
(ගයාන් සූරිය ආරච්චි)
විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් "බඩෝවිට අසංක" නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන කාන්තා ජාවාරම්කාරියක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලැබුණු තියුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වැටලීම් කණ්ඩායමක් දෙහිවල පොලිස් වසමට අයත් අබේසේකර පාර, ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 62 යි මිලිග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඇය විදේශගතව සිටින "බඩෝවිට අසංක" නමැති මත්ද්‍රව්‍ය ජාලයේ මෙරට ප්‍රධානතම ජාවාරම්කාරිය ලෙස කටයුතු කරමින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සොයාගත් හෙරොයින් ඉදිරි නීතිමය කටයුතු හා වැඩිදුර විමර්ශන සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd