හොරොයින් මත් කුඩු පාලනය හා අපරාධ වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටවීමට එම සංවිධානය එකඟවී සිටී.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව එම පියවර ගැනිණි. අන්තර්ජාතික කුඩු ජාවාරමුන් යුරෝපයට අප්‍රිකාවට හා ආසියාවේ සෙසු රටවලට කුඩු යැවීමට ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ යොදා ගනිතියි රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දොහා සමුළුවේදී කියා සිටියේය.
ඔහුගේ ඉල්ලීම පිළිගත් සමුළුව ජගත් සමුළුවේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට පැමිණ රනිල් වික්‍රමසිංහ අගමැති සමග සාකච්ඡා කළේය.
මත් කුඩු පාලනය පිළිබඳ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටවීමෙන් දකුණු වෙරළේ කුඩු ජාවාරම මර්දනය කිරීමේ සහාය ලබාගත හැකි බවත් පොලිසිය, යුද හමුදාව හා අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයද සමග සහයෝගයෙන් ක්‍රියා කරන බවත් අධිකරණ අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නම්බුනාමය. (ස)
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
ඕක කොලොන්නාව පැත්තේම පිහිවෙව්වනම් තමයි හොඳ. (ස)
ලෝකෙම තියන මහා බැංකු කාර්යාල ටිකත් මෙහෙට ගේන්නකෝ බැංකු අධිපතිට නොදැනෙන්නම අපිට කොල්ල කා ගන්න පුළුවන්. මෙහෙ ආණ්ඩුවේ ඉන්න මෝඩයෝ සේරම එක පිළිගන්නවා. (බ)
එතකොට කොලොම්බියාවේ පකිස්ථානයේත් ඔය කට්ටියගේ කාර්යාල තියනවද?ඕකත් අලුත් ගේමක් වගේ අපේ රටට රිංගන්න (ස)
ඉල්ලන් කැමක්ද? (ස)
ඉහත ප්‍රතිචාර වලින් පෙනෙන්නේ "කුඩු තිබුනට කමක් නැහැ. ඒවා වළක්වන්න කාර්යාලය එපා" කියලා. කොහොමද සංවර්ධනය! (නි)
අපේ වෙලේ සුදාව ඒකෙ නේවාසික නිත්‍ය නියෝජිතයා හැටියට පත්කළා නම් හොඳ නැද්ද? (නි)
අප්පේ, අර පාවෙන අවි ගබඩාවක් තිබිලත් ඔය දකුණු වෙරළේ ඔහොම වුනාද? (බ)