කටුකුරුන්දේ වාලුකාරාමයට මීටර 200ක් පමණ දුරින් මස් කඩයක් විවෘත කිරීමට ගත් උත්සාහය සාකච්ඡා මාර්ගයෙන් අද විසඳා ගත් බව වාලුකාරාමාධිපති නෑහින්නේ අරියඥාන නාහිමියෝ කියති.
මස් කඩයට එරෙහිව මහා සංඝරත්නය හා ගැමියෝ අද පොලිසියට ද පැමිණිලි කළහ.
කටුකුරුන්දේ වාලුකාරාමයට මීටර 200ක් පමණ දුරින් මස් කඩයක් විවෘත කිරීමට ගත් උත්සාහය සාකච්ඡා මාර්ගයෙන් අද විසඳා ගත් බව වාලුකාරාමාධිපති නෑහින්නේ අරියඥාන නාහිමියෝ කියති.
මස් කඩයට එරෙහිව මහා සංඝරත්නය හා ගැමියෝ අද පොලිසියට ද පැමිණිලි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල් ගේ කතාවට නම් මම එකඟයි සත්තු මරාගෙන කන්න බුදු දහමේ කොතනකවත් කියලා නැහැ (දී)
දත් තිබුණු පලියට මස් කන්න අවශ්‍ය නැහැ. මොකද ජීවියා පරිණාමය වෙනකොට මේ දත් වල ස්වභාවය මස් කන සත්තුන්ට වඩා වෙනස් වෙලා තියෙනවා. ජීවියා පහල උන කාලෙට වඩා අද වෙනස් . අපි ඇඳුම් ඇඳීම එකට උදාහරණයක්. ලෝකෙට ආගම පහල වෙලා මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ගොඩ නගනවා . එහෙම එකේ උල් දත් තිබුන පලියට සත්තු මරණ කන්න අවශ්‍ය නැහැ . ඔබව කවුරුහරි මරනවට ඔබ කැමතිද ? අත්තානං උපමං කත්වා. (දී)
විජේසිංහ මහත්මයත්, ෆස්රුල්-ගෆුර් මහත්මයත් මේ තීරයට ලියන්නේ මොනතරම් සංයමයකින්ද. මම කැමතියි මේ තීරය අධ්‍යාපනික වශයෙනුත් පාඨකයින්ට ඉතාමත් ප්‍රයෝජනවත් සංසදයක් වෙනාවා දකින්න. (දී)
අනේ සාදු (දී)
විජේසිංහ මහතා ඉතාමත් වටිනා අදහසක් පළකර තිබෙනවා. මිනිසුන්වන අප මාංශ භක්ෂක හෝ ශාක භක්ෂක නොවේ. මේ දෙකම අපට වලංගුය. ඒ අනුව තමා අපට අපේ දත් පිහිටා තිබෙන්නේ. කෘන්තක රදනක පුරස්චාර්වක හා චාර්වක ලෙස.(අ)
මේ රටේ වැඩියෙන්ම මස් කන්නේ සිංහල බෞද්ද අය බව මම හොඳට දන්නවා. (මරල, උයල, දුන්නොත් කනවා)
මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම ඉතාමත් සතුටුදායකය්. ලෝකයේ ඕනෙම ප්‍රශ්නයකට විසඳුම් තිබෙනවා එය විසඳා ගැනීමේදී අපි බුද්ධිමත් විය යුතුය. ලංකාවේ හරක් මැරීම සුදුසු නැත්නම් විකල්පයක් ලෙස පිටරටින් මස් ගෙන්වීම සුදුසුය් කියා සිතමි. කැමති අය අනුභව කල හැක. මේ සඳහා අපි අතරේ කිසිම සංවාදයක් හෝ අනවශ්‍ය තර්ක විතර්ක අවශ්‍ය නැත. ලාංකිකයින් හැටියට බුද්ධිමත්ව සියලුම ප්‍රශ්නදෙස බලා විසඳුම් සෙවීම කාලෝචිතය කියා සිතමි. (දී)
ඩෙලෝන් ඔයාලාගෙ ගෙදර මස් කඩයක් දාගන්නකො.. කොහොමත් ඔය ඔයාවගේ බොරු ආගම් කාරයෝ ඉතින් ආගම පතුරවන්න මිනී උනත් මරන අයනේ.. ඉතින් සතුත් මොනද නේද.... (දී)
1505 ලංකාවට ආ පෘතිගීසි කාරයා සිංහලුන්ට මස් කෑම, මත්පැන් බීම, ගණිකා සේවනය වැනි දේශීය සංස්කෘතියට නොගැලපෙන දේවල් කරන්න අවසර ලබා ගත්තේ වංචනිකවයි. ගෙරි හමක් එලා ගන්න අවසර ඉල්ලපු අය රටෙන් භාගයක්ම අල්ල ගත්ත විතරක් නොවෙයි රට පුරාම ඒ ගොල්ලන්ගේ ආගමික ස්ථානත් ඉදි කර ගත්තා. සිංහල බෞද්ධයා මේ සියල්ල ඉවසා දරා සිටි නිසා දැන් මස් කඩ, වයින් ස්ටෝර්ස්, ගණිකා නිවාස පන්සල් ඉදිරි පිටම පවත්වාගෙන යන්නේ බුද්ධාගමේ ඉතිරි ටිකත් විනාශ කරලා දාන්න. දඹුල්ල ට කරලා තියෙන දේ පේනවනේ. (දී)
පන්සල මගින් සිද්ද වී ඇත්තේ ඉතා යහපත් ක්‍රියාවක්, කවුරු හෝ නැහැ කියනවද (දී)
සමහර සතුන්ට කොළ ජාති විතරක් කන විදිහේ දත් තියෙනවා ලු . සමහර සතුන්ට මස් ජාති විතරක් කන විදිහේ දත් තියෙනවා ලු . මිනිස්සුන්ට ඒ දෙකම තියෙනවා ලු . සොබා දහමට අනුව ජීවිත් වෙන්න බැරිලු (දී)
චමල්. නිශ්විත ධර්මයක්නම් එම ධර්මය පෘතුවියේ ඕනෙම තැනකට සුදුසුවිය යුතුයි . එතකොට ඔබ කියන්නේ බුදුදහම අංගසම්පූර්ණ නැහැ කියලද...? (දී)
මරික්කාර් , ඒ රටවල් වල ඉන්න අයට බුදු දහම සුදුසු නැහැ තමයි . ඒ රටවල් වල ඉන්න ඕනේ ඔයගොල්ලෝ වගේ කට්ටිය . ඔය කියන රටවල් වලත් එහෙම තමයි. පෙර පිනකට ගස් කෝලන් තියෙන රටක ඉපදුන එකේ සත්තු මරන්නේ නැතුව ශාක භක්ෂක වෙන්න . (දී)
මස් කන කට්ටිය මස් කාපුදෙන් නොකන කට්ටිය පාඩුවේ හිටපුදෙන්.(නදී)
මිනි මස් කන එක නවත්තන්න (දී)
බුද්ධිමත් මිනිස්සු කවදත් ප්‍රශ්න විසදුවේ සාකච්චා කරලා. (දී)
මේ මෙතනට ආගම් ගාව ගන්න එපා. මස් කන්න එපා එච්චරයි (දී)
එතකොට නිලි මස් කන්න පුලුවන්ද? (දී)
ගහ මරා ගන්නේ නැතුව සාකච්චා කරලා බේරා ගත්ත එක නම් ලොකු දෙයක් (දී)
සෑම ප්‍රශ්නයක්ම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න හැකි වීම ලොකු ජයග්‍රහනයක් නේද (දී)
රන්ජිත් සිල්වා! පුලුවන්න්නම් තව ටිකක් ඔබගේ අදහස පෙහැදිලි කරන්න. එහෙමනම් ඔබගේ අදහස අනුව අන්ටාටිචාවේ සහ ආර්තික් කලාපේ ජීවත්වන්නුන්ට බුදුදහම සුදුසු නැහේ කියලද ඔබ කියන්න හදන්නේ? (දී)
ගව ඝාතනයට විරුද්ධව කතා කරන විට සමහරක් අය අහල තිබුනා මේකද රටේ ලොකුම ප්‍රශ්නය කියලා. රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ රටේ තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය වේගයෙන් විනාශ වීගෙන යාම. මේක රටේ සංස්කෘතිය පිලිබද ප්‍රශ්නයක් මිසක් ආගම පිලිබද ප්‍රශ්නයක් නෙවෙයි. වැඩියෙන්ම ගව ඝාතන සිදු කරන ඇමරිකාව බල්ලන් මරණවට විරුද්ධයි. හේතුව බටහිර සංස්කෘතිය අනුව බල්ලා යනු ඒ අයට වඩාත් කිට්ටුම සතා නිසා. හැබැයි ඒ රටේ කවුරුත් කියන්නෙ නෑ හරක් මරන එකේ බල්ලො මැරුවට මොකද කියලා. ඒකට අපේ රටේ පණ්ඩිතයො ටික ගව ඝාතනයට විරුද්ධ වුනාම මාලු, කුකුලො ගැන කතා කරනවා.(නදී)
ඩෙලෝන්. ටොයිලට් එක ළඟ ප්ලේ ග්‍රවුන්ඩ් එක හැදුවට පන්සල ළඟ මස් කඩේ හදන්ඩ බැහැ. මොකද මේක බුද්ධාගමේ රටක්. (දී)
මස් නොකන කට්ටිය ඔහේ හිටපුදෙන් කියන අයගේ මස් දවසක කනකොට තේරේවි මස් කාම නතර කන්න උත්සාහ කලානම් හොඳ බව. . මනුස්සයා යනු එළවලු සහ පලතුරු පමණක් ආහාරයට ගෙන ජීවත් වියයුතු අයෙකි. (දී)
සත්තු මරාගෙන කන එක හරි ලොකු දෙයක්ද (දී)
ඔහොම ගියහම පන්සලෙත් මස් කඩයක් දාවි. එතකොටත් කියන්නේ "මස් කන කට්ටිය මස් කාපුදෙන් නොකන කට්ටිය පාඩුවේ හිටපුදෙන්" කියලද? (දී)