අපරාධ වලින් උපයාගත් මුදල්වලින් කැලණියේ රුපියල් පන්කෝටි අසුලක්ෂයකට දේපොළ මිලට ගත්තැයි චෝදනා ලබා සිටි සුබ්‍රමනියම් රමනීට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කිරීමට නොහැකි වීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා ඇය නිදහස් කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කළ නීතීපති පැවසුයේ රමනී හෙරොයින් කුඩු නියෝජිතයකු වන වේලායුදන් මෙතියස් චන්ද්‍රපාල හෙවත් මර්වින්ගේ බිරිය බවයි.
අපරාධවලින් ඇගේ උපයාගත් මුදල් දේපොළ මිලට ගැනීමට යෙද වු බව ඇය දැන සිටි බව පැමිණිල්ල කියා සිටියේය.
එහෙත් එම පුද්ගලයා හෙරොයින් මත් කුඩු අලෙවියට හවුල් බවට සනාථ කිරීමට පැමිණිල්ලෙන් කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකළ බව විනිසුරු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්කුඩු අලෙවියට හවුල් බවට සනාථ කිරීමට පැමිණිල්ලෙන් කිසිදු ලේඛනයක් ඉදිරිපත් කළේ නැතිලු නේද? ඉතිරිය මට නම් හිතාගන්න පුලුවන් (නි)
නීති පති පැරදුනා කියලද හිතන්නේ. මතක තියාගන්න මේක ලංකාව. මේකෙන් නීති පති තමා දිනලා තියෙන්නේ. (ස)
කුඩු නිසා මුළු ලංකාවම පරදී ! (අ)
ඔය කියන මුකුත් ලියවිලි එළියට එන එකක් නැහැ. බඩු තිබුනත් නඩු ඔප්පු වෙන්නෙත් නැහැ. (නි)
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ (නි)
ඔය කියන විදිහට උදේට හවසට බස් එකේ දුම්රියේ එල්ලිලා රැකියාවට යන ලක්ෂ 40 ක රජයේ සේවකයන්ට සහ පුද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 65ක ජනතාවට "සුඛිත මුදිත ජීවිත" ගතකරන්න පුළුවන් වෙන්න ඕනෑනේ. එහෙම නොවෙන්නේ ඇයි? (නි)
පැමිණිල්ල ඉදිරිපත් කළ නීතීපතිට මල් මිටක් (නදී)
අපිට බොහෝ දේ හිතාගන්න පුලුවන් (නි)
ඉතින් පැමිණිල්ල ඉදිරිපත්කරන වෙලාවේ දන්නවනේ ඔය කියන සාක්ෂි ලේඛන තිබියයුතු බව. (නි)
එතකොට මේ තරම් මුදලක් හම්බකළේ මොන රස්සාව හෝ ව්‍යාපාරය කරලද? ඒ හම්බකළ මුදලට ආදායම් බදු එහෙම ගෙවලද? (නි)
මේක හරිම භයානකයි (නදී)
සාධාරණ තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
කුඩු හෝ වෙන අක්‍රමික ක්‍රමයකට සල්ලි හොයානොගත්තා නම්, සල්ලි ලැබුණු ක්‍රමය පෙන්නන්න කිව්වා නම් ඉවරයිනේ (නි)
ඒක ඇත්ත. ලංකාවේ අය බොහොම මහන්සියෙන් සල්ලි උපයන්නේ. (නි)
එතකොට ඒ දේපොළ ගන්ඩ සල්ලි හම්බ වුණේ කොහොමද කියලා කවුරුත් අහලා නැද්ද ? (නදී)
ඔහොම යමුකෝ! (නි)
මට නම් කිසිම අදහසක් කියන්න හිතෙන්නෙ නැහැ (නි)
මේවා කියවනකොට මට දෙතුන් පොළකින් හිනායනවා. (නි)
පුංචි ළමයෙක් ගොනු කරපු නඩුවක්. (නදී)
නීතිය දැනගත් නීති පති වරයෙක් හැටියට අවශ්‍ය කරුණු කාරණා ගොනුකොට ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව ලැජ්ජාවට කරුණක් ! (නදී)