බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇත.
එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක එම් ඩී ඩී පී ගුණතිලක මහතා අද (22) අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් කට උත්තර ලියා ගත්තේය.
දැනටම තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා කොළඹ, ගම්පහ හා කළුතර ව්‍යාපෘති 333ක් මෙම මුදල් යොදා ඇතැයිද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට විරුද්ධ මතයක් දරන සියලුම දෙනා හොරුන් බවට හංවඩු ගහනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න මේ ආණ්ඩුවට බෑ..මර්වින් සිල්වා,මීගමුවේ කුඩු ගෙනාපු අය එතනෝල් ගෙනාපු අය,වනාන්තර විනාශ කරන අය අද ඇමතිවරු වෙලා සැප විඳිද්දී මහජනයා වෙනුවෙන් හඬක් නගන සියලුම දෙනා හොරුන්..මොවුනුත් ආණ්ඩුවට එකතු වුනානම් මේ කිසිම චෝදනාවක් නෑ (බ)
යහපාලනේට හේත්තු වෙලා 'වෙනසට ' පක්ෂ වුනානම් දැන් ඉන්න සෙට් එක වගේ සියලු දොස් නිරාවරණය වෙලා පිරිසිදු චරිතයක් වෙනවා එක රැයෙන්. (බ)
'අවභාවිතය ' කියන්නේ 'හොරා කාල' නෙවෙයි. වෙනස තේරුම් ගන්න. ඒ සල්ලි වලින් වැඩක් කරලා, හැබැයි සියලු නීති හරියට අනුගමනය කරලා නැති බවක් වගේ දෙයක් තමයි නිමිත්ත. (බ)
වාව්.. සප්‍රයිස් සප්‍රයිස්..(බ)
අනේ අපේ සල්ලි.....! මේ ඔක්කොම එකයි (නි)
මහින්දටත් තිබුණා නේද ඔය යහපාලනෙට හේත්තු වුණ හොරුන්ගේ ෆයිල් එළියට දාලා නඩු දාන්න. ජනාධිපතිවරණය කැඳවපු දා පටන් 9 වෙනිදා දක්වා වුණත් ඒ වැඩේ කරන්න තිබුණා. එ්ත් ඒවා නොකර ෆයිල් කිහිල්ලේ ගහගෙන ඉඳලා දැන් තැන තැන අඬා දොඩා වැඩක් නැහැ. (නි)
අපි හිතමු ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා හොරු කියලා. සිරගත කළා කියලා. එතකොට රජය කරන වැරදි පෙන්නන්නේ කවුද? (නි)
අපේ රට කවදා දියුණුවේවිද? (නි)
මේක බරපතල වංචාවක් නොවෙයි, එච්චර සැළකිල්ලට ගතයුතු ප්‍රශ්නයක් නොවෙයි කියලා කියන අයත් සිටීවි (නි)
හරියටම හරි වි්‍ක්‍රම කොයි එකත් හොරා කනවා නමුත් වැඩියෙන් කාපු එවුන් තමයි යහපාලනේට හේත්තුවෙලා ඉන්නේ නැත්නම් උන්ගේ ඒවත් මේවගේ එලියට දානවා හේත්තුවෙලා ඉන්න නිසයි බේරිලා ඉන්නේ (බ)
ඔය නඩේ හැමෝම ඔය මහන්සි වෙන්නේ නැවතත් ඔය 'අව භාවිත ' යුගය ඇති කර ගන්නනේ. මහින්ද මහත්තයා වටා එක රැස් වෙලා ඉන්නේ අව භාවිත කරන්න ඉඩ දීල තිබුන කෙළෙහි ගුණේට. (බ)
ඡන්දෙට ඉස්සර විපක්ෂේ කට්ටියව කෙසේ හෝ ඇතුලට යවන්න නීතිය එවිල්ල දන්නේ නැද්ද? (බ)
බලාගෙන යද්දී මහින්ද වටේ ඉන්නේ ඔක්කොම හොරුනේ (බ)
මේ වගේ අයට මහත්මයා නෙමෙයි කියන්න ඕනෑ. (නි)
පුදුමේ කියන්නේ හොරු කියලා ලෙඩ දාන්නෙම මහින්ද වාදීන්ට විතරනේ. (බ)
ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියනවනේ (නි)
අනේ ප්‍රසන්න, යන්නකෝ යහපාලනයට. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් (නි)
අලුත් පක්ෂයේ කාර්යාලය වැලිකඩ පිහිටෙවුවා නම් හරි (නි)
ඕවා වහගන්න තමයි දැන් රටට අාදරෙයි කිය කියා උඩ පනින්නේ. එ්ත් අපේ මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ නැති එකයි දුක (නි)
එකට බද්ධවෙලා ඉන්න අයගේ පැටිකිරිය ඔය එන්නේ එළියට (නි)
රොකි, පහුගිය ආණ්ඩුවේ ඉඳලා දැන් ආණ්ඩුවට එකතුනොවුණු බලවත්තු ඔක්කොම, ඇත්ත කියලා නිවැරදි වියයුතුයි! (නි)
පුදුම වැඩක්නේ! පසුගිය ආණ්ඩුවේ ඉඳලා තියන බලවතුන් ඔක්කොම වගේ හොරු වගෙයි පෙනෙන්නේ! (නි)
දැන්නම් අපිට ගොඩක් දේවල් හිතාගන්න පුලුවන් (නි)
ඇයි ඉතින් දැන් ඡන්දයක් ළඟ ළඟම එනවනේ. (හේ)
පවතින රජයට සම්බන්ධ කිසිවෙක් හොරුන් නොවීම ගැන පුදුම සතුටක් මට තියෙන්නේ. (බ)
මේවා දකිනකොට සාමාන්‍ය අපිට තේරෙන විදියට නම් පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම ඕනෑම චෝදනාවක් මත නඩු දැමිය හැකියි. නමුත් ලොකුම විහිලුව වෙලා තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධ ශ්‍රීලනිපයට විරුද්ධ මත දරන මන්ත්‍රීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. (නි)