කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය ඉන්දිරා ජයසුරිය මහත්මිය පිළිකා රෝගයෙන් මියයාම නිමිති කරගෙන ‘පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමැතුම් සේවය‘ මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/බී ස්ථානයේ දී අද (27) ආරම්භ කැරිණි.
කථානායකවරයා සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, ඉන්දිරා මහත්මියගේ සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
පිළිකා හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වූ අය සම්බන්ධයෙන් 0112363211 අංකයෙන් දැනුවත් කිරීම ද පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාර සේවය ද පිළිකා වැළඳුණු දරුවන් වෙනුවෙන් ළමා සත්කාරකත්වය ලබාදීම ද මෙම පිළිකා සරණ භාරයෙන් බලාපොරොත්තුවේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා විශිෂ්ටයි ඔබතුමාට බොහොම පින් (ම)
හදවතින්ම අගය කරමි (නි)
මිනිස්සු සල්ලි එකතු කරලා දුන්න පෙට් ස්කෑන් එක තාම ගෙන්නන්න බැරිවෙලා තියෙනවා නේද අපේ අයට? ඒකටත් මැදිහත් වෙන්න කථානායකතුමනි (නි)
ඉතාම හොඳ සද්කාර්යයක් (නි)
බුදු දහමට අනුව අපට අනිත්‍යය මෙනෙහිකර හිත හදා ගන්න පුළුවන් වුනත්, ආදරණීය මෑණියන් අහිමිවූ මේ සිඟිත්තන් දෙන්නා එය කෙසේ දරාගන්නද. මියගිය දියණිය ගැන සිතා පිළිකා රෝගයෙන් පෙළෙන අයට උපකාර වන්න යම් මෙහෙවරක් ඉටු කරන්න කථානායක කරු ජයසුරිය මහතා ඉදිරිපත්වීම අප අගය කරනවා. (නි)
කෝ අර සල්ලි එකතුකරපු පෙට් ස්කෑන් යන්ත්‍රය? (නි)
ගොසිප් වෙනුවට මෙවන් පින්කම් වලින් පත්තර පිරේවා. උතුම් පින්කමක්! බුදුන් දෙසු දහම ජීවිතය කරගත් සත්ගුණවත් මිනිසුන් දැකීමත් වාසනාවක් (ම)
තාත්තා සහ දරුවන් දෙදෙනා දකින කොට වුණත් ඇසට කදුලක් එනවා කිසිම කෙනෙකුට මේ වගේ විපතක් නොවේවා මෙම වැඩ පිළිවෙල සාර්ථකම වේවා (ම)
බොහොම පිං වැඩක්.. සාර්ථක වේවා..! (ම)
හොඳ වැඩක් (නි)