වෙළෙඳ සේවා හොකී සංගමය 35 වැනි වරට සංවිධානය කළ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව දිනා ගැනීමට කොමර්ෂල් බැංකු ක‍්‍රීඩකයෝ සමත්වුහ. කොමර්ෂල් බැංකුව මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් හත්වැනි අවස්ථාව මෙය වේ. සමාගම් සහ ආයතන කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් ඒ, බී, සී, ඞී සහ ඊ යන කාණ්ඩ පහකින් මෙම තරගාවලිය බොරැල්ල පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (23) නිමාවිය. ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු ‘ඒ’ පිල පරදවා කොමර්ෂල් බැංකු පිල ගෝල 3-1 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ගෝල 1-1 ක් ලෙස දෙපිලම සමව සිටි අතර දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් ලබාගත් කොමර්ෂල් බැංකු පිල ජය ලැබීය. ජයග‍්‍රාහී කොමර්ෂල් බැංකු පිලේ මිලාන් ආරියවංශ, නායක නවීන් පද්මසිරි සහ අංජු හේවගේ ගෝලය බැගින් ලැබුහ. හැටන් නැෂනල් බැංකු පිල වෙනුවෙන් එම්. එම්. ගසාලි ගෝලය වර්තා කළේය. වර්ෂාව මධ්‍යයේ පැවැති අවසන් තරගයේ අවසාන විනාඩි කිහිපයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ගැටුමක් ද හට ගත්තේය. කෙසේ වෙතත් විනිසුරුවරුන් හා සංවිධායකවරුන් එක්ව ගැටුම සමතයකට පත් කිරීමට කටයුතු කළහ. කොමර්ෂල් බැංකු පිලේ මිලාන් ආරියවංශ ‘ඒ’ කොටසේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. වසරේ දක්‍ෂතම යොවුන් කී‍්‍රඩකයා ලෙස කොමර්ෂල් බැංකු පිලේ ජනිත විතාරනගේ තේරීපත්විය. සෙසු අවසන් තරග ප‍්‍රතිඵල: ‘බී’ කාණ්ඩය: යුනිලිවර් සමාගම් පිල විසින් කොමර්ෂල් බැංකු ‘බී’ පිල පරාජය කරන ලදී. (දඬුවම් පහර 1-0) ‘සී’ කාණ්ඩය: බ‍්‍රවුන්ස් සමාගම් පිල විසින් ඒ. ඩබ්. ඞී. සමාගම් පිල පරාජය කරන ලදී. (1-0) ‘ඞී’ කාණ්ඩය: අවිවා එන්. ඞී. බී. බැංකුව විසින් හේලීස් සමාගම් පිල පරාජය කරන ලදී. (3-1) ‘ඊ’ කාණ්ඩය: ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුව විසින් ගැලැක්සෝ ස්මිත් ක්ලයින් පරාජය කරන ලදී.(දඬුවම් පහර 3-2)
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොමර්ෂල් බැංකුව වෙළෙඳ සේවා සත් සාමාජික හොකී ශූරතාව දිනයි
අසංක Wednesday, 23 November 2011 08:53 PM
ඇත්තටම මමත් කැමති