IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අල්ලස් වශයෙන් රුපියල්  මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රජයේ කාර්යාල වල ඇති ලිපි ලේඛන ඉල්ලූ අවස්ථාවේ දී ඉඩම් අමාත්‍යංශය මේ බව දැනුම් දුන් බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේය.


මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ ලේඛන ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශය දැනුම් දුන් බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (15)

කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ

Raveendra Tuesday, 22 May 2018 09:59 AM

සිනි වගේ දියවෙලා යන්න ඇති. වැඩේ ගොඩ වගේ... මහජන පොදු මුදල් විනාශ කළ තවත් කෙනෙක් එලියට එන පෙරනිමිති පහළවෙන ලකුණු දැකගත හැකිය.

:       1       142

වසන්න Tuesday, 22 May 2018 10:38 AM

අල්ලස් ගන්නකොට අතටම අහුවුනා. සාක්ෂි ඕනෑ තරම් තියෙද්දි තවත් ලේඛන හොය හොයා කල්මරන්නේ මොකටද ? වෙන රටකනම් දඩුවම් දීලත් ඉවරයි. තව ටිකක් ඇතුලේ හිටියාම ඇප දෙයි. කාලයක් ඇදගෙන යයි ඊට පස්සේ. රටට දෙයියන්ගෙම පිහිටයි.

:       0       122

raheem Tuesday, 22 May 2018 11:02 AM

වෙන්න බැහැ..... කාගෙ හරි කැබිනට් එකක් ඇතුලේ ඇති හොයල බලන්න. ඉඩම් අමාත්‍යංශයේ එක කැබිනට්එකක්වත් නැද්ද?

:       0       92

sampath Tuesday, 22 May 2018 11:08 AM

ඉඩම් අමාත්‍යංශයට ලේඛන භාරගත් බවට ඇති ලියවිලි පරීක්ෂා කරන්න. එතනින් වගකිවයුත්තන් සොයාගෙන ලේඛන අතුරුදහන් කිරීම සම්බන්දව අදාළ තැනැත්තන්ට නිසි දඩුවම් දී ප්‍රශ්නය නිරාකරණය කරගන්න....

:       0       190

bandula Tuesday, 22 May 2018 11:20 AM

ලේඛන නැත. CCTV කැමරා පින්තූර නැත .බොරු නඩු දැම්මට පොලිසියට නඩු දමන්න ඕන . හා හා කල වරෙන්කො . කොහොමද ග්‍රසේගේ මොලේ

:       0       40

RaveendraTuesday, 22 May 2018 11:58 AM

බන්දුල මහතා ඔබ අදහස් කළේ රෝස පාන් මොලේ ගැනද නැත්නම්

:       1       0

DilTuesday, 22 May 2018 01:58 PM

මේක එක්සත් ජාතික පක්ෂ අමාත්‍යාංශයක වූවානම්, මෙලෙහට ජනාදිපතිතුමා රට දෙවනක් කරළා. හැබැයී හොරා රටෙන් පැනලා සිංගප්පුරුවේ ! අල්ලලා බොරු !!

:       1       69

Bamunuarachchi Tuesday, 22 May 2018 12:51 PM

පෙනෙන විදිහට යාළුවන් දෙන්නා හදලා තිබෙන්නේ එම්. ජී. සුගර් පුද්ගලික සමාගම රවටන්න නැතිනම් කැබිනට් එක ඇතුලේ ඉන්න කස්ටියත් බේරන්න කොල ටික හංගලා ඇති. යාලුවනේ අහු වුණ එක කොරන්න දෙයක් නැත එත් රටට සේවයක් කොරන්න පුළුවන් වැඩේට සම්බන්ද කැබිනට් යාළුවො කවද? කැබිනට් එකයි ඔබ දෙදෙනා සම්බන්ද කොරන මන්ත්‍රි ගොයියලා කවුද? කියලා පෙන්නුවොත්. එහෙම කෙරුවොත් කියන්න පුළුවන් යන යකා කොරහ බිඳගෙන ගියා කියලා

:       0       9

රවින් Tuesday, 22 May 2018 01:08 PM

පැරණි රජකාලේ දඬුවම් තමා මෙයාලට දෙන්න ඕනේ. ගෝල් පෙස් ගෙනිහිල්ලා ප්‍රසිද්දියේ ගල් ගහල දස වද දුන්නනම් කියයි ඔක්කොම ලිපිගොනු තියන තැන , ගත්තු අනිකුත් පගාවල් ගැන , තව තෝරු මෝරු කියක් ඔය දැලේ ඉන්නවද කියල. මේ වගේ පට්ට හොරුන්ට ෂේප් වෙලා යන්න ඉඩදුන්නොත් එහෙම කරන උදවියටත් ඉහතකී දඬුවම තමා දෙන්න ඕනේ.

:       1       341

gunarathna Tuesday, 22 May 2018 01:23 PM

අවසානෙට වගකිවුත්තෝ කියන්නේ මොකක්ද දන්නවද?මේක ණයට ගත්තු මුදලක් ආපහු දෙනකොට අල්ලාගත්තේ කියල කියාවි.

:       0       9

sarath perth Tuesday, 22 May 2018 02:22 PM

අල්ලස්ගත් අයගේ ගෙදර කැබිනෙට්ටුව පරීක්ෂා කර බලන්න

:       0       97

sanath Tuesday, 22 May 2018 04:43 PM

මේකෙන් බේරෙන්න ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට කියන්න පුළුවන් එයාගේ විශ්‍රාම වාහන බලපත්‍රය විකුණලා ගත්ත සල්ලි කෝටි දෙක තමයි ගණන් කරලා බාරගත්තේ කියලා.

:       0       1

de silva Tuesday, 22 May 2018 11:12 PM

මට පෙනෙන විදිහට මේක සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ බලගතු කෙනෙක් , මේ අල්ලාගෙන තිබෙන්නේ බැල මෙහෙවර කරන අතවැසියෝ දෙන්නෙක් , මේකේ වීඩියෝ පටිය පොලිසියට දෙන්න හෝටලය බය නැතිව මගහරින්නේ මොකක හරි ලොකු ශක්තියක් මේ පිටුපස ඇත.

:       0       1

sensa Wednesday, 23 May 2018 03:01 AM

මේ සිද්ධිය කාලාන්තරයක් තිස්සේ වෙන සිද්ධි දාමයක තවත් එක් සිද්ධියක් පමණයි. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් දවසේ ඉදලාම ඌණ සංවර්ධිත රටක් වෙලා තියන තිත්ත ඇත්ත තමයි මේ. මේ දූෂිත නිලධාරින් ඇතිවෙලා තියන මුලු ක්‍රමවේදයම වෙනස්විය යුතුයි. දේශපාලකයින් මේතරම් දූෂිත වෙලා තියෙන්නේ රටේ පරිපාලන රටාවයි. ජනතාව මේක අවබෝධ කරගෙනයි ඉන්නේ. නූගත් වංචනික දේශපාලකයින් සමූහයට රට විනාශ කරන්න අවශ්‍ය කරන මාර්ගය පාදා දෙන්නේ උපදෙස් දෙන්නේ, බත් බැලකම් කරන්නේ පරිපාලන සේවයයි. ඔවුන්දේශපාලකයින්ගේ අතකොලු වෙලා ඉන්න ගමන් දේශපාලකයින් අන්දාගෙන තම තමන්ගේ මඩි තර කර ගැනීම තත්වයට මුලයි. මේ කට්ටිය හිරගෙදර ගියත් අත්දෙක උස්සලා ජයග්‍රාහී ගමණක් යන ආකාරයට ජනතාවට මුකුලු පාන්නේ මේ දූෂිත දේශපාලකයින් මොවුන්ව කෙසේ හෝ බේරා ගන්න නිසයි.

:       0       0

citizen silva Wednesday, 23 May 2018 03:36 AM

මේවට රන්ජන් රාමනායක නිහඩයි... රන්ජනුත් කරන්නේ බොරුව...

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 34 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 60 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 134 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 411 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 413 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1263 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site