගාමිකයෝ උද්දාමයට පත්වෙති. කොටසක් තමන්ගේ නායකයන් යටතේ අල්ලස දූෂණය හා හොරකම පිටුදකින බවට වහසිබස් දොඩති. අනික් පිරිස පාලකයෝ දූෂිතයන් බවට මොරදෙති. නමුත් ඔවුන් සත්‍යය පිළිගැනීමට සූදානම් නැත.

:       33       106

Saama Saturday, 05 May 2018 06:18 AM

නිලධාරීන් මෙහෙම අල්ලස් ගන්නවා නම් ඇමැතිවරු කොහොම ගන්නවා ඇතිද?

:       1       54

Mahee Saturday, 05 May 2018 07:23 AM

නැවත නැවතත් මම හිතන්නේ සරත් ජයමාන්න මහත්තයාගේ වැඩ කිඩ තමයි මේ. දිල්රුක්ෂිට වැඩ කරන්න නම් දුන්නේ නෑ. සරත්ට දෙන්නෙත් නැහැ. හැබැයි, සරත් ජයමාන්න කාගෙන යනවා.. ජයවේවා ඔබට !!!

:       0       116

hewawitharana Saturday, 05 May 2018 09:27 PM

තව ටික කලකින් අපිටත්, ලෝකයටත් දැනගන්න පුළුවන් දෙයක් පහතින් දක්වමි. මේඩින් ශ්‍රී ලංකා...

:       0       0

Chanak Los angeles Saturday, 05 May 2018 11:02 PM

යමක් ඉගෙනගත් උපාධිධාරියෙක් රටේ ජීවත් වීමේදී සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා නීතිගරුකව යුක්තිගරුකව ජීවත් වීමට ඉටාගත යුතුයි. ආචාර්ය පදවියක් සතුවී තිබියදීත් එමගින් සාධාරණ ලෙස දියුණුවීමට නොසිතා අයථා අන්දමින් මුදල් ඉපැයීමට පෙළඹීම මොනතරම් අසික්කිතද?

:       0       2

Asanka Sunday, 06 May 2018 05:55 AM

අල්ලස් ගෙන හසුවූ දිසානායකගේ පවුල සහ ජනාධිපතිගේ පවුල සමීපතම හිතවතුන් බව හෙළිකරන සේයාරූ මාධ්‍යයට නිකුත්වෙලා තියනවා. දිසානායක පුත්‍රයා ශෂිමාල් දිසානායක සහ ජයන්ති බිරිඳ, දහම් පුත්‍රයා, තිළිණ බෑණා එම ඡායාරූපවල සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ලන්ඩන් බලා ගිය අවස්ථාවේ රැගෙන ගිය පිරිස සමග ගොස් තිබෙනවා. කරුණාකරලා මෙම සත්‍යය ප්‍රකාශ කරන්න.

:       0       3

Chanak Los angelesSunday, 06 May 2018 05:07 PM

මමත් දුටුවා අත්අඩංගුවට ගත්විට ඔහුගෙන් දිගට හරහට උසස් කෙනාගේ දුරකතනයට ඇමතුම් අාවා කියලත් තිබුණා... හැම නායකයන්ම බලය ඉල්ලන්නේ ඥාති සංග්‍රහ හිතවත්කම් වලට ගැති නොවී පරමාධිපත්‍ය මත කටයුතු කරනවා කියමින් නේද? නමුත් ඔවුන් බලයට පත්වූ පසුදා හිටන් කරන්නේ එහි අනෙක් පැත්තයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 62 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 177 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2582 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 743 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 241 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 602 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site