නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මියගිය ජවිපෙ සාමාජිකයන් දෙදෙනාගේ අවමඟුල ජවිපෙ නායකයන්ගේ සහභාගීත්වයෙන් කටුවනදී අද සිදුවිය. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස් මීට ආහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම ද්වීපයකට ගිය කළ... මේකටද ආශ්චර්ය කියන්නෙ..?
අවුරැදු 30ක් තිස්සෙ මිනී මරා ගත්තා.. තව මදිද?
දැන් නම් ඉතින් ප්‍රසිද්ධියටත් එක්ක මල ගෙදරත් විකුණන් කයි.
දිට්ඨ ධම්ම වේදනීය කර්ම
සියලුම විපක්ෂයේ පක්ෂ තහනම් කරන්න ඕන.. එතාකට මේවගේ අපරාධ නවතී..
අද ඊයෙ ඉඳලා ජ.වි.පෙ. පස්සෙන් යන අඳබාල පොඩ්ඩන් නොදන්නවා උණාට අපිට මතකයි ඒ දවස් වල ඔය ජ.වි.පෙ. උදවිය මළ ගෙදරක මිනිය ගෙනියද්දි කඹ දාල දණහිසට පහළින්, අවමන් සහගත ලෙස ගෙනියන්න කියලා කැලෑ නීති දාපු හැටි. බිරියන් කීදෙනෙක් තම ආදරණීය සැමියන්ව, දරුවන් කී දෙනෙක් ආදරණීය තාත්තලාව එහෙම දුකසේ වළලන්නට ඇද්ද?
මේක තියෙන සමහර comments දැක්කම ඇත්තටම දුකයි.. එලිපිට මිනී මරණ එක අනුමත කරනවා සමහරැ.. ඒ අයටත් ඔයවගේ දෙය්ක උනානම් තමා තේරෙන්නෙ..
කටුනායක, හලාවත, කටුවන... ඊළගට කොහෙද??
ප්‍රනීත්, එතකො ඔයා කියන්නේ එදා එහෙම කරා කියල අද මෙහෙම කළාම හරිද?
මෙතන ගැටලුව ජනතා විමුක්ති පෙරමුණ අද බාල දේශපාලනයෙක යෙදීම නොව රාජ්ය යාන්තනය ඔවුනට විරුද්දව ගෙනයන මර්දනකාරී ක්‍රියා පිළිවෙති.ජනතා විමුක්ති පෙරමුණේ යටගියාව අප දැන සිටියද ඔවුන් ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටීම අමතක කල නොහැක.
ඝාතකයන්ට සාප වේවා !!!
කාටද ආඩම්බර ?
මෙය එක පක්ෂයකට අයිති මරණයක් නොව මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි තරම් දුරට තියනවාද, රටේ නීතිය කොයි තරම් දුරට ක්‍රියාත්ම වෙනවාද කියන ප්‍රශ්ණයයි. මිය ගිය දෙදෙනාට සහ එම පව්ලේ අයට අපගේ ශෝකය...
මෙය එක පක්ෂයකට අයිති මරණයක් නොව මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි තරම් දුරට තියනවාද, රටේ නීතිය කොයි තරම් දුරට ක්‍රියාත්ම වෙනවාද කියන ප්‍රශ්ණයයි. මිය ගිය දෙදෙනාට සහ එම පව්ලේ අයට අපගේ ශෝකය... 2002 ජුලි 02 දින ලංකාදීපය බැලුවොත් සමහර විට මේ සැකකරැවන් සැගවී ඇති තැන ගැන යම් අනුමානයක් ගත හැක
පව් නිරායුධ අසරණයෝ දෙන්න....
එක ඡක්දයක් දහසක් වටිනවාලු.. දැන් දෙන්නෙක් නැතිවුනානෙ.. මේ අපේ අහිංසක පුරවැසියෝ නේද??
මගේ මිත්‍රයා(ජනයා) කියපු කතාව හරියටම හරි...
අපේ මහින්ද මහත්තයටත් බැරිඋනානෙ මිනිස්සුන්ට නිදහසේ ඉන්න රටක් බිහිකරන්න.. මෙච්චර යුද්දෙත් නවත්තල
අනේ කාලකන්නියනී ... ඕගොල්ලෝ JVP එකට මිනියක් හම්බුනා කියල කෑගහන්නේ මරපු අය ගැන කතා කරන්නැද්ද?? කව්රු හරි නැතිඋනම තමයි තේරෙන්න කඩේ ගියපු තරම!!!
ඔබතුමාලා e news බලනවද?
අනේ අර පෙට්ටියෙ මුල්ල අරයගෙ තට්ට ගෙඩියෙ ටිකක් සැරට වැදුන්නං මංමුලා වෙච්චි ජෙප්පන්ට තව වාචාල දේශන ටිකක් අහගන්ට තිබුණ හික් හික්..
අපෝ ඒකෙ තියෙන ඒව අහනකොට හිනා යන්නෙ අධෝ මුඛෙන්... හික් හික්..
ඔය කෑ ගහන අයගේ කව්රු හරි නැතිඋනම තමයි තේරෙන්න කඩේ ගියපු තරම!!!
නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ????
ලොකු අයගේ සැපත වෙනුවෙන් දිවි පිදූ අහිංසකයන් දෙදෙනෙක්...
නීතියක් නැති රටේ අපි හැමෝටම " අනිච්චා වත සංඛාරා" තමයි
එයාල (නිවන්) යනව අපේ (නම) යනව ! මිය ගිය අයගේ පවුල් වලට බලවත් ශෝකය ! රහස් පොලිසිය රහසෙන් අල්ලල රහසෙන්ම දඬුවම් දේවිද දන්නෑ නේ ?
මොන දහමකින් දේශනා කළත් වැඩක් නෑ.අපේ රටේ මිනී මරන එක නවත්වන්න බෑ
අහෝ... දුකකි... බුලතකි.... සීනුවකි
අම්මෝ ඇති යන්තම් සහෝදරයොන්‍ට විකුණන්න මිණියක් හම්බවෙලා.....හොදට අඩන්න ...
ඔය කට්ටිය හුගක් කාලෙක ඉදලා දැගලුවා මිනියක් කර ගහන්න.දැන් නින්න යයි
JVP එකට ලකුණු දාගන්න හොදම වෙලාව. 88/89 කාලෙත් හමුදා වෙඩි පහරකින් අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් මැරෙනකම් බලන් හිටියේ ගිරිය යටින් කැගහන්න
පොඩි විජේ, මරු සිරා වගේ අය කලින් මැරුනේ අපරාදෙනේ.ඉවසගෙන තව ටික කලක් හිටිය නම් මේ මිනීමරුවන්ට වගේ සැපසේ ඉන්න තිබුණා
මෙහෙම ගියොත් අපිට රටක් නැතිව යයි.. පරීක්ෂණයකට අණදීම---->කොමිසම පත් කිරීම---->කොමිසමේ නිගමන වාර්තාවම වහාම දෙන්නැයි නියෝග කිරීම----->වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම------> සියලු පුවත්පත්වල මාධ්යය ගෝසාව----->කොමිසම මාස දෙකතුනක් කල් මැරීම-----> තමන්ගේ වාර්තාව යයි කියා ෆයිල් මිටියක් දීම ----> කොමිසම් වාර්තාව අකුරක් නෑර කියවිම-----> හොරු නිවී සැනසිල්ලේ හොරකම් කරමින් ඡායාරූප වලට පවා පෙනී සිටීම---->ඊලඟ පරීක්ශණයට අණදීම------->??????? ආශ්චර්යය තමයි
කාටද ආඩම්බර ? තාප්පවල පෝස්ටර්වලට මාතෘකාවක් නැතිව හිටියේ . කවුරු කරත් ස්තූතියි නේද ?
ලොකු අයගේ සතුට වෙනුවෙන් දිවි පිදු අහිංසකයන්...
ඔබ දෙපලට නිවන් සුව...
මෙයාලගේ මූණේ තියෙන්නේ සතුටක් නේද?
මේ වෙච්ච දෙයින් එයාලගේ පක්ෂයට පොඩි වරමක් ලැබුණා වගේ
නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ???
අපි තුවක්කුතරුවා ඇදිරුවේ නැති වුණාට එතන හිටපු අය අදුරනවලු නේද මහත්තයෝ? ඇයි ආයිබොවන්ඩ මේ රටේ නීති දෙකක්
මේ පුවත නිවැරදි කරන්න. නාදුනන තුවක්කු කරුවන් විසින් මොවුන් මරා දැමුවා නොව හදුනාගත් ආණ්ඩුවේ අතකොලු බවට පත්ව සිටින දේශපාලන මැරයන් විසින් මෙම ඝාතන සිදුකරන ලදී. ආණ්ඩුව අපරාධකරුවන් සිටින තැනක් දන්නේ නම් දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලිසිය ආණ්ඩුව ආරක්ෂා කිරීමේ මහා මෙහෙයුමක යෙදී සිටී.
2002 ජුලි 02 දින ලංකාදීපය බැලුවොත් මේ මිනීමරුවා සැගවී ඇති තැන ගැන යම් අනුමානයක් ගත හැක
ඇති යන්තම් . දැන් JVP එකට ටික කාලෙකට ඕක ඇති.
වෙන්ත අය වසන්තය සමරණ කාලෙ මිනිය පෙන්නා බලය පෙන්වන ළෙපාලි දැක ඇත්තෙමු... අනේ අසරණයො..ඔබලාට නිවන් සුව..
jvp සහෝදරයෝ වේලි වේලිනේ හිටියේ .දැන් හොඳායි!!!!!!!!!!