IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කැබිතිලේලෑව දරුවන්ට ගුරුන්ගෙන් ඇමක්

(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)

කැබිතිගොල්ලෑව නගරයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයකට පිරිස වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ප්‍රාථමික පාසල සිසුනට නොමිලයේ ටිකට් ලබා දී මව්පියන්ද සහෝදර සහෝදරියන් ද සමග සංගීත සංදර්ශනය නැරැඹීට පැමිණෙන්නැයි දැනුම් දීමෙන් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශයේ මව්පියෝ පවසති.

එදාවේලවත් කන්නවත් නැති මොහොතක කුඩා දරුවන්ට පමණක් නොමිලේ ප්‍රවේශපත්‍ර දී සංගීතය නැරැඹීයට මව්පියන් සහ වැඩිහිටියන් ද රැගෙන ආ යුතු බව ගුරුවරුන් පැවැසුවේ යැයි එම දරුවන් මව්පියන්ට පවසා ඇතැයි කියති.

මේ මොහොතේ සංගීතයක් නැරැඹීමට තරම් මුදලක් තමන් සදුව නැතැයි මව්පියෝ කියති. 

දරුවන් අඬනවා සංගීතය බලන්න යමු කියල.නමුත් එක් ටිකට් එකක් රුපියල් 400ක්. අපි කොහොමද රුපියල් 400 වැය කරන්නේ  දරුවන් මානසිකව වැටිල ඉන්නේ. බරපතලම ගැටළුව අපි මේ පාසලට යන්න ඕනේ යකාවැව, කණුගහවැව, කහටගොල්ලෑව, වැනි දුෂ්කර ගම්මානවල ඉඳන්  රෑට අලි කරදර. රෑ 8.00ට ආරම්භ කරන සංගීතය බලලා අපි මහ රැ යන්නේ කොහොමද අලි ගහයි අපට.  ගුරුවරු මේ ගැන ටිකක් හිතන්න තිබුණා යැයි මවු පියෝ කියති.

මෙම පාසලේ දරුවන් 518 දෙනකු දැනට අධ්‍යාපනය ලබන බවත් 

මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සහ කැබිතිගොල්ලෑව ප්‍රථමිකයේ මුරුකරු සමග එකතුව බව ද ඔවුහු චෝදනා කරති. පාසලේ මුරකරු එහි විදුහල්පතිනියේ ළඟම ඥාතියකු බව ද ඇතැම් මව්පියෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරී උත්පලා මහත්මියගෙන් විමසීමේදී මෙසේ කීවාය. නොමිලේ ටිකට් පත් දුන්නාදැයි තමන් දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් සොයා බලනවා.

කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනී ආරියවංශ මහත්මියගෙන් විමසීමක් කළෙමු. ඒ සම්බන්ධයෙන් මෙසේ කීවාය. මේ සම්බන්ධව මවුපියන් ලිඛිතව දන්වලා නෑ. ලිඛිතව ඇයට දැනුම් දෙන ලෙස මව්පියන් දැනුම්වත් කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළාය.

උතුරු මැද පළාත් අධාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා සහ කැබිතිගොල්ලෑව ප්‍රාථමිකයේ විදුහල්පතිනිය සම්බන්ධ කර ගැනීමට ගත්  අසාර්ථක විය.  



අදහස් (1)

කැබිතිලේලෑව දරුවන්ට ගුරුන්ගෙන් ඇමක්

ගුණදාස ලියනපතිරණ Friday, 17 March 2023 02:02 PM

නියම පළාත් අධයාපන අධයක්ෂතුමිය. ලිඛිතිව දෙන්න කියන්නේ දෙමව්පියන් අදුරාගෙන ළමයින්ගෙන් පලිගන්න. මේ වගේ දෙයක ඇත්ත නැත්ත සොයාබලන්න ලිඛිත ඉල්ලීමක් අවශ්‍යය නැහැ.

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 895 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 193 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 587 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 806 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2118 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3169 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 580 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1698 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site