IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටෝනි කරුණානායක)

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් "කුඩු රෝහා" නැමැත්තා මීගමුව  කොච්චිකඩේ ප්‍රදේශයේ දී  පොලිසිය සමග අද  (24)අලුයම  ඇතිවූ වෙඩි හුවමාරුව දී මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.

කුඩු රෝහා නැමැත්තා ඉන්දියාවට පලා යාම සඳහා කොච්චිකඩේ ප්‍රදේශයේ වාඩියක  සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය එය වැටලීමට ගොස් තිබිණි. පොලිසියේ පැමිණීමත් සමගම ඔහු පලා යමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, පොලිසිය ප්‍රති පහර එල්ල කිරීමේ දී මියගොස් ඇත.

එම ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සහ පිස්තෝල ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (15)

’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට

විජේ Thursday, 24 September 2020 02:26 AM

මේ ගොනාකෝවිලේ රොහාද?

:       0       5

විජේ Friday, 25 September 2020 05:52 AM

ඊළඟට අර රැවුලවත් වැවෙන්නේ නැති කෙනා...

:       0       0

sam Thursday, 24 September 2020 03:06 AM

මේ අර කුඩු අල්ලන්න ගිය IP කෙනෙක්වද කොහෙද කුරුණෑගලදී මරපු කෙනාද?

:       1       5

Raveendra Thursday, 24 September 2020 03:52 AM

සාමකාමී සමාජයක් වෙනුවෙන් තම රාජකාරිය නිසිලෙස ඉටුකළ සහ ඉටුකරන සියලුම නිලධාරීන්ට අපගේ ප්‍රණාමය. ඔබලාට යහපතක්ම වේවා... සාමකාමී සමාජයක් වෙනුවෙන් තම ජිවිත කැපකරමින් ඔබලා කරන සේවය අප හදවතින්ම අගය කරන්නෙමු.....

:       3       58

AsankaThursday, 24 September 2020 04:44 AM

පොලිසියේ මහත්වරුනි, ඔය ප්‍රදේශයේම ඉන්න නමගිය වැඩිම කුඩු ප්‍රමාණයක් ගෙන්වන ලංසලා ගැනත් සොයාබලන්න. ඔය වගේම...

:       2       29

AsankaThursday, 24 September 2020 04:44 AM

පොලිසියේ මහත්වරුනි ඔය ප්‍රදේශයේම ඉන්න නම ගිය වැඩිම කුඩු ප්‍රමාණයක් ගෙන්වන කෙනා ගැනත් සොයා බලන්න

:       1       15

janahitha Thursday, 24 September 2020 04:33 AM

නමුත් ඔහුගේ ප්‍රතිවාදීන් නිදැල්ලේ...

:       0       6

amila Thursday, 24 September 2020 05:30 AM

පාතාලයෝ කියන්නේ නිකන් කැරපොත්තෝ/මදුරුවෝ වගේ ජාතියක්... ඒක නිසා මරලා විතරක් හරියන්නේ නැහැ. බෝවන තැනුත් සුද්ද කරලා විනාශ කරලා දාන්න ඕනෑ. නැතිනම් එක්කෙනෙක් මරද්දි තව 10ක් අලුතෙන් කොහෙන් හරි එකතු වෙනවා.

:       0       23

ranaThursday, 24 September 2020 06:27 AM

පතාලය ජිවත් කරවන, පාතාලයෙන් ජිවත්වෙන ඇයො කවුද ? සිතා සහ සොයා බලන්න, කෙලවර ??

:       2       14

තුසිත Thursday, 24 September 2020 05:53 AM

තම තමන්ගේ ව්‍යාපාර වලට ඇති බාධාවන් රජයේ, පොලිසියේ අනුග්‍රාහකත්වය ඇතිව ඉවත් කර දැමීමේ නාටකය යලිත් ආරම්භ කර ඇති වගයි.

:       20       18

beauThursday, 24 September 2020 06:51 AM

කවුද මේවා ලියන්නේ?

:       3       8

kunaa Thursday, 24 September 2020 06:49 AM

තුසිත ‘‘කුඩු රොහා‘‘ගේ යාලුවෙක් වගේ. කෙසේවෙතත් තිබ්බ කෙනාට අපගේ ස්තුතිය..

:       2       20

sampath Thursday, 24 September 2020 11:39 AM

මේ තැනැත්තා කවුරු වුණත් මිනිස්සු මෙහෙම නීත්‍යානුකූල අත්අඩංගුවේදී මියයාම කිසිසේත් හොඳ දෙයක් නොවේ. ඒ සඳහා නීතියේ ප්‍රතිපාදන ක්‍රියාවට නංවන්න මෙය අපේ කීර්ති නාමයට පවා විශාල වශයෙන් බලපාන දෙයක්. මානව හිමිකම් සම්බන්ධව විශේෂයෙන්ම මෙවැනි වැදගැම්මකට නැති තැනැත්තන් නිසා රටක් වශයෙන් අපට වන හානිය ඉතා බරපතලයි. අවශ්‍ය නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කළත් මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකියි.

:       10       6

sudda Friday, 25 September 2020 08:04 AM

හරියට කියවන්න​. අත්අඩංගුවේ ඉන්නකොට නෙවෙයි. අල්ලන්න යනකොට සිදුවුණු වෙඩි හුවමාරුවක්. කුඩ්ඩයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. අනේ ඇත්තටම තාමත් මේ අපරාධකරුවන්ට හිත ඇති මිනිස්සු මේකේ කමෙන්ට් දානවනේ...

:       2       1

Kushan Saturday, 26 September 2020 03:42 AM

මෙයාට කඩේ ගිය අඟුලාන, ගල්කිස්ස පොලිසියේ අය තමයි මෙයාව ආරක්ෂා කරේ කුඩු සල්ලි වලට කඩේ ගිය අයයි.. දැන් මීගමුව පොලිසියෙන් ලස්සනට වැඩේ දුන්නේ. කොහොමත් ගමේ පොලිසියෙන් තමයි ගමේ අපරාධකරුවන් ආරක්ෂා කරලා ඔවුන්ගෙන් රැකෙන්නේ.. මේ අය දැන් ලැජ්ජා වෙන්න ඕනෑ. දැන් නම් රට නිවැරැදි පාලනයක යනවා. ඒ ගැන නම් සතුටුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 138 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 243 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1553 1

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 380 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1251 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 855 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site