රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් සහ රන් ආභරණ කිලෝ තුනක් තම තිසර පටවල සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි කතුන් පස් දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මොවුහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි රෙදි පිළි ව්‍යාපාරවල නිරත කාන්තාවෝ වෙති.
මොවුන් ලඟ තිබී රන් බිස්කට් 10 යක්, වළලු 08 ක්, රන් දම්වැල් 02 සහ බ්‍රේස්ලට් 02 ක් අත් අඩංගුවට ගෙන
සැකකාරියෝ ඊයේ සිංගප්පුරුවට ගොස් ඇති අතර අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන්යානයෙන් යළි දිවයිනට පැමිණ ඇත. මොවුහු රේගුවට භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන් පිටවන මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී අත් අඩංගුවට ගෙන ඇත.
මොවුහු නිතර නිතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බවත් සිංගප්පුරුවට ගිය පළමු වතාව මෙය බවත් රේගුව කියයි.
රේගුව විසින් දීර්ග ලෙස ප්‍රශ්ණ කිරීමේදී එක් කාන්තාවක් මහත් සේ හඩා වැලපෙමින් පවසා ඇත්තේ තමන් සිංගප්පුරුව දැක බලා ගැනීම සඳහා එහි ගිය බවත් මෙම රත්තරන් එහිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ලබා දුන් බවයි. සෙසු කාන්තාවෝද එසේම ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත් රේගුව පවසන්නේ දීර්ග කාලයක කළ විමර්ශනයක් මත මෙම වැටලීම සිදු කළ බවයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන සුනිල් ප්‍රේමරත්න, එස්.ඩබ්ලිව්.සී ජයමිණි යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, උදය ගාමිණී සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදුකරති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී කෝටි කීයක රත්තරන් අල්ල ගත්තද? එ්ත් අසරණ දුප්පත් මිනිසුන්ට වේලක් කන්න සල්ලි නැහැ. රටේ දරුවන් මන්දපෝෂනයෙන් පෙළෙනවා. අඩුම වශයෙන් දුප්පත් පාසල් වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් දෙන්න බැරිද? (නදී)
රිචි අයියේ, වැලද...? වරකද....? (නදී)
මම සිතුවේ මෙපමණ කලක් හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා නිළියන්ගේ ලැම පමණයි ගොඩාක් වටින්නේ කියා. දැන් බැලුවම අපේ ලංකාවේ ගැහැනුන්ගේ ලැම කෝටි ගණන් වටිනවා. (නදී)
ලැම ඔතරම් වටිනේද....? (නදී)
චෙක් කරන්න බැරි තැන්වල කොච්චර නම් හොර බඩු හංගං යනවා ඇද්ද? (අ)
ළඳුනේ ළඳුනේ... ලැම පමණක් කෝටි වටින ළඳුනේ.... (නි)
කෝටි දෙකක් වටිනවා??? (නි)
මට හිතෙන හැටියට තව රත්තරන් ඉතුරුවෙලා තියෙන්නත් පුලුවන් (නි)
කෝ අනේ! අල්ලපු අයගේ ඡායාරූප තිබුනට අහුවුණ අයගේ ඒවා නැහැනේ. (නි)
ඕවා අල්ලා දුන්නා කියලා අසරණ ජනතාවට ලැබෙන සහනයක් කුමක්ද? (නි)
මෙච්චර වටිනවාද? (නි)
ටියුනිසියාවේ ජනාදිපති ජනතා විරෝදය මැද්දේ පල්ලම් බසින කොට ඔහුගේ බාර්යාව සතුව රත්තරන් කිලෝ 100 ක් තිබිල තියෙනවා. ඔවුන් රත්තරන් ඇතුලු දුෂනයෙන් එකතු කර ගත්තු දනස් කන්දයත් අරගෙනයි රටින් "චුත" වෙලා තියෙන්නේ. (නදී)
අපේ රන් මැණිකෙලා මෙතරම් තොගයක් විදේශ රටවලට ගෙනියන්නේ ලංකාවේ කොහේ තියෙන රත්තරන්ද ? (නි)
අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද අප්පා සිද්ද වෙන්නේ? (නදී)
ලැම පෙන්නන්නේ නැද්ද? (නදී)
මේ කතුන්ගේ ලැම කෝටි දෙකද?නැත්නම් රත්තරන්වල වටිනාකම කෝටි දෙකද ? මොකද ග්‍රෑන්ඩ්පාස් කට්ටියක්නේ ....සමහර විට රත්තරන් වලට වඩා වටින්න පුළුවන් (නදී)
ලැම කෝටි 2 ක්. ඊට වඩා වටිනවා. (නදී)
මම හිතුවා පින්තුර තියනවා කියල පලකරපුහම ලැම පෙදෙස කට්ටියගේ දායි කියලා (නදී)
අප්පට සිරි ගජ! එහෙනම් අතන සෑහෙන්න රත්තරන් හංගගෙන ඉන්න ඇති. (නදී)
රත්තරන් ගෙනියන්නේ කුඩු ගේන්න. මොකද අද කුඩු තමයි වටිනාම දේ. ඒ නිසා කෝටි 3 දඩයකුත් ගහන්න අැගට නොදැන ගෙවයි (නදී)
ලංකාවේ අපේ ජනතාව ගේ සමාජ පරිහානිය සහ යහපත් ගෞරවනිය ජීවන රටාවක් හොඳ සශ්‍රික සමාජ වට පිටාවක් ගොඩ නගා ගැනීමට තිබෙන ප්‍රධානම බාධාව වන්නේ ඔවුන් හොරාට හොරා කීමටත්, වංචා කාරයට වංචා කරයා කීමටත්, කුඩ්ඩට කුඩ්ඩා, වනචරයට වනචරයා කීමටත් බොරුකාරයට බොරුකාරයා කීමටත් තමන් තුල ශක්තියක් මද කම බව මගේ වැටහීමයි. ඇතැම් අය කියයි මෙය ගැටුම් කාරී ක්‍රමයක් කියලා. නමුත් විග්‍රහාත්මකව බැලුවම මෙය කෙනෙක්ගේ යථාර්තය ඉස්මතුකර ඔවුන්ට ජීවිතය පිළිබඳව ස්වයං අර්ත නිරූපනයක් ලබාදීමක් ලෙස පැහැදිලි කර දිය හැකියි. එසේ කරන විට ඔවුන් වගකීමකින් සමාජය සමග කටයුතු කිරීමට පෙලබිමක් කරාවී. එසේ නැතුව ඔවුන්ගේ වැරදි වැඩ වලට ව්‍යංගයෙන් උදව් කිරීමක් කොට පිළිගැනීමක් දී ඔවුන්ට හොඳ සමාජගත පුද්ගලයන් වීමට තිබෙන අවස්ථා අහිමි කිරීමට හේතු වශයෙන් අපිත් වරද කරුවන් වෙයි. (නදී)
කොතනද සඟවලා තිබුනේ අහන්න ආසයි අපිටත් කියන්න (නදී)
මේවා කොහොම ගෙනාවද දන්නෙ නැහැ (නි)
එක ගෝල කණ්ඩායමක පොඩි වැඩක් මේක! (නි)