IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරොධතාවේ අන්තරේ පිරිස සොයයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාල පනතට විරුද්ධව   පාර්ලිමේන්තු   වටරවුමේ  විරෝධාතාවේ නිරත  වීම සම්බන්ධයෙන්    අත්අඩංගුවට ගෙන  දින 100 ක කාලයක් පුරා  රිමාන්ඩ් බන්ධනාගාර පසුවන  අන්තරේ කඳවුම්කරු ඇතුලු  පස් දෙනකට ඇප ලබා දෙන ලෙසට     ඉල්ලා ඊයේ   (9) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපිට විරෝධාවේ  නිරත ව සිටි අන්තරේ  විරෝධාතාව සම්බන්ධයෙන්  විමර්ශනයක්   ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා පවසයි.

මේ සම්බන්ධයන්  කඩුවෙල පොලිසිය අද    (10) අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද හෙතෙම කීය.

 මෙම පිරිස විරෝධාව පවත්වන අතරතුර අධිකරණයට අපහාස වන  අයුරින් කටයුතු   කර ඇති බවත්,   අධිකරණයයේ විභාග වන නඩුවකට  බලපෑමක් ඇති වන අයුරින්   කටයුතු කළ බවත්,  ඔවුන් ක්‍රියාකාරකම් නිසා අධිකරණයේ දේපළ වලට යම් හානියක් සිදුව ඇති ද යන්න සොයා බලන ලෙසට  ඉල්ලමින් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින්   කඩුවෙල පොලිසියට කළ පැමිණිල්ලකට  අදාලව මෙම  පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන්  කඩුවෙල පොලිසිය විසින්  විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්,  එම පිරිස අධිකරණ  සංවිධාන පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ,  මෙන්ම පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකර ඇති බවට ආනවරණය වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා කියා සිටියේය.

අධිකරණයේ විභාග වන නඩුවකට බලපෑමත් ඇති වන ආකාරයට  විරෝධතාවක් දැක්වීම අනුමත කළ නොහැකි බවත්,   පොලිසිය මෙම පිරිසට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කොතලාවල පනතට එරෙහිව      පසුගිය අගෝස්තු මස   8 වැනි දින අන්තරේ  ඇතුලු සංවිධාන රැසක්   විරෝධතාවේ  නිරත වීම හේතුවෙන්   අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුලදිගේ, පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම් චමීර කොස්වත්ත, ජයවර්ධනපුර   විශ්ව විද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමයේ  සභාපති අමිල සංදීප, පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිණි කෝෂිලා හංසිනී, සහ   රජරට විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් සාමාජික ෂෙහාන් හර්ෂණ  යන   පිරිසක් මෙලෙ රිමාන්ඩ් බාරයේ පසුවෙති.

කඩුවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ  මහතා  ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරොධතාවේ අන්තරේ පිරිස සොයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 267 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 565 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 294 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 1908 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 937 1

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 1243 1

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19538 22

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site