IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘කෝප් වාර්තාව ගැන මෙතෙක් විවාදයක් නෑ‘

‘පසුගිය ඔක්තෝබර් 28 කෝප් වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. මේ පිළිබඳව මේ වනතුරු පාර්ලිමේන්තුවේ විවාදයක් සිදුවී නැහැ. අයවැය විවාදය නිසා සාධාරණ කාලයක් වුණා. කොහොම වුණත් දැන් මෙම වාර්තාව පාර්ලිමේන්තුව සතු ලේඛනයක්. එම නිසා පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ මේ පැනනැගුණු කරුණු සම්බන්ධයෙන් සියලූ මහජන නියෝජිතයින්ට විවෘත සංවාදයක් සිදුකර ගන්න අවස්ථාවක් හදලා එම වාර්තාවේ නිර්දේශයන්, විගණකාධිපති වාර්තාවේ ඇති නිර්දේශයන් ක‍්‍රියාවට නැගීම පිළිබඳ කඩිනම් යාන්ත‍්‍රණයක් සකස් කිරීමයි.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආණ්ඩුව පැත්තෙන් කියනවා මෙම වාර්තාව නීතිපතිවරයාට යොමුකරලා තියෙනවා කියලා. නීති ක්‍ෂෙත‍්‍රයේ ඇතිවෙන කතාබහ තමයි නීතීපතිවරයාට මෙම වාර්තාව යොමුකළාට පස්සේ ඔහු කිව්වොත් මේ වාර්තාව සමඟ අධිකරණ කටයුත්තක් කරන්න බැහැයි කියලා මේ පරීක්‍ෂණ වාර්තාවට මොකක්ද වෙන්නේ කියලා. මේ පිළිබඳ සැකයක් සමාජය ඉස්සරහ තියෙනවා. මෙම වාර්තාව හරිම පුද්ගලයාටද යොමු කළේ කියන එක පිළිබඳව අපට ගැටලූවක් තියෙනවා. මම මේ සාකච්ඡාවට එන්න කලින් අපරාධ නඩු සම්බන්ධ ප‍්‍රමුඛ නීතිඥයන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස තමයි නීතිපතිවරයාත් මෙහි එක් පුද්ගලයෙක්. නීතිපතිවරයාටත් මේ සම්බන්ධ කාර්යභාරයක් තිබෙන බව. නමුත් නීතිපතිවරයාට යන්න කලින් මේ වාර්තාව යා යුතු තැන් තිබෙනවා. ඒවා සම්පූර්ණ වුණාට පස්සේ තමයි නීතිපතිවරයාගේ කාර්යභාරය මතුවෙන්නේ කියලා. නීතිපතිවරයා සාමාන්‍යයෙන් අපරාධ සම්බන්ධ අධි චෝදනා ඉදිරිපත්කරලා ඊට අදාළ මැදිහත්වීම් සිදුකරනවා. ඒවා අපරාධමය නඩුකර. එය දම්වැලක පුරුක් වගේ. සෑම කරුණක්ම එකිනෙකට සම්බන්ධ විය යුතුයි. එක පුරුකක් හෝ ගිලිහුණොත් නඩු කටයුත්ත එතනින් එහාට පවත්වාගෙන යන්න බැහැ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා කීවේය.

web1-(1)



අදහස් (0)

‘කෝප් වාර්තාව ගැන මෙතෙක් විවාදයක් නෑ‘

දිමුත් Monday, 26 December 2016 03:39 PM

යූ එන් පී එකවත් ජේ වී පී එකවත් කවදාවත් මිනිමරන්න එපා කියන්නෙත් නැහැ, ඒවට උසාවි යන්න කියන්නෙත් නැහැ. හෘද සාක්ෂියක් තියන නිසා එයාලට ඒවා කතා කරන්න බැහැ නේද. ඒ නිසා මූල්‍ය වංචා ගැන කතා කරනවා. (නි)

:       0       0

ධම්ම Monday, 26 December 2016 05:04 PM

මේවා කුණුකූඩෙට යන එක වළක්වන්න පුළුවන් ඔබලාටම තමයි. වෙන නම් ඕක ගැන උනන්දුවක් දක්වන කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇති කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

හසන්ත Monday, 26 December 2016 10:22 PM

අයවැයෙන් මේ වගේ බිලියන ගානක් වාසි ගන්න ආයතන වලට අධික බදු බරක් පටවන්න තිබුණා. එ්ත් එහෙම කළාද? හේතුව මේ රටේ මිනිස්සු දන්නවා. (නි)

:       0       0

බන්දුල Tuesday, 27 December 2016 12:33 AM

විවාදයක් නොපවත්වන්නේ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 27 December 2016 12:47 AM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන උපහැරණය අපේ භාවිතයෙන් ඉවත්කර, “එ්කත් හරියට බැංකු වංචාව පාර්ලිමේන්තුවට දැම්මා වගේ“ කියන්න පටන්ගමුද? (නි)

:       0       0

සනත් Tuesday, 27 December 2016 02:21 AM

මේක ඕගොල්ලෝ ගෙනාපු ආණ්ඩුවනේ. ඉතින් අදාළ අයට කෙළින්ම කිය්යන්නකෝ අපිට කියන්නේ නැතුව. (නි)

:       0       0

ගියොන් Tuesday, 27 December 2016 03:54 AM

සියලුම ආණ්ඩු ගෙන්නේ රටේ ජනතාව .අණ්ඩුව පාණ්ඩුවක් වගේ ක්‍රියා කරනකොට මහ ජනයා නිහඩයි.රට විනාශ කරන දේශපාලුවන් වෙනුවෙන් කඩේ යන්න එපා.දැන් වත් බුද්ධිමත්ව හිතන්න. ...(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 191 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 459 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 338 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 963 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 98 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 207 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site