වේලායුදන් මෙතියස් හෙවත් කුඩු මර්වින් අනභිමුඛයේ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය ඔහුට 20 වසරක සිර දඬුවම් නියම කළේය.
2008 දී හෙරොයින් ජාවාරමෙන් රුපියල් ලක්ෂ 290ක් දේපළ කැලණීයෙන් හිමිකර ගත්තැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. ඔහුට රුපියල් ලක්ෂ 255ක දඩ ගෙවන ලෙසද පද්මිණී එම්.රණවක මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
දඩය නොගෙව්වහොත් සිර දඬුවම තවත් වසර හතරකින් දීර්ඝ කරන බවද විනිසුරුවරිය කීවාය. මින් වසර කිහිපයකට පෙර කුඩු මර්වින් බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණයට රැගෙන එද්දී නාදුනන පිරිසක් ඔහු පැහැර ගෙන ගොස් ඇත. පසුව නඩුව විභාග වූයේ ඔහු නොමැතිවය.
ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්ද රතු නිවේදනයක් ද නිකුත් කැරිණි.
ඔහුට එරෙහි චෝදනා දෙකට අවුරුදු 20 බැගින් අවුරුදු 40ක සිර දඬුවම් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් උනේ වෙන කෙනෙක්ව. (ර)
මමත් මොහොතකට සතුටුවූනා මේ නම දැක්කම. (ර)
කුඩු මර්වින් කියන්නේ අර කැලණියේ මර්වින් සිල්වාද? (බ)
මාතෘකාව දැකපු ගමන් ඔලුවට ගියේ වෙන කෙනෙක් ගැන. (ර)
අනේ මම හිතපු කෙනා නෙමෙයිනේ (අ)
හරියට රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් අනිත් සමහර අයටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙන්න ඕනෑ (නි)
මේ හිටපු ලොක්කා ළඟ තිබුණු ෆයිල් එකක් වගේ. කොහොමහරි කමක් නැහැ අවුරුදු අටකට පස්සෙවත් මේ අවුරුදු ගණන් පරණ නඩුවලට තීරණයක් දෙන එක හොඳයි (නි)
කුඩු ළඟ තබාගැනීම මරණ දඬුවම නියමවන වරදක්. (නි)
කතාකරලා වැඩක් නැහැ මේවා ගැන (නි)
මෙහෙම මතක හිටින දඬුවම් දීමෙන් අපරාධ අවමවෙනවා (නි)
මේ මනුස්සයට දේශපාලන සම්බන්ධකම් නැතුව ඇති. එහෙම නැත්නම් කොහොමද ප්‍රසිද්ධ කුඩුකාරයෝ කිසි කරදරයක් නැතුව ඉන්නේ? (නි)
මට මේ නම මතක් වෙන කොට වෙන පුද්ගලයකු මතක් වුනා.(හේ)