IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කපිලවස්තු ධාතු දෙවැනි වරටත් ලංකාවේ

1978 වසරෙන් පසු  ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බුදුරජාණන් වහන්සේගේ කපිලවත්තු සර්වඥ ධාතූන් වහන්සේලා අගෝස්තු 19 වැනිදා සිට සැප්තැම්බර් හතර වැනිදා දක්වා දිනයන්හිදී ශ්‍රී ලංකාවේ පළාත් හතකදී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය. සර්වඥධාතූන් වහන්සේලා මෙසේ ශ්‍රී ලංකාව වෙත වැඩම කරවනු ලබන්නේ පසුගිය මැයි මස දහ අට වැනිදා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත්, ඉන්දියා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රවීන් සිරිවස්තව, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඒ.ඩී.එස් ගුණවර්ධන, ඉන්දියා මහකොමසාරිස් අශෝක් කේ කාන්ත යන මහත්වරුන් අතර ඇතිවූ ගිවිසුමක් අනුවය. වසර 113කට ඉහතදී, ඉන්දියාවේ පළමු පුරා විද්‍යා ගවේෂණ අධ්‍යක්ෂණය කළ ඇලෙක්සැන්ඩර් කහින්හැම් විසින් සොයා ගැණුනු මේ සර්වඥ ධාතූන්වහන්සේලා හමුවී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සිදු කළ කැණීම් කටයුතු වලදීය. පුරාණ පොත පතෙහි සඳහන් වන අන්දමට බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන‍්සේගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව ධාතු අට කොටසකට බෙදා එක් කොටසක් කපිලවත්තුපුරයේ නෑයනට දී ඇත. මහා පරිනිබ්බාන සූත්‍රයේ කියැවෙන ලෙසට, බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේලා, කපිලවස්තුපුරයේ ශාක්‍යවරුන් අතට ලැබී තිබේ. සර්වඥධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීම මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත. කැලණිය මානෙල්වත්ත විහාරයේ එම ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ කපිලවත්තු රජ මාලිගයේ අනුරුව අනුව ඉදිකළ මන්දිරයේදීය. ශ්‍රී ලංකාවේදී සර්වඥධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන දින හා ස්ථාන මෙසේයි. අගෝස්තු 19-22 කපිලවස්තු ශාලාව, මානෙල්වත්ත මහා විහාරය, කැලණිය. අගෝස්තු 23-24 ශ්‍රී සුමංගල පිරිවෙන වාරියපොළ. අගෝස්තු 25-26 ජයන්ති විහාරය, අනුරාධපුර. අගෝස්තු 27-28 අග්‍රබෝධි විහාරය, කන්තලේ. අගේස්තු 29-30 නාරාන්විට පන්සල, ගම්පොල. අගෝස්තු 31-සැප්තැම්බර් 01 රජමහා විහාරය, පැල්මඩුල්ල. සැප්තැම්බර් 02-සැප්තැම්බර් 04 මාතර කොටිකාගොඩ රජමහා විහාරය, මාතර.



අදහස් (0)

කපිලවස්තු ධාතු දෙවැනි වරටත් ලංකාවේ

අහිංසක Monday, 13 August 2012 04:21 PM

බඩුමිල වැඩිවන විට දාතු පෙන්වීම ඉතාම සුදුසු දෙයකි (දී)

:       0       0

නන්දන Monday, 13 August 2012 10:32 AM

තෙරුවන් සරණයි

:       0       0

ඉමේෂා ලොකුගේ Wednesday, 05 September 2012 02:02 PM

ඇත්තටම සර්වඥ ධාතූන් වහන්සේලා දැත ගන්න ලැබීම බෞද්ධ අපි හැමෝටම ලැබුන පිනක්. (නි)

:       0       0

ධම්මික Monday, 13 August 2012 11:49 AM

සාධු සාධු සාධු! අපේ ලොවුතුරු බුදුන්ගේ ධාතූන් වහන්සේලා දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. (නි)

:       0       0

කොඩිකාර Sunday, 12 August 2012 09:46 PM

සාධු...සාධු...සාධු...

:       0       0

පෙහන්ස ගම්මම්පිල Sunday, 12 August 2012 10:09 PM

මට අවුරුදු 6 ක්.මට හරිම ආසයි බුදුන් වහන්සේගෙ ධාතු බලන්න.සැමට බුදු සරණයි. (ස)

:       0       0

මනෝජ් Sunday, 12 August 2012 10:53 PM

අතිගරු ජනපතිතුමා ඇතුලු රජයේ පින්වත් බැතිමතුන්ට මේ පින් අත්පත් වේවා! (නි)

:       0       0

චානක Monday, 03 September 2012 05:49 PM

සාධු සාධු සාධු! අපේ ලොවුතුරු බුදුන්ගේ ධාතූන් වහන්සේලා දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. (නි)

:       0       0

මධු Sunday, 12 August 2012 11:39 PM

ලංකාවට වැඩම කළාට පස්සේ මේවායේ ආරක්ෂාව ගැන සැකයි. (නි)

:       0       0

කේ ඒ පී මංජුල Sunday, 12 August 2012 01:30 PM

සාධු සාධු සාධු..

:       0       0

කුමාර Monday, 13 August 2012 12:59 AM

අනේ සාධු

:       0       0

ප්‍රියන්ත Sunday, 12 August 2012 01:37 PM

අපි කොච්චර වාසනාවන්තද? (නි)

:       0       0

ඩෙන්සිල්-කුරුනෑගල Monday, 13 August 2012 08:14 PM

අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ. (ත)

:       0       0

අමිර Monday, 13 August 2012 02:23 AM

සාධු සාධු සාධු! අපේ ලොවුතුරු බුදුන්ගේ ධාතූන් වහන්සේලා දැක ගැනීමට ලැබීමත් වාසනාවක්. (නි)

:       0       0

ප්‍රියා Sunday, 12 August 2012 02:08 PM

මෙවන් අවස්ථාවක් උදා කර දුන් සැමට පින් සිදු වේවා! (නි)

:       0       0

රොෂාන් Sunday, 12 August 2012 02:29 PM

තෙරුවන් සරණයි සියළු ලක්වැසි සියළු දෙනාට (නි)

:       0       0

අනුරාධි Sunday, 12 August 2012 02:46 PM

සාධු !සාධු ! සාධු !! ශ්‍රී ලාංකික අපට ලැබෙන ඉතා වටිනා දුර්ලභ අවස්ථාවක්. (ස)

:       0       0

අසංක Monday, 13 August 2012 08:47 AM

අනේ හොදයි

:       0       0

සමන් Monday, 13 August 2012 08:57 AM

මධු, ලංකාව ගැන මෙච්චර අඩු තක්සේරුවකින් කතා කරන්නේ, ඔයා ඉන්නේ වෙන රටකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 107 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5437 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 354 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2056 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site