IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කාන්තාවන්ට වෙනම සිර මැදිරි ඕනෑ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව   සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී අද (19)  පැවසුවාය.

දැනට බන්ධනාගාරවල  සිරකාරියන් වෙනම රඳවා තැබුවත් කාන්තාවන්ට  වෙනම ස්ථාන වෙන් කිරීම වැදගත් බවද ඇය ප්‍රකාශ කළාය.

අතුකෝරල මහත්මිය මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පහක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

බන්ධනාගාර සඳහා වෛද්‍ය මණ්ඩල  පත් කිරීමේදී එම ක්‍රියාවලිය  සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම සහිතව සිදුවීම වැදගත් බවද  අතුකෝරල මහත්මිය  සඳහන් කළාය.

තලතා අතුකෝරල මහත්මිය මෙසේද පැවසුවාය.

"රටේ ඉඩම් සම්බන්ධයෙන්  විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ කටයුතු බොහොමයක්   සිදුවෙන්නේ මුදලට. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාල  දෙකක් තියනවා. ඒ වගේම රටේ හැම තැනම කාර්යාල  තියෙනවා. හැම  බිම් අඟලක් සම්බන්ධයෙන්ම විස්තර ඒවායේ  තියනවා. මේ තැන් වලින් ජනතාවට ලබාදෙන සේවය පුළුවන් උපරිමයෙන් කළ යුතුයි. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක ලොකු වියදමක් දරන්න බැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙන කටයුතු ස්වාධීන  විය යුතුයි.  නීතිඥ ප්‍රජාව හැටියට මේ පහසුකම් පනත් සංශෝධනය වෙනවා වගේම මේ ගැන පැකිලීමකින් තොරව අපි අවශ්‍ය සහයෝගය දෙනවා . යම් යම් තැන්වල යම් යම් ආයතන වල සිද්ධ වෙන වංචාසහගත දේවල් දූෂිත ක්‍රියා තියෙනවා. මේකට සෘජුවම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ විය යුතුයි. පොලිසියේ වගකීම අති විශාලයි. හැමෝම එකතුවී මේවා ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ රටේ නීතිය මේ සිස්ටම් එක හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒ වගේම බන්ධනාගාර ආඥා පනතේ නීති සංශෝධනය කිරීමෙන් සිරකරුවෝද මනුශ්‍යයෝය කියන එක තහවුරු කරන්න ඇමතිවරයා උත්සාහ කර තිබෙනවා.

බෝනොවන සනීප කළ නොහැකි ලෙඩ  හැදිලා ඉන්න ලෙඩුන් පවා බන්ධනාගාර තුළ ඉන්නවා.මේ සංශෝධන මගින්බ් ඒ අයට හොඳ වෛද්‍ය මණ්ඩලයක්  දාලා තිබෙනවා.එය සෞඛ්‍ය අධ්‍යක්ෂ  නම් කරන වෛද්‍ය මණ්ඩලයක් විය යුතුයි.ඒ වගේම  සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. දැන්  ඇත්තටම බන්ධනාගාරය ගැන කතා කරන්න දෙයක් නෑ.ඇත්තටම දූෂිත වෙලා. ඒක මිනිසුන්ට සලකන්නේ නැති තැනක් කියලා තමයි මට කියන්න වෙන්නේ.



අදහස් (5)

කාන්තාවන්ට වෙනම සිර මැදිරි ඕනෑ

""උම්මදේවි"" Wednesday, 19 October 2022 03:34 PM

හිරේ ඉන්න ගෑණු එකතු වුණාම කොච්චරවත් කියවන නිසා වෙන්නැති අපේ උම්මාදේවිට ඔය අදහස පහල වුනේ...!

:       7       4

sugath Wednesday, 19 October 2022 05:01 PM

කාලීන අවශ්‍යතාවක්...! 

:       1       3

nimal Wednesday, 19 October 2022 05:17 PM

බන්ධනාගාරවල සිටින සියලු සිරකාරියන් කාන්තාවෝය. දැනට බන්ධනාගාරවල සිටිනා සිරකාරියන් සහ කාන්තාවන් අතර වෙනස කුමක්ද?

:       5       0

හීං මාමා Wednesday, 19 October 2022 05:48 PM

උම්මාදේවි කියලා කමෙන්ට් කරන කෙනා හිතාගෙන ඉන්නවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්නේ එකම මංත්‍රීවරියක් පමණයි කියලා හිතෙනවා. මොකද උම්මාදේවි කියන්නේ මෙතුමියට නොවෙයි කියන්න උන්දෑ දන්නේ නැහැ. මෙතුමිය උම්මාදේවි වගේ වැඩකරන කෙනෙක් නොවෙයි..!

:       1       6

fairoos Wednesday, 19 October 2022 07:03 PM

ඉතාම වැදගත් අදහස් ටිකක්...!

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1086 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2179 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1649 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1597 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1061 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 787 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25709 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site