අතුරුගිරියේ දී වෙඩි වැදුණු පුද්ගලයා මිය ගිය බව නවගමු රෝහල කියයි.
ඔහු ගමන් කරමින් සිටි වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් බව පොලිස් ආරංචි කියයි.
එම මෝටර් රථයෙන් කුඩු ප්‍රවාහනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මිය ගිය පුද්ගලයා ලාලිත කෞෂල්‍ය හෙවත් කුඩු ලාලිත ලෙස හඳුනා ගත් බව පොලීසිය කියයි.
රියේ සිටි තවත් අයෙක්ද තුවාල ලැබීය.සිද්ධිය සියැසින් දුටුවන් පවසනුයේ රතු පැහැ රියකින් පැමිණි පිරිසක් සුදු පැහැති රියට වෙඩි තැබු බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මසකට සැරයක් හරි මොලේ ඇති වැඩක් කරනවා නේද (නදී)
හරියට දුටු තැන වෙඩි තියන්න වගේ කළ වැඩක් (නි)
කුඩු ගෙනෙන අයටයි දඩුවම් දෙන්න ඕනෑ (නි)
සෑම්, ඒකේ නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මට හිතෙන විදියට (නි)
අවස්ථා කීපයකදී නිකන් වෙඩි තියල ජනතා අප්‍රසාදයට පත් උනානේ. දැන් වෙඩි තියල මැරුණම කියන්න හොඳම දේ තමයි කුඩු. කෙලින්ම මිනිස්සුන්ටමයි තියල තියෙන්නේ. පාරක් අයිනේ ඉන්නත් බයයි. මරල කියයි පාරේ හිටිය අය ලඟත් කුඩු තිබුන කියලා. (නදී)
ඕවා කරවන ලොකු ලොකු ඇත්තන්ටත් වෙඩි තිබ්බා නම් තමයි හොඳ (නි)
කුඩු රියක්ම කියලා හොඳටම දන්නෙ කොහොමද? (නි)
මේ වෙඩි තැබීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුනොවිය යුතු දෙයක් ලෙසයි මම නම් දකින්නේ. මොකද නිරායුධ මනුස්සයෙක් සැකයට පමණක් මරාදැමීම සිදු නොවිය යුතුයි (නි)
චමත් ඉතාලිය, ඔයා දන්නවද මෙයාලගේ ව්‍යාපාර නිසා කීදෙනෙක් පපුවේ ගින්දරෙන් ඉන්නවද කියලා. මවුවරු කීදෙනෙක් හූල්ලනවද. මේ අය පුනරුත්ථාපනය කරනවට වැඩිය ලේසියි සමාජයෙන් ඉවත් කිරීම. (නදී)
කුඩු කාරයෝ ගොඩක් පිට රට ඉදන් ගොන් මෝඩ කතා දමලා කුඩු වලට උඩ ගෙඩි දෙනවා මෝඩ කුඩු රජාලා (නදී)
මහ එකාවත් ඇල්ලුවානම් තමයි හොඳ (නදී)
නීති විරෝදී වැඩ වලටනම් මම එකහෙලාම විරුද්දයි. මෙහෙම නැතුව කවදාවත් මේ වසංගතේ අපේ රටෙන් තුරන් කරන්න බැහැ (නදී)
මොන බම්බුවටද තවත් නඩු දාන්නේ. වාහනයටම දාලා උන් දෙන්නවම ගිනි තිබ්බා නම් හරිනේ.(නදී)
මේ පින්තුර පිලිබඳ ප්‍රශ්නයක් තියනවා. එක වාහනයක මුහුණක් සහ තව වාහනයක පිටිපස්සක් (නදී)
පිස්සු කොමෙන්ට් දානවා මේ වගේ වෙඩි තියන්නේ අාවට ගියාට නෙවෙයි හරියට ඉන්ෆොමේෂන් ලැබුනහම. අනික වෙඩි තියන්න පුරුදු වෙන කට්ටිය නෙවෙයි වෙඩි තියන්නේ එ් ගැන හොද පුහුණුවක් තියන අය. එ් නිසා පාරේ ඉන්න මිනිස්සුන්ට කරදර වෙන්නේ නැහැ කුඩු අල්ලන නිසා තමයි මේ ඔක්කොම විවේචන අල්ලනේ නැත්තම් කුඩු ගැන කිසිම විවේචනයක් නැහැ නේ. පොලිසියට මගේ සුභ පැතුම් (නදී)
සේන ඔයා මේ ව්‍යාපාරයමද කරන්නේ ? අමනාප වෙන්න එපා ඔයාගේ අදහස් නිසයි ඇහුව්වේ. (නදී)
පොලිසිය දන්නෙත් නැහැ වගෙයි වෙඩි තිබ්බේ පොලිසිය කියලා. ඔහොම යමු ඔහොම යමු. (නි)
මුන්ව මරණ එක හොඳයි. මුන්ගේ ලොක්කන්ට මොනවත් නොකරානතාක් මේ වසංගතය ඉවර වෙන්නේ නැහැ. දැන් අල්ලපු කුඩ්ඩෝ ගැන බලපුවහම ලංකාවේ කුඩු නැතුව ඇති නේද? පොලෝසියට සහ මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලදාරින්ට උසස් වීම් සහ පඩි වැඩි වීමක් දුන්නොත් හොඳයි. (නදී)
කුඩුකාරයෝ ලංකාව නැති කරන්න ඉස්සෙල්ලා ඒ අය නැති කරලා දාන්න. එහෙම නැති උනොත් ලංකාව කුඩුකාරයන්ගේ රාජදානියක් වෙයි. (නදී)
කුඩු කාරයෝ හිරේ යවලා මරණ දඬුවම දීලා වැඩක් නැහැ හිරේ ගියත් ඇතුලේ ඉඳන් කරන්නෙත් කුඩු විකුණන එකම නේද? එයාල දන්නවා වෙන දෙන්න දඬුවමක් නැහැ කියලා. ඉතින් මේක තමයි හොඳම දඬුවම දෙන්න තියෙන. (නදී)
පවු අහිංසක හල්මස්සොන්ව මරනවා. ලොකු මෝරු නිදැල්ලේ. අනේ මෙහෙමත් නීතියක්. දන්නා කෙනෙක් කියන්නකෝ අර කුඩු කිලෝ ග්‍රෑම් 270 ගෙනාව අයට මොකද උනේ කියලා (නදී)
මෙතැන දාලා අදහස් දැක්කම පේනවා කි දෙනෙක් කුඩුවලට කැමතිද කියලා. කුඩු කියල නම ගැවුන එකෙක් වත් තියන්න හොද නැහැ අනාගත පරම්පරාව මේ උවදුරෙන් බෙර ගන්න නම්.(දිල්)
සිද්දියේ පිටුපස ඉන්න මෝරු ටික බේරගන්න තමයි සාමාන්‍යයෙන් පොඩි කුඩු වැඩ කාරයින්ව මරන්නේ. මේවා නොදන්නා ගිරව් කෑගහන එක සාමාන්‍ය දෙයක(දිල්)
කවුරු හරි දේශපාලුවෙකුගේ තක්කඩි වැඩ වලට කැමති උනේ නැති ව්‍යාපරිකයෙක්ද දන්නෙ න. බොරුවට කුඩු කුඩු කියල අහිංසක මිනිහෙක් උනත් මරන්න බැරි නෑ. අද රටේ තත්වෙ එහෙමයි. දේශපාලුවා කියන විදියට පොලිසිය නටනවා. මට නම් ඉතින් මේ හැම දේම සැකයි. ඇත්තටම කුඩ්ඩෙක් නම් ඉතින් වෙඩි තිව්වට කමක් නෑ. (නදී)
කුඩු කන්ටේනර් ගෙනාපු අයට වෙඩි තිබ්බේ නැත්තේ ඇයි ? (නදී)
මගේ ප්‍රණාමය පොලිසියට. කුඩුකාරයෝ මරලම ඉවරකරන්න (නදී)
මොවුන් මාරා දැමිය යුතුයි. මොකද මොවුන් හිරගෙදර ගියත් ඔය ටිකමයි කරන්නේ (නදී)
කව්රුවත් බයවෙන්න එපා, ලංකාවට කුඩු ගෙනෙන්නේ මොකාද, බෙදන්නේ මොකාද, ගහන්නේ මොකාද කියන ඔක්කොම විස්තර පොලිසිය හොඳට දන්නවා. ඒ අතරින් කාටද වෙඩිතියන්න ඕන කියලත් ඒගොල්ලෝ හොදට දන්නවා. (නදී)
මෙතන කොමෙන්ට් දාන බහුතරය මීට වඩා යමක් හිතන්න පුළුවන් අය කියලයි මම හිතාගෙන හිටියේ. මෙලෙස සැකකරුවන් මරා දැමීමේ ක්‍රමය මගින් විවිද පලිගැනීම් කරන්න පුළුවන්. ඒවගේම කුඩු අල්ලන බව රටට පෙන්නා සැබෑ කුඩු ව්‍යාපාරිකයන් ආරක්ෂාවීමේ ක්‍රමය තමයි මේක. මේ අය අල්ලලා ඇත්ත කීවොත් විවිද නම් ගම් වලි එලි වෙනවා. පොලිසියේ පුහුණුව ගැනනම් පහුගිය දවස්වල අපි ප්‍රවෘර්ති දැක්කනේ. කමක් නෑ. මෙහෙම මරලා ජනගහනය ටිකක් අඩු කරමු. නීතිය බල්ලට ගියාවේ. (නදී)
රාජකාරිය හරියට කළ පොලිස් නිලධාරින්ට හෙට වෙද්දි ස්ථාන මාරුවීම් ලැබෙයිද දන්නෙ නැහැ (නි)
මේවා නොකර හිටියම පොලිසියට බනිනවා. කරනකොටත් බනිනවා. (නි)
කුඩු ප්‍රවාහනය කළා කියලා සැක කල පමණින් වෙඩි තියලා මරලා දමපු එකට සුබ පැතුම් ? (දී)
නියම පහර දීමක්. කොහොමද කුඩු වාහනේ විතරක්. අපරාධ කාරයෝ කව්රු කලත් සුභ පැතුම් ! (නදී)
නියමයි (නදී)
මේ ජාතියේ අය එක එකාහරි ඉවර වෙන එකනම් ලොකූ දෙයක්. (නදී)
රට පෙරට (නදී)
කමෝන් ජයවේවා මගේ රට කුඩු වලින් දුරු වේවා (නදී)
කුඩු වලට කොහොමත් මරණ දඬුවම නේ දෙන්නේ. (නදී)
සන්තෝසයි (දී)
කුඩු ඉක්මනින් පොහොසත් වෙන්න ක්‍රමයක් වගේම ඉක්මනින් අපායේ යන්නත් ක්‍රමයක් (දී)
කුඩ්ඩා කුඩුවෙන්න තමයි වෙඩි තියන්න ඕනා මොකද හිරේ ගියත් කරන්නේ කුඩු වෙළදාම නිසා ..ස්තුතිය අපේ පොලිසියට (අ)
කුඩු ගෙනයාම කොහොම වුණත් වාහනේ නම් කුඩේ කුඩු වගේ.. (අ)
හොද වැඩක් කව්රු කලත් .(අ)
පව්,මනුස්ස ජිවිතයක් (අ)
මේවා ලංකාවට එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න තවම බැරි උනා නේද (දී)
චමත් ඇත්ත කතාව නමුත් මෙයාල නිසා තව කී දෙනෙක් මැරෙනවද (දී)
කඩු ලොක්කන්ව කවදද අල්ලනේ??? ඔය ඉන්නේ සොක්කෙක් නේද ?!! (දී)
කුඩු කුඩේ කුඩු. (නදී)
බුරුවො එක ජීවිතයක් නිසා තාව කීදෙනෙක් නැතිවෙනවද. (අ)
හොඳ වැඩක්. නමුත් සම්බන්ධ අනිත් ලොකු අය අල්ලන්න තරමක් අමාරුයි (නි)
පොලිසියට මගේ සුබ පැතුම්! (නි)
පොඩි අපිට තියෙන්නේ මෙහෙම වෙන දේ බලාගෙන ඉන්න විතරයි (නි)
මේ කුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු.නියමයි. ජයවේවා! (නි)
මෙහෙම මරන්න පුලුවන්ද? ඇත්තටම අහිංසකයො නම් , පාරේ ගිය අය මැරුනා නම්? ඒ නිසා මෙවැනි මෙහෙයුම් දැන්වත් නැවැත්විය යුතුයි නේද? (නි)
අර කන්ටේනරේටත් මොකුත් කරගන්න බැරි වුණානේ. කොහොමද ඒ වගේ එකකටත් දකිනකොටම වෙඩි තියාගෙන තියාගෙන ගියා නම්? අපේ රටේ දරුවන් සියල්ල එහෙනම් ගොඩනේ! (නි)
කියන්න වචන නැහැ මේවට (නි)
ඉතින් වාහනේ කුඩු තිබුනාද? (නි)
සැකය මත වෙඩි තැබීම නීතියට සම්පුර්ණ විරුද්ධ දෙයක් නොවේද? (නි)
මේ ඇත්තටම කුඩු ලාලිත නම් අපිට දුකක් නැහැ මේ සිදුවුණ දෙයට. (නි)
මියගිය තැනැත්තා කුඩු ප්‍රවාහනය කළා කියලා ඔප්පු කරන්න බැරි වුණොත් තමයි ප්‍රශ්නේ. (නි)
ඉතින් කුඩු ඇල්ලුවද? (නි)
කාර් එකේ අයිතිකාරයා කවුද දන්නේ නැහැ. (නි)