පසුගිය පස් වැනිදා අතුරුගිරියේ ඔරුවලදී පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් මරු මුවට පත් වු විදාන මුදියන්සේලාගේ ලාලිත්‍ය කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිතගේ රුපියල් ලක්ෂ හයසිය අසු පහක චංචල නිශ්චල දේපල රාජසන්ත කිරීමට යයි.
බෝමිරිය,කොරතොට හා තලංගම සුපිරි නිවාස තුනක් ද රණාලේ ඉඩමක්ද රුපියල් ලක්ෂ 40 ක මොටර් රියක් ද රුපියල් ලක්ෂ 45 ක මොටර් රථ දෙකක්ද එම දේපොළ අතර වෙයි.
මෙම දේපොළ රාජසන්ත කිරීමට උසාවියට කරුණු දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජසන්තක වෙන මෙම දේපොළ මොනකද වන්නේ. කා කා අතරෙත් බෙදී යනවද? (අ)
මත් ද්‍රව්‍ය අංශයට අපේ ප්‍රණාමය ජාතිය විනාශ කරන මෙම නපුනසකයින් විනාශ කිරීම ගැන. තව ඉන්නවා ඒ නපුන්සකයින් වත් මේ ලෝකයටම යවනන්න මේවට පව් සිදුවෙන්නේ නැ පිනක් මිසක් (නදී)
එයාව නැති කරපු එක නං හොඳ වැඩක් තමයි. එත් ඔය රාජ සන්තක කල දේවල් වලට අවසානයේ මොකද වෙන්නේ කිව්වොත් නං හොඳයි දැන්මම. (නදී)
රාජසන්තක දේපල වලට යන කල දසාව ගැන මහජනයා දැනුවත් කිරීම අදාල බලධාරීන්ගේ යුතුකමයි. (අ)
ලක්ෂ 685ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද අප්පා. අපරාදේ ඕවා නැති බැරි මිනිස්සු අතරේ බෙදිලා ගියානම් තවක් එකක් ඔහොම රාජසන්තක නොවී. (නදී)
දේපල රාජසන්තක උනාට පස්සේ ඒවට යන කලදසාවත් ඒවායේ පසු අයිතිය ගැනත් ජනතාව දැනුම්වත් කරන්න. (නධී)
මෙතුමා සිරගෙදරදී යහපත් කල්ක්‍රියාවෙන් ජීවත්වී ඉක්මනින් නිදහස ලබා ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා!!! (නි)
ජාතික ලොතරැයි වගේ ලක්ෂපතියෝ... හැමතැනම බොරුව... (නි)
ස්ථිරවම කරනවා නම් ඉතාමත්ම හොද වැඩක් (නදී)
මේ තීරණය හොදයි. තව එක දෙයක් කියන්න ඕනෙ.බලයට එන්න කලින් දේශපාලකයන්ගෙ දේපල වත්කම් සහ බලයට ආවහම එයාලගෙ වත්කම් ගැන හොයල බලන්නකො. එයාල තරම් ජරා විදිහට සල්ලි හොයල නැහැ කවුරුත් (ස)
කුඩු කවුරු ගෙනාවත් වැඩේ වැරදි දඩුවම් කල යුතුය . නමුත් ප්‍රශ්නය එ්ක නෙවෙයි. කුඩු ලලිතලගේ දේපල ගැන හොයනවා. නමුත් මේ ලගකදී නුවර කුඩු රජෙක් ඇල්ලුවා. මිනිහ ජාත්‍යන්තර කුඩු බෙදාහරින කෙනෙක් කියනවා.. ඒ දේපල ගැන කිසිම විමසිල්ලක් නැහැ. සමහරවිට ප්‍රබල දේශපලුවෙක්ගේ රැකවරණය ලබල ඇති. ඒවා ගැනත් හොයා බැලුවොත් හොදි නේද? (ස)
ඔය විදිහට දවසකට කොච්චර රාජසන්තක කරනවද? (නි)
මෙයාට කුඩු සැපයූ ලොක්කා කවුද? (නි)
අනේ ඇමති තුමෝ බේරලා දෙන්න පව්......මහන්සියෙන් හම්බ කරපුව (අ)
ලොකු පවුල්වලට මෙතැනින් කීයක් යනවද? (අ)
ආමර් වීදියේ පොස්ටේර් ගහලා " ලාලිත මහතාට නිවන් සැප ලැබේව" කියලා ..(අ)
තරුණයන්ට දීපු දුකට නියම තමා. (ස)
මතට තිත තියන්න කතා කරන දේශපාලන නායකත්වයක් ඇති රටේ මත් පැන් වෙලඳාම පරිපාලනය කරන්නෙත් දේශපාලකයින්මයි. කුඩු මුද්ලාලිලා ටික ඉන්නෙත් දේශපාලකයා ලඟයි. නැතිනම් මුදලාලිත් දේශපාලකයම තමයි. මතට තිත ඇත්තමටම තියන්න ඕන නම් බැරිද අඩුම ගානෙ නගරයක අද තියෙන තුන හතරක් වන තැබෑරුම් ටික අඩුම ගානෙ එකක් එක නගරයකට වෙන තරමකට හරි අඩු කරලා දාන්න. (අ)
පරමාදර්ෂයකි (අ)
එතකොට අර කුඩු ගෙන්නන මැති ඇමතිවරුන්ගේ දේපල ? (නදී)
කුඩුකාරයින්ට තරාතිරම නොතකා දඬුවම් දියයුතුයි (නි)
මෙච්චර සැප විදින්න තිබුනත් අන්තිමට වුණේ මොකක්ද? ඕක තමයි පවුකාර සල්ලි වලට පැවැත්මක් නැහැ කියන්නේ. හැමෝටම හොඳ පාඩමක්. (නි)
මේ විදියට උස් පහත් බේදයකින් තොරව අර කිසිවක් මතක නැති කෙනාගේ දේපළත් පවරාගන්න පුලුවන් නම්.... (නි)
සීදේවි මූහුණක් හිමි ඔහු අහිංසක කෙනෙක් වගෙයි පෙනෙන්නෙ. මොහුගෙ දේපොළ බේරාදෙන්න කෙනෙක් නැද්ද, මොහු කලින් උදවු කළ? (නි)
අපරාදේ! බොහොම අමාරුවෙන් කුඩු විකුණලා හම්බ කරගත් දේපොළ! (නි)
ගෙවල් නැති මිනිස්සු කී දෙනෙකුට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද? (නි)
අපට කිසිම දුකක් නැත (නදී)
දිට්ට ධම්ම කර්මය තමයි මේ පඩිසන් දෙන්නේ වරදට නැහැ ඉඩක්. මේ ඉන්න ටික කාලෙට නේද මේ ඔක්කොම සෙල්ලම්. පව් නරක ආශ්‍රය (නදී)
දෙවිනුවර කුඩු චමිල් සහ සම්පත් දෙන්නගෙත් දේපල තහනම් කරනවා කියලා මාධ්‍ය වර්කා නම් පලවුනා. වැඩේ නම් කෙරුනේ නැහැ. ආරංචි වෙන විදියට උපරිම සැප විදගෙන ඇතුලේ ඉන්නවාලු. ගෙදර ඇවිල්ලාත් යනවා කියා කතා යනවා. ඕන බලු කමක් කරලා සල්ලි වියදම් කරලා බේරෙන අපරාධකාරයො ඉන්නවා. සාක්කි,නියම විධියට ඉදිරිපත් නොවුනම නඩු විසිවෙනවා. අදාල නිලධාරීන්ට සල්ලි විසිවෙනවා. (නදී)
කුඩු ලාලිතගේ ආගමනය ගැන ලියවුණ ලිපියක් පුවත්පතක තිබුනා.පුලුවන් නම් හොයලා බලන්න.අපි කාට අයිති රටකද ජීවත්වෙන්නේ කියලා පැහැදිලි චිත්‍රයක් ඒකෙන් ගන්න පුලුවන් (නි)
දේපොළ රාජසන්තක කළහම මොකක්ද දන්නෙ නැහැ නේද වෙන්නේ? (නි)
රාජසන්තක කරන දේපොළ වලට මොකද වෙන්නේ? ඒවා අසරණ ජනතාව අතරේ බෙදලා දෙන්න බැරිද? (නි)