IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කාන්තා හිංසනය පිටුදකින්න සංගා - මහේල එක්වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගම් ශ්‍රී ලංකා හා මාලදිවයින කාර්යාලය සමග එක්වූ බව එම සංගම් කාර්යාලය නිවේදනය කරයි.

කාන්තා හිංසනයට එරෙහිව දැනුවත් කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තමන් සමඟ හවුල්වීම සම්බන්ධයෙන් එම නියෝජිත මණ්ඩලය සතුට පළකරන බවද එහි සඳහන්වේ.

නොවැම්බර් 25 වැනිදාට යෙදී තිබෙන කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයදා ‘‘ කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු ’’  තේමාව යටතේ,  ලංකාවේ කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සංගක්කාර සහ මහේල එක්වන බව ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ දේශපාලන, වාණිජ සහ සන්නිවේදන අංශ ප‍්‍රධානි  පෝල් ගොඞ්ෆ‍්‍රි  සඳහන් කරයි.

අවාසනාවකට මෙන් ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගෙන් අඩක්ම කිසියම් ආකාරයේ හිංසනයක අත්දැකීම් විඳ ඇති  බව අධ්‍යයනයන්ගෙන් හෙලිවී ඇති අතරම , මෙම ගැටළුව ප‍්‍රසිද්ධියේ කථා කිරීම තහංචියක් වී ඇති අවස්ථාවක කාන්තා හිංසනය පිළිබඳව ප‍්‍රසිද්ධියේ කථාකිරීම පිළිගත් කරුණක් බව ඒත්තු ගැන්වීමටත් මෙම හිංසනය තුරන් කිරීමටත් ,එයට එරෙහිව නැගී සිටීමට මහේල සහ කුමාර් ගත් තීරණය උපකාරක්  වනු ඇතැයි ගොඩ්‍ෆ්‍රි කීය. 



අදහස් (0)

කාන්තා හිංසනය පිටුදකින්න සංගා - මහේල එක්වෙයි

පිටිගල මිලානෝ Tuesday, 25 October 2016 05:54 AM

අනේ මන්දා කාන්තාවන් නිසා අපි විඳින විඳීම දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි. (නි)

:       0       0

කෝනාර Tuesday, 25 October 2016 05:54 AM

මේ වනකොට කතා කරන්න වෙලා තියෙන්නේ කාන්තාවන්ගෙන් වන හිංසනය ගැනයි. දරුවන්ට වද දෙන, සැමියන්ට වදදෙන, අසරණ මහළු දෙමව්පියන්ට වද දෙන කාන්තාවන් පිළිලයක් මෙන් සමාජයේ පැතිරි ඇත. (නි)

:       0       0

සම්පත් Tuesday, 25 October 2016 05:56 AM

අධ්‍යාපනය අඩු ගම්බද කාන්තාව තවමත් සවසට බිලා ගෙදර එන සැමියාගෙන් හිංසනයට ලක් වෙනවා ඇති. නමුත් රැකියාවක් කරන මධ්‍යම පාන්තික කාන්තාව අතින් තමයි ගෙදර දොර හුඟක් හිංසන අද වෙන්නේ. මේ නිසා කාන්තාවක් වූ පමණින් අහිංසකයි, හිංසනයට ලක්වෙනවා කියා පොදුවේ කතා කරන්න බැරි තත්වයක් තියෙන්නේ ලංකාවේ. (නි)

:       0       0

නිශාන්ත ප්‍රදීප් ලියනගේ Tuesday, 25 October 2016 06:01 AM

මහේල සහ සංගා ලංකාවේ බිහිවුණ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නගේ අතිවිශිෂ්ට වැඩක්. ඔබට අපගේ ස්තුතිය (නි)

:       0       0

උදාර Tuesday, 25 October 2016 06:01 AM

කාන්තාවන් සහ පිරිමින් යන දෙකොට්ඨාශයම ඒ ඒ අයගෙන් හිංසනයට ලක් වෙනවා. ක්‍රිකට් තරු එක් පැත්තක් විතරක් බැලුවොත් මෙය අහිංසක පිරිමින්ට කරන ලොකුම අසාධාරණයක් වෙයි. (නි)

:       0       0

නිමල් Tuesday, 25 October 2016 06:04 AM

මම නම් දන්නා තරමින් කාන්තාවන් සුළු ආරවුලක් වුණත් එක දෙක කරලා පොලිසියට ගිහින් පැමිණිලි කරලා සැමියට දඩුවම් ලබා දෙනවා. නමුත් කාන්තාවන්ගෙන් වන මානසික හිංසනය කිසිසේත්ම සැමියන් විසින් පැමිණිලි කරන්නේ නැහැ රටේ තියෙන සංස්කෘතිය අනුව. ඒ අය ගැනත් සෙවිය යුතුයි. කාන්තාවක් වූ පමණින්ම අහිංසක හෝ දරුවෙක් වැදු පමණින්ම මවක් හො වෙන්නේ නැහැ කියන එක පත්තර බැලුවම තේරෙනවා. (නි)

:       0       0

සඳමාලි Tuesday, 25 October 2016 06:09 AM

සමහර කාන්තාවන් රටේ නැති බොරු කියලා සැමියාගෙන් නඩත්තු අරගන්න එන්නෙත් වෙනත් සැමියෙක් සමඟයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 25 October 2016 06:09 AM

ලංකාවේ කාන්තාවන්ගෙන් වන හිංසනය තුරන් කිරීමේ වැඩසටහන සඳහාද කවුරුන් හෝ ඉදිරිපත්වන්න. (නි)

:       0       0

මහසෙන් Tuesday, 25 October 2016 06:10 AM

අද ඉන්න බොහෝ කාන්තාවන්ට කිසිම ඉවසිමක් නැහැ. කටින් පිටවෙන්නෙ වචන නෙමයි කඩු පහරවල්. මේ නිසයි නගරයේ නම් ආරවුල් ඇති වෙන්නේ. ගම්බද තත්වය වෙනස් විය හැකියි. (නි)

:       0       0

යමුනා Tuesday, 25 October 2016 06:13 AM

මෙම හිංසනය අඩු වැඩි වශයෙන් කාන්තා පිරිමි දෙපාර්ශ්වය අතින්ම වෙනවා. ඒ නිසා කාන්තාවන් ගැන පමණක් කතා කිරීම සුදුසු නැහැ. අපි වර්ථමානය ගැනයි සිතිය යුත්තේ. ක්‍රිස්තු පූර්ව ගණන් වල තත්වය නෙමෙයි. (නි)

:       0       0

යසපාල Tuesday, 25 October 2016 06:17 AM

මේවා කරන්න ගිහින් කාන්තාවෝ නැති හයියක් අරගෙන හොඳට තියෙන පවුල් ටිකත් කඩා ගනියිද මන්දා? මේකෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නේ. නමුත් අපේ රටේ වෙන්නෙ එහෙම දේවල්. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 25 October 2016 06:25 AM

කොළඹ අවට ඉන්න රැකියා කරන බහුතර (ඔක්කොම නෙමෙයි) කාන්තාවන්ගෙන් පිරිමින්ට වන මානසික හිංසනය බොහොම තදයි. මේවා හැංගිලා තියෙන්නේ. පිරිමි අඬන්නෙත් නැහැ. පොලිසි දුවන්නෙන් නැහැ. නිකමට අපේ ටෙලියක් ගන්නකෝ කවුද කෑගහන්නේ? කවුද තීරණ ගන්නේ? කාන්තාව.... (නි)

:       0       0

ජෝති Tuesday, 25 October 2016 02:51 PM

බීමතට තිත තැබීමෙන් ලංකාවේ මේ ප්‍රශ්නය 50% කින් විසදිය හැකියි. පුලුවන්නම් කරන්න. ඔබ දෙපලට මගේ සුබ පැතුම්! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 818 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 993 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 520 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 297 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 323 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 604 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site