(ඉන්දිකා රාමනායක)
කොවිඩ් රෝගීන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය වැලිකන්ද කන්දකාඩු ප්‍රධාන පුනරුත්ථාපන මධ්‍යස්ථානය නැවතත් පුනරුත්ථාපන කටයුතු ආරම්භ කර ඇත.
නොවැම්බර් මස මුල සිට නැවතත් මෙහි පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළ බව පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි (විශ්‍රාමික) මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසර 1 1/2 ක කාලක් පුරා කොවිඩ් 19 රෝගය ආසාදිතයන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බවද ඒ මහතා සඳහන් කළේය.
එම කාලය තුළ මෙහි සිදු වු පුනරුත්ථාපන කටයුතු වෙනත් ආයතන වෙත යොමු කළ බවද හෙතෙම කියා සිටියේය.
වරකට 1000 ක පිරිසක් එකවර පුනරුත්ථාපනය කිරීමට පහසුක් ඇති විශාලතම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වු මෙහි නැවතත් පුනරුත්ථාපන කටයුතු සදහා ලබා දෙන ලෙසට අමත්‍යවරයා ඇතුලු බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව නැවතත් මෙම මධ්‍යස්ථානය පුනරුත්ථාපන කටයුතු සදහා ලබා දුන් බවද කොමසාරිස්වරයා කියා සිටියේය.
මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වු ඉතිරි රෝගීන් වෙනත් මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද හෙතෙම කීය.
මෙම ස්ථානයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් පුථල් කරමින් 2022 වසරේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කාන්තාවන් ද මෙම පුනරුත්ථාපනය මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පුනරුත්ථාපන කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්දකාඩු යළි පුනරුත්ථාපනයට
K.A.මංජුලා ජයන්ති Friday, 11 March 2022 10:04 PM
මගේ මල්ලි ඉන්නෙත් කන්දකාඩුවල... අපිට එයාගේ තොරතුරක් දැනගන්න ඕන.. දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන්ද?