කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු අවි සැපයුම්කරුවකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා හතරක් අධිකරණයට ලබා දුන් බව නීතිපතිවරයා අද (28) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන අනුව එම වාර්තා සකස් කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා කිවේය. එම වාර්තා ජුනි 4,ජුනි 19, ජුනි 21 සහ ඔක්තෝබර් 15 වැනිදා දිනයන්හිදී අධීකරණයට ඉදිරිපත් කළ බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.
කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මේබව කියා සිටියේය.
එම වාර්තා නඩුවට ගොනු කොට නැති බවට අනාවරණය විය. පසුව එම වාර්තා නඩු ගොනුවට ඇතුළත් කරන ලෙස අභියාචනාධිකරණය ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
පෙත්සම ලබන නොවැම්බර් 12 වැනි දා නැවත කැඳවීම නියම විය. කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී.රටින් පිටවීම වළක්වාලන අතුරු නියෝගයද ලබන නොවැම්බර් 13 වැනිදා තෙක් දීර්ඝ කැරිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කේපි ගැන වාර්තා 4 ක්
පිටිගල මිලානෝ Wednesday, 28 October 2015 12:56 PM
සමහර අයට ප්‍රභාකරන් නරකම කෙනෙක් වෙලා කේපී හොඳම කෙනා වුණ කාලයකුත් තිබුණානේ (නි)
යටවත්ත Wednesday, 28 October 2015 01:56 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
වික්ටර් Wednesday, 28 October 2015 04:05 PM
කේ.පි.ල 1995 පසුව රුසියාවෙන් යුක්රේනෙන් කොටින්ට ගත් අවි ගැන ප්‍රශ්න කළොත් දෙන් තානාපති වරුන් හෙටියට ඉන්න අය ගැනත් තොරතුරු ලැබෙන්න පුළුවන්.යහපාලනය රවටා තනතුරු ගත් අයගේ රෙදි ගෙලෙවෙන්න පුළුවන්. (බ)