කරන්දෙනිය බොරකන්ද ප්‍රදේශයේ කටුපොල් ගසක් මුල තිබී විදේශ රටක නිෂ්පාදිත පෑනක් හැඩති ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සොයාගත් බව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි අවිය එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.
සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගයාන් සූරිය ආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd