කබර හූනකු රුපියල් ලක්ෂ හයකට විකිණීමට ගිය බව කියන පුද්ගලයකු ඔක්තෝබර 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
සැකකරු පැවසුවේ දුර්ලභ හූනකු හා දුර්ලභ හක්ගෙඩියක් ගෙන ආවොත් හොඳ ගණනකට විකුණා ගත හැකි බවයි.
සැකකාර දයාන් චමින්ද වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී චන්ද්‍රා අබේරත්න මහතා පැවසුවේ හූනා රුපියල් හය ලක්ෂයක් වටින බව පොලිසිය ආවාට ගියාට තක්සේරු කර ඇති බවයි.
හූනා දෙහිවල සතුන්වත්තට යවා වාර්තාවක් ගන්නා ලෙසත්, හූනකු රැගෙන කොළඹට එන ලෙස ඔහුට දැන්වූ පොලිස් නිලධාරියා කවුදැයි වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සතෙක්ටවත් නිදහසේ ඉන්න නෑනේ.(හේ)
කබර හුනන් ඇමෙරිකාවේ සුරතල් සතුන් විකුණන තැන්වල $50 -60 වගේ ගානකට විකුනන්නේ. ලංකාවේ මිනිස්සු මෙච්චර ලොකු ගානකට කාටද විකුනන්නේ කියල හිතාගන්න බැහැ(අ)
ඒ කියන්නේ මේකට පොලිස් නිලධාරියෙකුත් හවුල්ද? (නි)
ඔය වගේ පොඩි පොඩි මගඩි පිටුපස පොලිසිය ඉන්නවා කියන එන පුදුමයක් නෙමෙයි (නි)
නැකතත් බලලා හූනා අරන් ආවානම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ.(හේ)