IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කුණු මාළු කන්ටේනර් ගැන සීඅයිඩී පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති  ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසුවේ  පළුදුවූ දුගඳ  හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න  සහගත බවයි.

පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය  සැමන් නිෂ්පාදනයවීම  හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී සඳහන්
විය.

කෙසේ වෙතත් රේගු නිලධාරීන් මෙහිදී පැවසුවේ මෙම මාළු සැමන් සෑදීම සඳහා  යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.

ශ්‍රී ෂෙල්ස්  සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර 102ක්( මාළු මෙට්‍රික් ටොන් 2700කට අධික) ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාවට  ආසන්න මුහුදු සීමාවේදී කාර්මික දෝෂයකට ලක්වී නෞකාවේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් මාළු නරක්වී ඇති බව පැවසේ. ඒ අනුව නැව 2022 ජනවාරි 13 දින කොළඹ වරායට ළඟාවීමෙන් පසු   අලුත් වැඩියා කටයුතු නිම වී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීමෙන් ගැටලු රැසක් මතුවී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නැවක් ආපදාවට ලක්වූ විට උපකාර කිරීම කිසිදු ගැටළුවක් නැති වුවද මෙහිදී සිදුව ඇත්තේ එවැනි දෙයක් නොවන බව කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පැවසීය. මෙම මාළු තොගය රටට  ගැනීම පරිසරයට හා ජීවිතවලට තර්ජනයක් බවත් මිනිස් පාරිභෝජනයට මෙම මාළු යොදා ගන ඇත්ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවත්  ඔහු පෙන්වා දුන්නේය.

එම කන්ටේනර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රේගු නිලධාරීන්  ඉතා උනන්දුවකින් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන්නේ යයි පැවසූ සභාපතිවරයා එම උනන්දුව අනෙකුත් කටයුතු සඳහාද තිබිය යුතු බව ප්‍රකාශ කළේය



අදහස් (4)

කුණු මාළු කන්ටේනර් ගැන සීඅයිඩී පරීක්ෂණයක්

Lal Monday, 25 March 2024 07:07 PM

රේගුව කියන්නේ හොරු...

:       0       15

අරවින්ද මොනරවිල Monday, 25 March 2024 07:24 PM

අපි ඕනෑම කුණු ගොඩක් බාර ගන්න ජාතියක් කියලා නැව් සමාගමේ අය දැනගෙන ඉන්න ඇති...

:       0       11

abeygunasekarasampath95 Monday, 25 March 2024 08:06 PM

චීන කුණු සැමන් තොගයක් බාරගත්තා මතක කාටද? අපිට චීනෙන් උදව් කරනවා... විරුද්ධ වෙන්න බෑ... කියලත් කිව්වා කවුදෝ කෙනෙක්...

:       2       9

Nimal Monday, 25 March 2024 08:34 PM

මේවා අහනකොට ඇඟේ මාළු නටනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 3 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 302 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 770 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 284 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 741 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2100 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site