IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොටි හිතවාදීහු මස් රාත්තලම ඉල්ලති

පැරිස් නුවර පදිංචි දෙමළ ජන පිරිස් අයිෆල් කුළුන අසලට රැස්වී රතු කොඩි හා කොටි කොඩි වනමින්

ශ්‍රී ලංකාවේ යුද  බිම සිද්ධි ස්වාධීන පරීක්ෂණයකට යටත් කළ යුතු යැයි ඉල්ලා සිටියහ.

යුද්ධයෙන් මිය ගියැයි කියන අයගේ ඡායාරූප ද ඔවුන් අත විය.

යුද්ධය හමාර වී වසර හතරක් ගත වී ඇතත් යුද්ධයෙන් මළ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැතැයි ප්‍රංශ ඊලාම් දෙමළ කවුන්සිලයේ සභාපති තිරු තිරුච්චොට්ටි පැවසීය.

දහස් ගණන් දෙමළ ජනයා තවමත් ආගිය අතක් නැතැයි කීවේය.

146000 දෙනකු ගැන තොරතුරක් නැති බව ද ඔහු සඳහන් කළේය.

 අන්තර් ජාතික කොමිසමක් මගින් ශ්‍රී ලංකා යුද අපරාධ ගැන පරීක්ෂණයක් කළ යුතු බවත්, ශ්‍රී ලංකා රජයෙන් කරන පරීක්ෂණයක් නොපිළිගන්නා බවත් ඔහු කීවේය.



අදහස් (0)

කොටි හිතවාදීහු මස් රාත්තලම ඉල්ලති

ඩියෝ Tuesday, 21 May 2013 08:40 PM

ලංකාවේ දමිල ජාතිකයෝ හොදින් ඉන්නවා දැකලා ඇගේ මාලු නටනවා ඇති (නි)

:       0       0

දියෝ Tuesday, 21 May 2013 08:43 PM

මේ ගොල්ලන්ගේ නායකයාමනේ කිව්වේ සිංහලයට මතක තියෙන්නේ සති දෙකයි කියලා ,දැන්අපිට ඕවා මතක නැහැ (නි)

:       0       0

දිනේෂ් Wednesday, 22 May 2013 03:10 PM

මෙහේත් ඉන්නවා කට්ටිය අවුරුදු 15 ව 20 ටත් වැඩිය ලංකාවට නොයාම මෙහෙට වෙලා ඉන්න අය. මේ පැත්තට ආවා නම් බලාගන්න පුළුවන්. (නි)

:       0       0

සදී Tuesday, 21 May 2013 08:50 PM

මේ ගොල්ලන් කැමති නැහැ මේ රටේ සාමය ඇති වෙනවට.එතකොට මෙයාලට එන්න වෙනවනේ සැප අතහැරලා (අ)

:       0       0

ජෙර්මන්යේ සිට Tuesday, 21 May 2013 09:01 PM

මෙහෙ එන්න මම ඉන්න හරියෙත් ඉන්නවා අතුරුදහන් වෙච්ච අය ඕන තරම් ඒගොල්ලෝම පිලිගන්නවා ලංකාව හිතන් ඉන්නේ ඒගොල්ලෝ අතුරුදහන් කියල. (අ)

:       0       0

සේරම් පැරිස් Tuesday, 21 May 2013 09:12 PM

මේවා ඇදල බොරු පෙන්නලා තමා දැන් දේශපාලන රැකවරණ පතන්නේ .මොකද දෙන් යුරෝපයේ බොහෝ රටවල් දේසපාලන රැකවරණ දෙන්නේ නෙහෙ. (අ) .

:       0       0

කුරුවිට Wednesday, 22 May 2013 03:25 PM

වාංග යාළුවේ වාංග, ලංකාවට වාංග... (නි)

:       0       0

නීල් Wednesday, 22 May 2013 10:57 AM

පරිණාමයේදී ස්වාභාවිකවම ප්‍රතික්ෂේප වුනු මේ වර්ගයා හැමදාම ඉල්ලන්නේ නොකෙරෙන දේමයි. එක්කෝ රටෙන් බාගයක් නැත්නම් යුද්ධය ගැන ස්වාධීන පරීක්ෂණයක්. පලවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ ගැනත් ස්වාධීන පරීක්ෂණ තිබ්බද? නැහැ, දිනපු කණ්ඩායම තමන්ට නිෂේධ බලය තියාගෙන ජගත් සංවිධාන බිහිකළා. යුදෙවුවන් යුරෝපෙන් එළෙව්වා වගේ මොවුන්වත් සුද්දෝ ගහලා පන්නපු දාට යන්නවෙන්නේ නාඩුවට තමයි. (නි)

:       0       0

තෙශාන් Wednesday, 22 May 2013 11:02 AM

කොටි අතින් මරිච්චා ගැන මතක නැද්ද

:       0       0

ජ.හේරත් Wednesday, 22 May 2013 11:02 AM

අනේ අර කේ.පී . ළමයා, කරුණා ළමයා එහෙම ඉන්නේ. කරුණාකරලා එයාලගෙන් ඇහුවනම් හරියටම කියයි නේද ? අපිට පවු දෙන්න එපා ප්‍රංශ ඊළාම්.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 21 May 2013 09:43 PM

මේ තරම් දෙමල මිනිසුන්ට ආදරය් නම් ඇයි ප්‍රංහයට ගියේ? අපේ රටේ තත්වය යහපත් අතට හැරිලා නිදහස් රටක වේගවත් සංවර්ධනයක් කරා යන ගමනට කරුණාකරලා බාධා කරන්න එපා. තවමත් මතකයි කැබිතිගොල්ලෑවේ ලංගම බස් රථයේ බෝම්බයෙන් මියගිය කුඩා දරුවන් දිහා බලලා අති ගරු ජනාධිපතිතුමා පවා කදුළු හෙළුවා. මේ ගැන ඔයාලා කතා කරන්න. කෙතරම් වටිනා ජීවිත අපිට අහිමි වුනාද? ඒ කටුක අමිහිරි අතීතයක්. අනාගතේට මුහුණ දෙමු යහපත් මිනිසුන් ලෙසින්. ශ්‍රී ලාංකික සහෝදරයන් ලෙසින්. (නි)

:       0       0

ටිකිරි Wednesday, 22 May 2013 03:47 PM

ඉතින් ස්වාධීන පරීක්ෂණයක් තිබුනොත් ලංකාවට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද මානුෂික මෙහෙයුමේදී ලංකාවේ හමුදාව අහිංසක ජනතාවගේ මානව හිමිකම් කඩකිරීමක් නොකළ හින්දා. නමුත් ප්‍රශ්නය ඔය කියන පරීක්ෂණයට එන අය කොතරම් ස්වාදීනද කියන එකයි. (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 22 May 2013 11:26 AM

ප්‍රංශයෙන් එන ප්‍රෑන්ක් වලින් කොටින්ට දානේ දීලා පින් අනුමෝදන් කරන , (රට විකුණන ) අයත් ලකාවේ ඉන්නවා. (නි)

:       0       0

රන්ගශනී Tuesday, 21 May 2013 10:14 PM

අපි මෙයාලට මෛත්‍රී කරමු. දුක දරා ගන්න බැරුව ඇති තවම (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 10:22 PM

කොටියට මස් දුන්නත් , පීකුදු දුන්නත් , බිත්තර දුන්නත් කොටියා.. කොටියම තමයි.(නද)

:       0       0

පුසන්න Tuesday, 21 May 2013 10:24 PM

කවුරුවත් හිටියේ නැද්ද තිරුච්චොට්ටි උන්නැහැගෙන් අහන්න මේ ලෝකෙ මොන යුදදෙ ඉවර වුනාමද කියල හරියටම නිච්චියටම මිය ගිය අයගෙ ගණන ප්‍රසිද්ධ කළේ කියලා? ඒක කරන්න පුළුවන් දෙයක්ද?(නදී)

:       0       0

අමිළ Tuesday, 21 May 2013 10:47 PM

අනේ පොඩ්ඩක් මෙහාට ඇවිත් වනන්නකෝ.(නදී)

:       0       0

ඩී.උපුල් Wednesday, 22 May 2013 12:04 AM

මේක තමයි එකම ක්‍රමය යුරෝපයට වෙලා විස්කි බිබී ක්ලබ් වල නාඩගම් නටනටා පිස්සු කෙලින්න. රට සාමකාමී කියල පිළිගත්තොත් ඔය ඔක්කොම එහෙන් මෙහාට පටවනවා.(නදී)

:       0       0

නලීන් Wednesday, 22 May 2013 04:56 PM

පුදුම වෙන්ඩ දෙයක් නැහැ. අපේ කට්ටියකුත් ඔය දේම යාපනයට ගිහින් කරනවා (නි)

:       0       0

නලින් Wednesday, 22 May 2013 05:01 PM

අපේ යු.එන්.පී එක කරන්නෙ ඔය ටිකම තමා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 22 May 2013 02:03 AM

අතුරුදන් වෙච්ච 40%ක් ඉතාලියෙ පෑලර්මෝ වල ඉන්නව ඔනමනම් ඈවිත් කතාබහ කරල යන එකයි තියෙන්නෙ. ලංකාවෙත් වගකිවයුත්තෙක් ඉන්නවනම් ඉතාලියට එන්න හොර ගමන් බලපත්‍ර හදා දුන්නෙ කවුද කියල සහ ඉතාලි තානාපති කාර්‍යයාලයෙන් ඒ දවස්වල හොර සහතික වලට අත්සන් සහ සීල් තබා මොවුන්ට ලියකියවිලි අනුමත කරල දුන්නෙ කවුද කියල සොයා බෑලිය යුතුයි.(නදී)

:       0       0

ගීතාංජලී Wednesday, 22 May 2013 02:03 AM

අනේ මන්දා මෙයාලට පිස්සු.(නදී)

:       0       0

රනිල් Wednesday, 22 May 2013 01:15 PM

මේ අය පවසන දේ තුල ඇත්තක් නැතුවාම නොවේ නේද? පැත්තක් ගියත් ඇත්ත සොයාබලා ඒ අයට යුක්තිය ඉටුකිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක් (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 22 May 2013 05:20 AM

මේ වගේ අය මොන රටෙත් ඉන්නවා (නි)

:       0       0

සීලිය Wednesday, 22 May 2013 07:39 AM

මට අනෙක් රට වලට කියන්න තියෙන්නේ 'කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක් සිටි නම් පවුකාරයට ගලක් ගහන්න' කියපු කතාවයි (නි)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 07:47 AM

මේගොල්ලෝ මේ හැම එකකින්ම ඉල්ලන්නේ ඊලම නේ. එහෙම කරලා ඊලම ගත්ත දිනක,රටේ ඉතිරි ප්‍රදේශ වල ඉන්න දෙමල අයවත් ඊලමට ගන්නවද? සිංහලය සාමයට කැමති වුණත් හැමදාම නිදාගෙන ඉන්නේ නැත. (නි)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 07:13 PM

මෙයාලා කොහෙන් හරි කඩාවදිනවනේ.දැන් ගිය දේවල් ගියා. තව මොනවද මියගිය අය ගැන හොයන්නේ? (නි)

:       0       0

ධරිතා Wednesday, 22 May 2013 08:07 AM

අනේ ලංකාවට ඇවිත් උද්ඝෝෂනය කරන්නකෝ. (නදී)

:       0       0

රකිත් Wednesday, 22 May 2013 08:22 AM

මේ අයට දැන්ද මතක් වුනේ ස්වාධින පරීක්ෂණයක් ගැන. අවුරුදු 30ක් තිස්සේ රටේ තැන් තැන්වල බෝම්බ පිපිරෙන කොට, කොටි අහිංසක ගම්මාන විනාශ කරන කොට, සයිනයිඩ් කරල් කුඩා දරුවන්ගේ ගෙලේ බඳින කොට ඇයි දන්නේ නැහැ මේ වගේ පරීක්ෂණයක් ගැන මතක් වුනේ නැත්තේ. (නි)

:       0       0

රාජ් Wednesday, 22 May 2013 02:24 PM

ලංකාව තරම් සාමය, සතුට පිරි ලෝකයේ උතුම් රටක් වෙන නැත (නි)

:       0       0

කුමාර Tuesday, 21 May 2013 07:37 PM

අතුරුදහන් වුණු සියලුදෙනාම මම දන්න විදියට නම් ඉන්නේ එංගලන්තේ,ප්‍රංශයේ,ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, දකුණු අප්‍රිකාවේ,ඉන්දියාවේ,නොර්වේ, ස්වීඩන්,ඩෙන්මාර්ක්, ඉතාලියේ, මලයාසියාවේ,ජර්මනියේ... ඒ රටවලට ගියොත් සොයාගන්න පුළුවන්. (නි)

:       0       0

ශිරළ් Tuesday, 21 May 2013 07:48 PM

මේ මිනිස්සු ආවඩන්නෙම ගිය කෝච්චියට..... (නි)

:       0       0

රුබේරු Tuesday, 21 May 2013 07:58 PM

මිනි මර මරා ඉඳල අතුරුදහන් වුණු අය ප්‍රභාකරන් එක්කම දැන් ඉන්නේ අපායේ. යුද්දේ ඉල්ලන ඉතුරු අයටත් යන්න කියන්න වෙන්නේ එහාට තමා. (නි)

:       0       0

ජයී තිසර Wednesday, 22 May 2013 02:49 PM

තමිල්නාඩු වෛරය මුළු ලොව පතුරනවා.. වැනිසි වෙළෙන්දට වුන දේ සිහිපත් වෙනවා.. ශබ්දෙ ඇසී ගෙජ්ජි හඬට බල්ලො බුරනවා.. හරි වේගෙන් යන තවලම පෙරට ඇදෙනවා (නි)

:       0       0

රණවීර Wednesday, 22 May 2013 09:18 AM

පුලුවන් නම් එන්න මල්ලි අපිත් එක්ක හැප්පෙන්න. (නි)

:       0       0

නිරෝෂා Wednesday, 22 May 2013 02:57 PM

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ග සාමයෙන් ජීවත් වෙන හැටි පිටරට සිටින ‍දේශද්‍රෝහින්ට ඇහේ කටු අනිනනවා වාගේ ඇති (නි)

:       0       0

අනුර Tuesday, 21 May 2013 08:12 PM

අපි ඕනේ නම් කියලා දෙන්නම් අපේ මිනිස්සු කි දෙනෙක් කොටි නිසා මිය ගියාද කියලා (දී)

:       0       0

ශාන්තලාල් Tuesday, 21 May 2013 08:17 PM

අපායේ එක්ලක්ෂ පන්දහසක් ඉන්නවා. කරුමෙක මහතා දැන් එතනත් ඊලාම් රජයක් හදන්න සූදානම් වෙනවා නායකයෝ ටික එන නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 918 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 430 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 937 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3402 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 608 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site