මාර්ග ඉදිකිරිමේ දී සියලුම පළාත් සභා කොන්ත්‍රාත් පිස්සුවකින් පෙළෙන බවත් වැඩේ හරියට නොකරන බවත් ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය රත්නපුර ඇලපාත දී කීවාය.
පසුගිය කාලයේ සබරගමු පළාතේ හැඳු පාරවල් අවුරුදු දෙකක්වත් තියාගන්න බැරි ලෙස අබලන් වූයේ නිසි ප‍්‍රමිතියකින් තොරව ඒවා සෑදීම බව කී තලතා අතුකෝරළ ඇමැතිවරිය කොන්ත‍්‍රාත් පිස්සුව හැර ජනතාවට ඵලදායි සේවය නොලැබණු බව ද කීවා ය.
සමෘද්ධි නිලධාරින් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පාරවල් කොන්ත‍්‍රාත් ලබාගෙන බාගෙට වැඩ කරන්නට ලැබුණ කාලය අවසන් බවද ඇය කීවා ය. රජය පිළිගත් ආයතනයක හැර දේශපාලනඥයන්ගේ හිතවත්කම් මත කොන්ත‍්‍රාත් දුන් කාලය අවසන් බව ද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට කළ හැකිනම් ඔන්න හරි වැඩක්. මාර්ග ඉදිකිරීමේදී විතරක් නෙමෙයි, ගොඩනැගිලි ඉදිකිරීම, සමාජසේවා ව්‍යාපෘති ආදී හැම එකටම කොන්ත්‍රාත් පිස්සුව තියෙනවා. (නි)
මෙවැනි එඩිතර තීරණ ගැනීමට රජය පමාවුණා වැඩි නැද්ද කියා අපිට හිතෙනවා. (නි)
මළපොතේ අකුරවත් දන්නේ නැති කොන්ත්‍රාත් බාස්ලටනේ ඔය වැඩ බාරදෙන්නේ. ඉතින් කොහොමද ප්‍රමිතියක් ගැන හිතන්නේ. (නි)
එ්ක ඇත්ත. කාපට් කරපු එකම පාරක්වත් වසර 2 ක්වත් හරියට තිබුනේ නැහැ. අපරාදේ සල්ලි. පාර දෙපැත්තේ කාණු දැම්මේවත්, කාපට් එකේ උසට දෙපැත්තෙන් පස් දාලා තද කළෙත් නැහැ. වැස්සට ඔක්කොම හේදිලා ගියා. (නි)
අවසන් බව කිවුවාට සමහර පළාත් සභාවල තවමත් කොන්ත්‍රාත් ලබා දෙන ක්‍රමය නම් එසේමයි. (නි)
හරියට හරි ඇමතිතුමියනි (නි)
කිසි ගැටළුවක් නැහැ අමතිතුමියනි. එදා ඒ ආණ්ඩුවත්, මෙදා මේ ආණ්ඩුවත් දෙගොල්ලොම හොයන්නේ කොන්ත්‍රාත්ම තමා. (නි)
මෙයට පුළුවන්ද පළාත් මාර්ග ඇමති මහා ඇමැතිත් එක්ක එකතු වෙලා පළාත් සභාවේ ඉංජිනේරුවොත් එක්ක ගහන ගැහිලි නවත්වන්න. පුළුවන් නම් මෙච්චර කල් ගහපුවාට ඇක්ෂන් එකක් ගන්න කියන්න.(බ)
අරණායක සාලව ගමේ පාරක් කොනක්‍රීට් කරලා තියෙනවා පාරේ මුල හරියේ මොනවත් නෑ (බ)
මෙහෙම සිදුවෙනවා නම් ඉතින් හොඳයි (නි)
ඔබේ කතාව හරියටම හරි (නි)
ඇමතිතුමියට මේ කතාව කියන්න විතරක් ආණ්ඩු කාලයෙන් පහෙන් එකකට වැඩි කාලයක් ගියා. වැඩේ කෙරෙන්න කොච්චර කාලයක් ගතවෙයිද කියලා උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ. (නි)