(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කඩිගල්ල කන්ද නාය යාමේ අවදානමක් හේතුවෙන් කොළොන්න කොණ්ඩුගල ආශ්‍රිතව සහ බුත්කන්ද වසමට අයත් ප්‍රදේශ දෙකක නිවාස දොළහක පදිංචිකරුවන් වහාම ඉවත්කළ බව කොලොන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ කමිටුව පවසයි.
පසුගිය දිනවල ඇතිවු තද වැසි නිසා කඩිගල්ල කන්ද මුදුනේ විශාල පැලුම් දක්නට ඇති බව ප්‍රදේශවාසීහූ කියති. අක්කර විස්සක පමණ ප්‍රදේශයක් මෙසේ ගිලා බැස ඇති අතර පැලුම් ආශ්‍රිතව මඩ වතුර ගලාගෙන එන බව ද ඔවුහු කියති.
මෙම නායයාමේ අවදානම් සහිත ප්‍රදේශය හරහා කොළොන්නේ සිට නෑදොල හරහා බුත්කන්ද දක්වා යන කාපට් මාර්ගය වැටි ඇති බව ද ප්‍රදේශවාසිහු කියති. ඇඹිලිපිටියේ සිට කොලොන්න, නෑදොල හරහා බුත්කන්ද දක්වා ලංගම බස් රථයක් දිනකට ගමන්වාර හතරක් පමණ මෙම මාර්ගයෙන් යනඑන බව ද ගම්වැසියෝ කියති.
කොලොන්න සහ බුත්කන්ද ග්‍රාම නිලධාරී වසම්වල නිවාස වලට මෙම අවදානම බලපා ඇත. ඉවත් කළ පවුල්වල පුද්ගලයින් ඥාති නිවෙස්වල තාවකාලිකව නැවතී සිටිති. මේ වනවිට ඔවුන්ට රුපියල් දෙදහසක් වටිනා වියළි ආහාර මල්ලක් සහනාධාර ලෙස ලබා දි ඇත.
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩිගල කන්ද නාය යාමේ අවදානමක:පවුල් 12ක් ඉවතට