IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කුඩු මර්දනයේ දී පොලිසිය ෆේල්

(සුමිත් පොතුපිටිය )

වසර 40 ක් මුළුල්ලේ මත්‍ද්‍රව්‍ය මැඩලන්න පොලිසිය අසමත් වෙලා යැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ අද කළුතර පැවතී සාර කැදැල්ලට පාර කියන්නට යන සංකල්පය යටතේ පැවැත්වූ වැඩසටහන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .මත්කුඩු නතර කරන්න බැරිවෙලා තියෙන්නේ එයින් ලැබෙන අති විශාල ලාභය සහ ධනස්කන්ධය නිසා. මේකෙන් ලෙසියෙන් මුදල් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මත්කුඩු ගංජා මත්පෙති අද  වනවිට පාසල් දරුවන් අතටත් පත්වෙලා. මේක නතර කිරීම පොලිස් ස්ථානාධිපති වරුන්ගේ වගකීම.

1982 පළවෙනියා හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තා. ඔහු සංචාරක මගපෙන්වනෙක්. අද නගර උප නගර ගම් ග්‍රාම සේවා වසම් 14022 ක පාසල් ළමුන් කරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා.

මේක නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා . එකක් සැපයුම නතර කරන්න ඕන අනික ඉල්ලුම නතර කරන්න ඕන.

ෙඒ සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕන.  අපි තරම් පන්සල් පල්ලි කෝවිල් යන ජාතියක් නෑ. ඒත් එයින් ලබාදෙන පණිවුඩය බොහෝ දෙනෙක් ලබාගෙන නෑ. මෙය නතර කරන්න මුල්වෙන්නේ පන්සලද ? පල්ලිය ද ? කෝවිල ද කියන එක අදාල නෑ. අපි සියලු දෙනා එක්වෙලා මෙය නතර කල යුතුයි.

කළුතර පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 17 ක ප්‍රජා පොලිස් ඒකක 94 ක මත් ද්‍රව්‍ය අබ්බැහිවුවන් 171 ක් සහ පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 13 ක ප්‍රජා පොලිස් ඒකක 73 මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 146 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන් පවත්වන ලදී.

මෙහිදී එම පවුල්වල සාමාජිකයින්ට වියළි සළාක මළු බෙදාදීමක්ද සිදුකරන ලදී.



අදහස් (15)

කුඩු මර්දනයේ දී පොලිසිය ෆේල්

Nihal Saturday, 02 September 2023 01:04 PM

අල්ලන ඒවා විකුණන එක නතර නොකරන තුරු...

:       0       55

C.K.Lankaputhra Saturday, 02 September 2023 01:45 PM

අනික, ඔබතුමා මොන ක්‍රමයකින් හරි යුනිෆෝම් එක භාරදීලා වෙන රක්ෂාවක් හොයාගෙන යන්න...

:       34       40

Hafeel Saturday, 02 September 2023 01:47 PM

දූෂිත දේශපාලකයෝ මාර්ගයෙන් තමා රටතුල කුඩු, මත්‍ද්‍රව්‍ය එන්නේ. ඒ වගේම රටේ පාතාලය බිහි කලේත්, පෝසත් කලේත් දුෂිත දේශපාලකයින් විසින්මයි. මේ රටේ කළු ඉතිහාසයක් තියනවා හිටපු ජනාධිපති කෙනෙක් අධිකරණයෙන් දඬුවම් දුන්නු ප්‍රබල පාතාල නායකයකුට පොදු සමාවත් දීලා, සාම විනිසුරු පදක්කමුත් දීලා ගෞරවය කළා. මේවා මට්ටු කළ හැක්කේ ජනතාව වෙනස් වෙලා ජාතික ජනබලවේගය වගේ පිරිසිදු පාලනයකින් පමණයි...

:       32       52

කිරිපුතා Saturday, 02 September 2023 02:13 PM

කොතන හරි ලොකු ගැටලුවක් තියෙනවා. පොලිසිය, නීති පද්ධතිය, දේශපාලනය කරන අය මේ තුනේම එකතුවෙන් මත්ද්‍රව්‍ය අලෙවිය සහ පාතාලය හොඳින් කරගෙන යනවා..

:       1       57

sachith Saturday, 02 September 2023 02:18 PM

සමහර කතා තියෙනවා, ඒ කරුණ කොච්චර වැදගත් වුණත්, ඒක කියන එක්කෙනා දැක්කාම හිනා යනවා. මේකත් ඒ ජාතියේ කතාවක්..

:       37       33

ගමේ එකාලා Saturday, 02 September 2023 02:43 PM

පොලිසියේ උන්දෑලත් කුඩු ජාවාරම් කාරයින්ගෙන් පගාව අරන් ඔවුන්ව බේරලා යවනවා. දූෂිත දේශපාලුවන්ගෙනුත් ඔවුන්ට පිහිට, ආරක්ෂාව ලැබෙනවා. අල්ලන කුඩුත් හොර පාරෙන් ආයෙත් විකිණෙනවා. පොලිස් ලොක්කලා කියලා කරන්නේ දූෂිත දේශපාලුවෝ රකින එකනේ...?

:       0       41

ravin Saturday, 02 September 2023 03:06 PM

ඇත්ත... ඇත්ත...! ඒත් මෙන්න මෙහෙම ප්‍රවෘත්තියකුත් ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යය තුළින් දැක්කා. රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ විමර්ශනවලට යොමු කරන නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්කුඩු වෙනුවට සියයට හැටක පමණ තිබෙන්නේ වේදනා නාශක පෙති කුඩු, බිත්ති හුණු ඇතුළු ඒ සමාන විවිධ කුඩු වර්ග. ඉඩ ලැබුණු වෙලාවක විමර්ෂණය කරලා බලන්නකෝ...!

:       0       59

Nimal Saturday, 02 September 2023 03:15 PM

ඒගොල්ලෝ පාස්වෙන්නේ ඇමැතිවරුන්ගේ පාවහන් ලෙවකෑමේදී පමණයි.

:       0       41

Mohan Mapa Saturday, 02 September 2023 03:17 PM

ඇත්තත් කියනවා දැන්...

:       1       36

Perakum Sunday, 03 September 2023 06:48 AM

කියනවා නෙවෙයි කියැවෙනවා. තව කී දවසද?

:       0       1

නිහාල් Saturday, 02 September 2023 05:35 PM

අපි මොනා හරි කරන්න බලන්නම්. ඔයා පොලිස්පති කළොත් හරි කියලා හිතාගෙන හිටියේ. දැන් තේරෙනවා එකත් හරි යන්නේ නෑ වගේ.

:       18       14

විපරමා Saturday, 02 September 2023 05:44 PM

පවුල් පාලන ආණ්ඩුව කාලේ කුඩු වලින් නම් දරාපු අයත් උන්නා. පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහාය ඇතුව බේරලා ඇරියා. පොලිසිය ඒ අතින් නම් කියලා වැඩක් නැහැ.

:       11       14

Deasabandu P. A. kaya Saturday, 02 September 2023 08:00 PM

මෙයාට දැනුයි මිනිස්සු මතක් වෙලා තියෙන්නේ.. ඡන්දයක් ළඟ වගේ...!

:       12       10

Abaran Sunday, 03 September 2023 03:06 AM

මානව හිමිකම් රැකීම වගේ තවත් වැදගත් දේවල් වලිනුත් පොලිසිය ෆේල් කියලා අපිට නම් පෙනෙනවා. සමාජය කුණු වී ඇති ප්‍රමාණය යම් තාක්ද, ඊට සමානුපාතිකව පොලිසියද කුණුවෙමින් පවතී.

:       0       0

vipul weeerarathne Tuesday, 05 September 2023 08:59 AM

ඩ්‍රාමා ඇන්ඩ් ෆිල්ම්ස් ඔන්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1310 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2332 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1020 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9540 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3578 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site