කුමන්ත්‍රණකාරී කුඩා කල්ලියට මුහුණ දෙන්න සියලු දෙනා සිටිනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(07) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
‘ජනාධිපතිතුමත් අගමැතිතුමාත් පක්ෂයේ අනිත් සාමාජිකයනුත් ඒ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මේක ආණ්ඩුවට විරුද්ධව කරන වැඩක් මේකට හැමදෙනාම සහයෝගයෙන් මුහුණ දෙනවා ඒ වගේ ජි.එස් .පී සහනය මේ මාසේ අග ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලැබෙනවද ?
උත්තරය - ආණ්ඩුවේ කොටස් කරුවෝ නෙවෙයි නේ
ප්‍රශ්නය - තුනෙන් දෙකක් හම්බ වෙයිද ?
උත්තරය- සමහරවිට
ප්‍රශ්නය- දෙමළ සන්ධානයේ සහාය ලැබේද
උත්තරය- මම දන්නේ නැහැ හෙට බලන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටම බලමු.(හේ)
මෙතුමා අපේ රටට ආඩම්බරයක්. දියුණු රටවල මුදල් ඇමතිවරුන්ට මෙතුමාගෙන් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා (නි)
බොහොම හොඳයි. ඉදිරියටම යන්න (නි)
මවා පාන්න හරි දක්ෂයිනේ හෙටත් මොකක්හරි ගුණ්ඩුවක් ඇදල දිනයි. (ම)
දිලුම්, මොකටද ගුණ්ඩු අදින්නේ. විශාල වැඩි චන්ද ප්‍රමාණයක් තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දවල නෙමෙයි, හෘදය සාක්ෂියේ.(හේ)
තව අවුරුදු ගානක් යනකොට රටට මොකක් වෙයිද.? (ර)