(වියලුව වාර්තාකරු)

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල අරාව පාර මංසන්ධිය අසලදී අද අලුයම 2.00ට පමණ කැබ් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පස් දෙනකු  තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ 5 දෙනකු අතරින් බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනකු වැඩි දුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත යොමු කර ඇත.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරාව පින්නගොල්ල මහගම පදිංචි බී.බී සෙනවිරත්න 60 නැමැති පුද්ගලයෙකි.

කරදගහමඩ හා කණුගොල්ල ගම්මානවල පදිංචි පිරිසක් මෙසේ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර කැබ් රථයේ රියැදුරද සිටින බව පොලිසිය පවසයි.