කපු නූල් පෙට්ටි 4200ක් ගෙන්වන මුවාවෙන් තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා සපත්තු, සූප්පු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය ක්‍රීම් තොගයක් තොටළඟ අංගනයේ දී රේගු නිවාරණ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේවා නීත්‍යනුකූලව ආනයනය කළේ නම් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ රේගුවට බදු ගෙවිය යුතු බව රේගුව කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි දැන් කාලේ (දී)
මේ බඩු වලට බදු ගෙවන්න ඕනේ ලක්ෂ 125ක්. ඒ නිසාද මේ විදියට හොර පාරෙන් ගෙන්වන්නේ. (ස)
ෂුවර් එකටම දේශපාල හයියක් නැතිව ඇති. (අ)
මේ නීති විරෝධී කන්ටේනර් කීපයක්. එදා සිට අද දක්වා මෙවැනි කන්ටේනර් මොන තරම් තොගයක් ගෙනල්ලා ඇද්ද (නදී)
රංගනාත , අැයි සුදු වෑන් එකක යන්න අාස හිතිලද ? (ස)
ඉස්සර හොරෙන් ගෙනාවේ රත්තරන්. මැණික් කුඩු. දැන් සපත්තුත් හොරෙන් ගෙන්නන්නේ. ඒවටත් මාර බද්දක් වදිනවා ඇති නේද. ඔය ඔක්කොම බදු අන්තිමට බිස්නස් කාරය ආවරණය කර ගන්නේ පාරිභෝගිකයා ගෙන් නේ. මගේ සප්ත්තුවෙත් අඩිය හොදටම ගෙවිල. එත් තව මස 6 ක් වත් දාන්ඩ ඕනේ. (ස)
කවුද මන්ද කිව්වා, ඔය චීනෙන් එවපු ආධාර කියල. අනේ අමාරුවේ වැටෙන්නේ නැතුව ඕක දීල දාන්න.(නදී)
අනේ! ඔන්න ඕක අතහැරලා දාමු! (නි)
අර ග්‍රීස් බැරල් වල දාලා කුඩු ගෙන්වපු කන්ටේනර් එකත් මේ විදිහට පෙන්වන්නකෝ අපිට (නි)
මේවා පුරුදුවෙන්න ගෙන්වනවා නොවෙයි. කොහේ හරි කොස්සක් හිටලා වැඩේ ගැස්සිලා අල්ලා ගත්තා මිසක් පරීක්ෂණ වල හොඳ කමට අහුවුනා නොවේ. අර කලකට පෙර ඝාතනය කල නීති ගරුක රේගු නිලධාරියාගේ කතාව කියෙව්වා නම් රේගුව කියන්නේ මොකක්ද කියලා තේරුම් යනවා. (නදී)
අර ග්‍රැනයිට් කන්ටේනර් දෙක නිදහස් කරන්න නියෝග දීපු ඉහලම නිලධාරියට දඬුවම් නැද්ද?(අ)
ඔතන අර අපේ පොඩි පුතාගේ ලක්ෂේ සපත්තු දෙකත් තියෙනවද කියල බලනවද (අ)
මෙහෙම ගේනවා ,රේගුවෙන් අල්ලනවා ,දඩ ගහනවා..බඩු ප්‍රසිද්ධ වෙන්දේසි කරනවා .ඒවා ගෙනාපු අයම ඒවා අරගෙන විකුණනවා . ආයෙත් හොරපාරෙන් ගෙන්වනවා .සංසාර වගේ ආනයන චක්කරේ මේකයි (අ)
ලොකු දෙස්පාලුවෙක් කොම්පැනියට සම්බන්ධයක් තිබුනානම් ඕක අල්ලන එකක් ණෑ.(අ)
මම මේවා අහුරලා එවන විදියත් දැකල තියෙනවා. ඒවාට උදව් කරන්න වෙනම කට්ටිය ලංකාවෙන් යනවා. සපත්තු චීනෙන් එමීර් රටට එවල එහෙන් මෙහෙට ආයෙත් එවනවා. (දී)
රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා භාණ්ඩවලට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ රේගුවට බදු ගෙවිය යුතු බව රේගුව කියයි. ගණන් හිලව් වරදිලාවත්ද කියලා මට හිතෙනවා.(දී)
ජරාව දුන්නේ නැති හින්ද වෙන්න ඇති අල්ලන්න ඇත්තේ (නදී)