IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කන ප‍්‍රීති කරන රූපා

2016-12-24-ent-71

එක ගඟක ඉවුරු දෙක කවදා

කොතැන මුණගැසේදෝ

එහි ගලන ජලය හෙට වියැලී

මගදි නතර වේදෝ

 

මේ ප‍්‍රශ්නය එදා මතුකළේ රූපා ඉන්දුමතී නම් වූ ගායන ශිල්පිනියයි.

2016-12-24-ent-73හැත්තෑව දශකයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලිය බිහිකළ මේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනිය එදා ගැයූ ගී අදටත් අමරණීයය.

එහෙත් අද නිතර දෙවේලේ ඇසෙන හරසුන් අඬන ගීත අතරේ මේ මධුර ස්වරය සැඟවී ගොස්ය.

රූපා ඉන්දුමතී.. ඒ කව්ද? යැයි අද දවසේ ඉලන්දාරියකු විමසුවහොත් අප පුදුම විය යුතුද නැත. වර්තමාන එෆ්.එම් නාලිකා ඔස්සේ රූපා ඇතුළු එදා රුවන් අඹරේ පෑයූ ගී තාරකාවල මධුර හඬ නොඇසෙන නිසාය.

මෙන්න මේ එෆ්.එම්. නාලිකාවලටත්, වර්තමාන රසික පරපුරටත් රූපා ඉන්දුමතී සහ එදා ඇය ගැයූ ගීත යළිත් මතක් කරදීම කාලීන අවශ්‍යතාවයකි. රූපා, රූපා ගී සරණිය ඉදිරිපත් කරන්නේ ඒ අරමුණ පෙරදැරිව විය යුතුය.

රූපාගේ රූපා ගී සරණිය අපට මෙදා ඇසෙන්නේ මෙම 30 වෙනිදා සවස 6.30 ට බත්තරමුල්ලේ සුහුරුපායේදීය. අපි රූපාට කතා කළේ මෙන්න මේ රූපා ගී සරණිය ගැන ඇගෙන් යමක් දැනගන්නටය.

‘‘මම රූපා ගී සරණිය පටන්ගත්තෙ මීට වසර ගණනාවකට කලින්. මේ ප‍්‍රසංගය ලංකාවේ නගර කීපයකදීම මම පැවැත්තුවා. මේ මෑතකදී මම අනූෂා ගෝකුල හමුවුනු වෙලාවක මම කිව්වා රූපා ගී සරණියක් නැවතත් පැවැත්විය යුතුයි කියලා.. එතකොට අනූෂා තමයි කිව්වෙ අපි උදව් කරන්නම්... ඔයා ඒ ප‍්‍රසංගය පවත්වන්න කියලා. මෙදා රූපා ගී සරණිය පැවැත්වෙන්නෙ ඔන්න ඔය විදිහට.’’ රූපා ගී සරණිය යනු රූපා ඉන්දුමතීගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංගයයි. ඇය සමග ලක්ෂ්මන් රුද්‍රිගු යුග ගායනයෙන් සහායවන මේ ප‍්‍රසංගයට ඔවුන්ගේ ගීත 20 ක් ඇතුළත් වේ.

ඒ ගී ගැන කතා කරන්නට කලින් රූපා ගායිකාවක වීමේ කතා පුවත හෙළිකර ගත යුතුය.

මම කරුණාරත්න අබේසේකරගෙ ළමා පිටියෙන් බිහිවුණු ගායිකාවක්.

මම මේ කියන්නෙ අවුරුදු පනස් හතරකට කලින් කතාවක්. ඒ කාලෙ සරස්වතී මණ්ඩපයෙ ළමා පිටියෙදි ගීත ලියන්නෙ, සංගීතවත් කරන්නෙ, ගායනා කරන්නේ පැයක් හමාරක් ඇතුළත. ඔය විදිහට මම ගයපු පළමුවැනි ගීතය තමයි.

සඳ රන්වන් රන්ගිර

මුදුනින් පායා

හැංගිලා ගියා

කවදද එන්නේ

මේ කොඳ රානි සොයා

 

කියන හේම ශ්‍රී ද අල්විස් ලියූ ගීතය. මේ ගීතයට තනුව හදලා සංගීතවත් කළේ ඞී.ඞී. ඩැනී.. ඔය කාලෙ හරිම සුන්දරයි. ගීත ලියලා තනු දාලා ගායනා කරන කටයුතු සජීවීව අපට දකින්න ලැබීමම ආශ්චර්යයක්.

ඔය විදිහට ළමා පිටියෙන් ළමා ගීත ගයපු මම මගෙ

වයස අවුරුදු දාසයේදී පළමුවැනි සරල ගීතය ගායනා කළා.. බී ශ්‍රේණියෙ සරල ගී ගායිකාවක් විදිහටයි මම මේ ගීතය ගායනා කළේ.

 

දිමුතු මුතු මල් සල සලා

ඒ මලින් ගෙල සරසලා

රනින් රන් රසු පළඳලා

ඈත ලෝකෙන් පායලා

 

කියන මේ ගීතය ලිව්වෙ වික්ටර් දලූගම. සංගීතවත් කළේ ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු. එතැන් පටන් මම සරල ගී රාශියක් ගායනා කළා.

යම් ශිල්පියෙකු වේවා ශිල්පිනියක් වේවා ඔවුන් ගයන හැම ගීතයක්ම එකසේ ජනප‍්‍රියත්වයට පත්වන්නේ නැත. කිසියම් ගීතයක් කිසියම් මොහොතක ජනප‍්‍රියවන්නේ ගායකයාට හෝ ගායිකාවට වාසනාව ගෙනෙමිනි. ඉතින් රූපාට වාසනාව ගෙනෙමින් මුලින්ම ජනප‍්‍රියත්වයට පත්වූ ගීතය ගැන විමසුවෙමි.

1965 දී ජයතිස්ස හෙට්ටිආරච්චි සමග ගැයූ ‘රුවන් අඹර සෙමෙර සලන ගීතය’ තමයි මුලින්ම ජනප‍්‍රිය වුණේ.

රූපා ඉන්දුමතීගේ විවාහය සිදුවූයේ 1967 දීය. ඇගේ අතගත් වාසනාවන්තයා ලක්ෂ්මන් රුද්‍රිගු නම් තරුණයෙකි.

පසුකලෙක ගායකයකු වූ ඔහු රූපා සමඟ වැඩිම යුග ගී ගැයූ ගායකයා බව ද ලියා තැබිය යුතුය. ඔවුන්ගේ යුග ගී අතර වසන්ත ¥තය, විදුලි දුම්රියේ, සුවඳට මල ආදිය ද වේ.

‘‘මම 1979 දී නැවත වතාවක් සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා. එදා මම ගායනා කළේ ‘එක ගඟක ඉවුරු දෙක... මේ ගීතය මාව විශිෂ්ට ශ්‍රේණියට පත් කළා.’’

 

එක කුඬේ යටින් සරසවි පාරේ

පියවර තැබුවෙමු අප දෙදෙනා

සිරිපොද රැුහැනට සැඟවී ගුලිවී

උණුසුම පැතුවා අප දෙදෙනා

 

මේ සරසවි පේ‍්‍රම ගීතයද ගායනා කළේ රූපා ඉන්දුමතීය. සරසවි පේ‍්‍රමය ගැන ලියැවුණු කවදාවත් ජනප‍්‍රියත්වයට පත්නොවුණු මේ ගීතයද එකල අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්විය.

 

හංසියක සේ රැුඳෙන්නෙමි දෝතේ

හඬ හඬා මා ගයන්නෙමි ගීතේ

 

රූපා තවත් වරෙක ගැයුවාය. ඇය එදා මෙදාතුර ගැයූ මේ ගී සංගීත තැටි දෙකකටද සංගෘහිත විය. ඒ තැටි දෙක විදුලි දුම්රියේ සහ පේ‍්‍රම කොදෙව්වේය.

රූපාගේ ගීත මනරම්ය. ඒ මනරම් බව විඳින්නට ඔබත් රිසිනම් රූපා ගී සරණිය සමග ඒකාත්මික විය යුතුමය.

 

සුවඳට මලමෙන් ගස හැඩට ගැටේ

සුවයකි සිහිලකි ආදරය අපේ

සුවඳයි මෙමා ඔබ පිපුනු මලයි

ජීවිතයට ආසිරි ගෙනෙනු ලබයි

 

දුර සිට එන මද නල සමග වෙලී

සුවඳක් ගෙනදෙයි හදවතට යලී

පුරුදුයි හුරුයි ඒ සුවඳ ඔබේ

ජීවිතයට ආසිරි ගෙනෙනු ලැබේ.

 

ශකුවි

 

2016-12-24-ent-72



අදහස් (0)

කන ප‍්‍රීති කරන රූපා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 142 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 382 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 295 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 818 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 93 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 197 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site