කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන මගින් පාසල් සිසුවකු ඇතුළු පිරිසකට පොලිසියෙන් කළ අසාධාරණය ගැන සොයා බලන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (29) පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළේය.
කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, කොටදෙනියාව පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී සහ කොටදෙනියාව පොලිසියේ තවත් පස් දෙනෙක් එහි වඋග්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය වන අයුරින් කොටදෙනියාවේ ගම්වාසීන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, නීති විරෝධීව රඳවා ගබා ගැනීම, කෘර සහ අවමන් සහගත ලෙස සැලකීම අදී දෑ ගැන සොයා බලා වැරදි කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් වින්දිතයන්ට සාධාරණයක් කරන ලෙසත් එම සංගමය පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇත.
කොටදෙනියාව පොලිසිය පවත්වාගෙන ගියැයි කියන වෙඩි බෙහෙත් වත්තේ වධකාගාරය ගැන සොයන ලෙස ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා තිබේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොටදෙනියාව පොලිසිය කොමිසමට ගෙන යයි
ඉසුරන්දි Thursday, 29 October 2015 08:05 AM
දුප්පත් මිනිසුන්ට වෙන අසාධාරණයට එරෙහිව කවුරුන් හෝ නැඟීසිටීම අගය කළයුතුයි. (නි)
විජයබාහු Thursday, 29 October 2015 09:36 AM
ජනමාධ්‍ය ඕකට සම්බන්ධයි නේද? (ම)
ලක්සිත පැරිසිය Thursday, 29 October 2015 10:03 AM
හරිම හොදයි ... (ම)