IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


'කාබනික පොහොර තීන්දුවට එරෙහිව රසායන පොහොර නිෂ්පාදකයන් කුමන්ත්‍රණයක'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන්  කාබනික පොහොර තීන්දුව ආපස්සට හැරවීම සඳහා විශාල ආයෝජනයක් කරමින් ලොකු  කුමන්ත්‍රණයක යෙදී සිටින බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී  අද (9) පැවැසීය.

කාබනික පොහොරවලට එරෙහි කුමන්ත්‍රණය පිටුපස  සිදුවූ දුරකතන සංවාද මෙන්ම සමහරුන්ගේ බැංකු ගිණුම්වලට  එන මුදල් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම  සඳහා තමාට කෙටි කාලයක් ලබාදෙන ලෙස ඔහු  මෙහිදී ඉල්ලීමක් කළේය.

රසායනික පොහොර මේ ලෝකයේ දෙවැනි මාෆියාව යැයිද  ඔහු කීවේය.

කෘෂිකර්ම ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජය ගොවියා ඉල්ලූ පොහොර ටික  ලබා දුන් බවත් රටේ කෘෂිකර්මාන්තය කඩාවැටීමට රජය කිසිසේත්ම ඉඩ නොදෙන බවත්  අලුත්ගමගේ මහතා කීවේය.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන බවද ඔහු පැවසුවේය.

ආනයනය කෙරෙන  පොහොර සම්බන්ධයෙන් භූතයකු මවමින් සිටින බව පැවසූ හෙතෙම  ආනයනය කෙරෙන පොහොර සම්බන්ධයෙන් වගකීම රජය බාර ගන්නා බවද  සඳහන් කළේය.

චීන පොහොර නැව ආපසු හරවා යැවුවේ එය නියමිත ක්‍රමවේදයට අනුව නොපැමිණි නිසා බවද ඇමැතිවරයා  පැවසුවේය.

ජනාධිපතිවරයා කාබනික පොහොර  තීරණය ගත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය  තහවුරු කිරීම සඳහා  යැයි  පැවසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා  මෙම තීරණය සමහරුන් වැරදි ආකාරයට  තේරුම් ගෙන ඇතැයිද ප්‍රකාශ කළේය. 



අදහස් (8)

'කාබනික පොහොර තීන්දුවට එරෙහිව රසායන පොහොර නිෂ්පාදකයන් කුමන්ත්‍රණයක'

Hafeel Tuesday, 09 November 2021 02:48 PM

චීන පොහොර නැව ආපසු හරවා යැවුවේ බේරුවල මුහුදු සීමාවටද? ගොං කතා.

:       3       25

sharm warn Tuesday, 09 November 2021 03:05 PM

රසායනික පොහොර වලින් විතරද වස එකතු වෙන්නේ ? ඇයි පලිබෝධනාෂක වලින් විටමින් ,ප්‍රෝටීන් එකතු වෙනවද ?නොහැකියාව වහගන්න බොරු බයිලා කියන්නම හැදිච්ච කටක් මෙයාට තියෙන්නේ. චන්දෙදී කියන බේගල්ම තමයි තවම ඇද බාන්නේ .අහරේ වෙන්න තියන දේවල් රටට වෙලා ඉවරයි

:       3       14

nuwa Tuesday, 09 November 2021 03:24 PM

රසායනික පොහොර ගස්වලට දාන්න බැරි වුණොත් ඔය කොම්පැනි ඕව කෑමට හරි දාල එවනවා අපිට කන්න.... මිනිස්සු කිරිපිටි බොන එක අඩු වුණාම යෝගට් හදල එවනව වගේ..

:       7       8

fairoos Tuesday, 09 November 2021 03:41 PM

අනේ මෙහෙමත් ඇමතියෙක් ?හැම එකක්ම අනුන්ගේ කරට දාලා ලිස්සා යනවා

:       4       15

Lalith M Tuesday, 09 November 2021 05:22 PM

මොනව කිව්වත් වැඩක් නෑ. අනාගත්ත රජු සහ නුවනක්කාර ඇමති ෆේල්. කයිය පැත්තකට දාල පොහොර දෙන්න. ලෝකයේ පූර්ණ කාබනික වගාව 0.5% වඩා නැත. අස්වැන්න අඩුයි. රෝග වැඩියි.

:       0       1

Sunil Tuesday, 09 November 2021 06:02 PM

මේ ඇමති තුමන්ගේ වික්‍රම වල ප්‍රතිපල ලැබෙන්න තව මාස තුන හතරක් යයි

:       0       1

ගමරාල Tuesday, 09 November 2021 07:54 PM

රටේ මිනිස්සුන්ට දැන් බඩගින්නෙ ඉන්න වෙන්නෙත් කොහෙ හරි කුමන්ත්‍රණ නිසා කියලා කියන එක පරණ සිංදුවක්නෙ. අපරාදෙ ත්‍රස්තවාදි , විදුලි පුටු , බැදුම්කර ගැන කථා අඩු වුණේ. නැතිනම් මේ අය පුදුම නාට්‍යය තේමානෙ රග දක්වන්නෙ. මොකද හරි අධ්‍යාපනයක්වත් ලැබිල නෑ සැබෑ ඉලක්ක සපුරා පෙන්වන්න.

:       0       4

Sana Wednesday, 10 November 2021 01:38 PM

මේ වැඩ හින්දා දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාවයි. අපේ ටනල් ගහලා එළවළු, පලතුරු වවලා අපනයනය කරපු ටික අනාථවෙලා ඉන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 113 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 716 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2215 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 297 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1566 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 499 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site