කුරුණෑගල නාරම්මල සමන් ඉන්ද්‍රසිරි මහතා සිය දෙහැවිරිදි පුතාගේ උපන් දිනය බත්තරමුල්ල කොස්වත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට මහ පාර අයිනේ සැමැරීය.
උපන්දින කෙක් ගෙඩිය පාර අයිනේ තබා පුංචි පුතා ලවා කැප්පවු ඔහු පැවසුයේ අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් රට රැකියාවට යැවීම නතර කළ යුතු බවයි.
සෞදි අරාබියේ රැකියාවට යෑමට බිරිය ගත් තීරණය වෙනස් කැර ගැනීමට පොලීසියට ගියත් වැඩක් නොවු බව ඔහු කියයි.මව් කිරි දිය යුතු වයසේ දරුවන්ට මව්වරුන් රට රැකියාවනට යැවීම තහනම් කළ යුතු බව ඔහු පවසයි.
මාස හයකින් තම බිරිය ගැන කිසිදු තොරතුරක් නැති බව ද ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමියාගේ කීම් නාහ, දරුවා අත්හැරලා ගිහින් ඇත්තේ "විසේට" නේ. දැන් ඉතින් පරක්කු වැඩියි. (අ)
ඕක ඔය තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි ඔය වගේ මවු වරු සෞදි අරාබියේ රැකියාවට ගිහිල්ල එහෙ ඉන්න බබාලට කිරි දෙනවා. අද ඊයේ කරන දෙයක්යැ කවුරුත් දන්නා රහසක්. ටික කලක් යනකොට ලංකාවේ බබා අමතක වෙනවා.(අ)
පාලකයිනි ඔබේ අවධානය පිණිසයි ....!(දිල්)
අපිටත් වඩා ආර්ථිකයෙන් දුර්වල රටවල් වලින් කාන්තාවන් රට යවන්නේ නැහැ. එ්ත් අපේ කට්ටිය රට ගිහින් ගම කනවා. (නදී)
මේ හැම කෙනාම අපේම සහෝදර මිනිස්සුන්ව පාච්චල් කරනවා. මේ අසරණයෝ යන්නේ දුප්පත් කම නිසයි. වෙන දෙයක් හින්ද නොවෙයි. මෙහෙම කියන්න එපා. මේ මිනිස්සුන්ගේ ලැබිය යුතු උරුමය හොරකම් කරන නිසයි. (නදී)
බයවන්න දෙයක් නැහැ. එයා බබෙක් හදාවි (නදී)
සමන් මහත්තයෝ රත්නගේ කතාව හරි. ඔයින් ගියා ඇති . දරුවාව හොදින් රැක බලාගන්න. (නදී)
හුඟක් කාන්තාවන් මැද පෙරදිග යන්නේ මුදල් ප්‍රශ්න පවුල් ප්‍රශ්න නිසාම නොවේ. තමාගේ නිදහස පතා. මෙහේ මිනිස්සුන්ගේ පුදුම ලස්සනක්නේ තියෙන්නේ. මෙහි ඔටු කිරිත් තියනවා. (නදී)
මේ දැන්වීම දැකලවත් හිත උනු උනොත් හොඳයි (නදී)
මව්වරුන් පමණක් නෙවෙයි. සියලුම කාන්තාවන් යැවීම සම්පූර්ණයෙන් නතර කල යුතුයි. මෙච්චර දේවල් වෙලත්, මුදලට කෑදර අපේ බලධාරීන් මේක නවත්තන්න කැමති නෑ. (නදී)
රජය මීට පිළියම් යොදා තිබෙනවා නේද ?කුඩා ළමයකුට මවගේ ආදරය ඉතාම අවශ්‍යයි. නැත්නම් ළමයා ලෙහෙසියෙන් නොමග යනවා. සමාජ විරෝදියෙක් වෙනවා. මානසිකව අසමාන පුද්ගලයෙක් වෙනවා. (නදී)
අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්! පව් අර අසරණ දරුවා සහ පියා (නදී)
රටේ වැඩිම ආදායම ලැබෙන්නේ මේකෙන්. කොහොමද මේක නවත්වන්නේ. ගෑනු රට යන එක නැවැත්තුවොත් ලෙඩේ තමයි. කාර් රේස් දුවන්න අමාරුවෙයි. අනික රට විරුවන් කාට දෙන්නද?. රටේ ගෑනු නිසා තමයි රට රැකෙන්නේ. (නදී)
දැන් බලන්න මේ සැමියාගේ විරෝධය මැද නේද මේ ගිහින් තියෙන්නේ. ? බොහෝ විට වෙනත් සැමියන් බිරිඳ රට යවා එයා එවන මුදලින් කාගෙන බීගෙන නාස්ති වෙන්න පෙළඹෙනවා. මෙතන ඊට වෙනස්. මට නම් මේ පොඩි දරුවා ගැන බොහොම කනගාටුයි. මේ සැමියා වෙනත් සැමියන් වගේ නැති නාස්ති නොවී දරුවත් රැකගෙන මෙහෙම කෙලින් කටින් ඉන්න එකට වෙනම තෑග්ගක් දෙන්න ඕනා. (නදී)
අරාබියේ ඉන්නේ මුරුගයෝ. අපේ පාලකයන්ට ඕනේ දුප්පතුන්ගේ ලේ. අරාබියට අපේ මාතාවන් යැවීම වහා තහනම් කළ යුතුයි (නදී)
ගෑනිව රට යවල ඉවර වෙලා ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. නියම පිරිමියක් නම් ගෑනිව ගෙදර තියලා මිනිහා රස්සාවක් කරන එක තමයි හරි. ලංකාවේ කිසිම කෙනෙක් ගෙවල් වල වැඩට එන්න අවශ්‍ය නැහැ පිට රටවල ඕන තරම් රස්සාවල් තියනවා වෙනත් අංශ වල වැදගත් රස්සාවල්. ආණ්ඩුවට පුළුවන් අපේ මිනිසුන්ව මාස 6 මාස 12ක් නොමිලේ පුහුණුවක් කරලා එවන්න. කවදා හරි දවසක ලංකාවට අාපුවහම දැනුමක් සල්ලිත් එක්ක එන්න. ඊට පස්සේ ඒ මිනිස්සු තවත් දියුනුවන මගක් හොයා ගනී. මම මැද පෙරදිග ගොඩක් රටවල් වල ගිහින් තියනවා. ලංකාවේ මිනිස්සු ගොඩක් දුක් විදිනවා කන්න නැතුව තව කොටසක් බිමට සුදුවට ඇබ්බැහි වෙලා තවත් ගැහැණු වෙන වෙන දේට පුරුදු වෙලා මැද පරදිගට එන ගැහැනියක් බොහෝ විට තනි වෙනවා. ඒකයි මෙහෙම වෙන්නේ (නදී)
මගේ රටේ කාන්තාවන් රට රැකියා සදහා යවන එක සම්පූර්ණයෙන්ම නැවතීය යුතුයි. එ් අයට අරාබි හාම්පුතුන්ගෙන් වන හිරිහැර කවදාවත් ලංකාවට ආවම කියන්නේ නැහැ. රටේ වගකීව යුතු අය මේ ගැන සොයා බලන්න (නදී)
ලංකාවේ වගේද මැදපෙරදිග? (නදී)
වයස 5 ට අඩු දරුවෙකු පියකු සමගින් තනිකර ගිය මවට දොස් නොකියා එයට හේතු සොයා බැලීම වටිනවා නේද මිනිසුනේ. ගියේ වෙන කරන්න දෙයක් නැතිම තැනදිද අපි දන්නවද. කෙසේ වෙතත් පිරිමියෙකුගේ වගකීම ගැහැණිය අරගෙන පිටරට වහල් සේවේට ගිය එක අනුමත කරන්න බැහැ. අන්න එතැනදී කිසිම කාන්තාවක් පිටරට වහල් සේවේට යැවීම ගැන දෙවරක් සිතිය යුතු කරුණක්. ඔබ ගැහැනුන් ගැන කතා කරනවිට මව්බිමේ උදාර කාන්තාවන් ගැන, පිටරටවල දුක් විදින අපේම සොයුරියන් , මව්වරු ගැන ගරුත්වයක් දී කතා කිරීම වටී. (නදී)
නාහයට නාහන මෙවැනි කාන්තාවන් නිසා කොපමණ පවුල් අසරණ වෙනවද. අර කිව්වත් වගේ ඔටු කිරිවලයි රට ඉදිවලයි ඇලජික් එකක්ද කොහෙද මේ කාන්තාවට තිබිල තියෙන්නේ. (නදී)
මෙවෙනි රට විරුවෝ තමයි අපේ රට ගොඩ නගන්නේ (නදී)
ලංකාවේ පිරිමි අයට කොන්ද පන තියෙනවා නම් කාන්තාවන් රට යන්නේ නැහැ (නදී)
අනේ දෙවියනේ, මේ අයට ගැහැණු විකුනලා හරි සල්ලි ලැබුනොත් ඇතිද (නදී)
නියම පියෙක්. සෞදිය කියන්නේ නිරයක්. දන්නා හින්දයි කියන්නේ (නදී)
සෞදියේ පමණක් නොවේ මේ ඊශ්‍රායලයෙත් එහෙම තමයි (නදී)
මේවා දකින අපටත් පිස්සු. නමුත් මේ තාත්තා පාරේ හරි පුතාගේ උපන් දිනය සැමරුවා. එ්ක ගොඩක් වටිනවා. සමහර තාත්තල බිරිද රට ගිහාම දරුවන්ට කන්න දෙන්නෙත් නැතුව වෙන වෙන පිස්සු කෙලින්නේ. කොහොම උනත් කාන්තා පක්ෂය රට යන එක තහනම් කල යුතු දෙයක්. (නදී)
පිටරට ගිහිල්ල 30000/= ගන්නවට වැඩිය නරකද ලංකාවේ ගෙදරක වැඩකරලා 15000/= ක් ගත්තාම මදිද. ලංකාවේ ඕනේ තරම් ගෙවල් තියනවා 15000/= ගෙවන තැන්. මමත් ඒ ගාන ගෙවනවා මාසේ අන්තිම වීක් එන්ඩ් එකට ගෙදර යන්න පුළුවන්. කෑම ඇදුම් බෙහෙත් ඔක්කොම බැලුවම මෙහෙ වැඩ කරන එක ලාබයි නේද. (නදී)
රත්න මහත්තයෝ දන්නේ නැති දේවල් වලට කොමෙන්ට්ස් දාන්න එපා. ඔයා කොහොමද කියන්නේ එම කාන්තාව රට ගියේ මොකටද විසේටද නැත්නම් ආර්ටික ගැටළු නිසාද කියලා. මට පේන්නේ ඔයාට පුද්ගලික අත්දැකීමක් තියෙනවා වගේ (නදී)
මේ අහිංසක ගැහැනුන්ව රට යවන්න උඩ ගෙඩි දෙන්නේ රජය විතරක් නොවෙයි ප්‍රසිද්ද රේඩියෝ නාලිකා මගින්ද මහත් පුරසාරම් කියලා ජිවිත නැති කරනවා. (නදී)
පොඩි ළමයි ඉන්න මව් වරුන් යවන්න බැහැ නේද? විදේශ රැකියා නියුක්ති කාරයංශය නේද මේකට වගකියන්න ඕනේ. අත යටින් නිලධාරියෙකුට සල්ලි දීලද ගියේ (නදී)
එතකොට ලංකාවට විදේශ ආදායමක් කෝ ආණ්ඩුව කොහොමද ගෙනියන්නේ ? කොහොමද වැටුප් ගෙවන්නේ (නදී)
රත්න මහත්මයාගේ අදහසට සෑම් මහත්තයා පරල වෙලා තියෙන්නේ. එයාගේ හාමිනේත් රටද කොහෙද. මිනිහා ගෑනිට රට යන්න එපයි කියන්නේ ගෑනිටයි දරුවටයි කන්න දෙන්න පුළුවන් හින්දනේ. එහෙම නම් ඉතින් ගෑනි රට යන්නේ විසේට මිස අහවල් කාරනේටද. හැබැයි ඉතින් ගෑනිව රට යවලා ඒ මුදල් වලින් දෙකක් දාගන වටේ යන අයත් ඉන්නවා. පරල වෙන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ අය (නදී)
මේ කාන්තාව කව්රුවත් බලෙන් අරන් ගිහින් රට පටවලා නෙවෙයි තමන් කැමැත්තෙන් ගුවන් යානයට ගොඩ වෙලා නේ යන්න ඇත්තේ. රටේ ලෝකේ නීති හදන්න කලින් තමන් හැදෙමු. (නදී)
මේවා නතර කරන්න බැහැ දුප්පත් කම මත තමයි ගැහැනු රට යන්නේ. පිරිමි ගැණු වගේ ගෙදරට වෙලා කකා ළමයි හද හදා ඉන්නවා ගෙවල් වල ගැටලු විසදන්න බලන්නේ නැහැ. මේ වැනි අය රට යන්න එන කොට බලලා ලංකාවේ කුමණ හෝ රැකියාවක් ලබා දිමත් පවුල් ගැන සොයා බැලිමත් සිදු කල යුතුයි. පිරිමියා හොඳ නම් ගැහැණු රට යන්නේ නැහැ (නදී)
පිට රට යන්නේ පන පිටින් එනකොට එන්නේ බබ්බු හදාගෙන නැත්නම් ඇන ගහගෙන එක්කෝ පෙට්ටියෙන්. තවත් නැත්නම් ආගිය අතක් නෑ. ඔය රටවල් වල හැටි. යන්න එපා. පවුලම කබලෙන් ලිපට වැටෙන වැඩ කරන්න එපා. (නදී)
කිව්වා නාහන බිරිය රට ගිහින් හොට බිම ඇනගෙන එ්වි. සැමියාට තියෙන්නේ හිත වට්ට ගන්නේ නැතිව දරුවා ගැන සිතා හොඳින් ජීවත් වෙන්න. (නදී)
අපේ රට පාලනය කරන සියලුම දෙනා ඔවුන්ගේ මඩිය තර කරගන්නවා මිසක් වෙන නම් කිසිම සෙතක් මිනිසුන්ට කරන්නේ නැහැ. ඒ නිසයි මෙහෙම දෙමව්පියන් දුක් විදින්නේ. අසරණයන්ට කිසි සෙතක් නැති මැරකමින් අපේ මනාපය උදුරගන්න මෙවැනි පාලකයින් ඉන්නකන් අහිංසක ළමයින්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)
මේක වරදවා තේරුම්ගන්න එපා. කිසිම රජයක් ඔබේ නිවසට ඇවිත් බලපෑම් කරලා නැහැ. අනික යන හෝ නොයන බව තීරණය කල යුත්තේ ඒ අය. නමුත් රජය මෙතන අතර මැදියෙක් පමණි (නදී)
ටෙනිසන් කියල මහත්තයෙක් විහිළු කොමෙන්ට් එකක් දාලා ඔබතුමා ටෙනිසන් කුරේ ද කියල මට සැකයි (නදී)
දුප්පත් අය රට යැව්වොත් තමයි අපේ හොද්ද බොර වෙන්නේ (නදී)
මෙතන වැරැද්ද බිරිය එපා කියද්දී ගියඑකයි (නි)
මමත් විදේශගත වෙලා ඉන්නේ. මගේ දරුපවුල වෙනුවෙන් මම ඒ කැපකිරීම කරනවා.අපේ රටේ තාත්තලා කොන්ද පණ ඇතුව දරුපවුල රකිනවා නම් අම්මාලට දරුවෝ දාලා රට යන්න වෙන්නේ නැහැ .මගේ අදහස නම් ඒකයි (නි)
ලංකාවේ මේ සම්බන්ධයෙන් නීති පනවා තිබෙනවා (නි)
තමාගෙම බිරිඳ නොහදා රට හදන්න යන්නේ ඇයි? අනික ඔහුගේ වචනයට ඇය කීකරු නැති බව පෙනීයනවා (නි)
සිංහලය වඳ කරන අරාබි කුමන්ත්‍රණවල ප්‍රතිපලය තමයි දැන් අත්විඳින්නේ. අපේ කාන්තාවන් රටපටවනවා,මෙහෙන් වඳ පෙති බෙදනවා. අපේ මහඅය විදේශ විනිමය කියල කාන්තාවන් විකුණගෙන ජීවත් වෙනවා. (ස)
අනේ පව් (ස)
ඉසුරන්දි හරියටම හරි. මෙතන සිදු වෙන්නේ කාන්තාවන්ට අපහාස කිරීමක් නෙවෙයි. අපේ රටේ බහුතරයක් දෙනා දන්නවා කාන්තාවන්ට ගෞරව කරන්න. (ටික දෙනෙක් හැරුණුවිට ) විවේචනයට ලක්වෙන්නේ ඒ විදිහට හැසිරෙන අය පමණයි. (ස)
මේ සෑම දෙයකටම රජය වගකිව යුතුයි. ගැහැණු අය මැදපෙරදිග යැවීම වහාම නතරකළ යුතුයි (නි)
මේ ගැන මධ්‍යස්ථව හිතලා බලන්න වෙනවා.සමහර දෙමාපියන් පවුලේ සුභසිද්ධිය තකාම විදේශගත වෙනවා. බහුතරයක් විදේශගත වීමට පෙර එහෙම හිතලා විදේශගත වුණාට පසු නොයෙකුත් සම්බන්ධතා ඇතිකර ගනිමින් දරුපවුල අමතක කර දමා තම රටටවත් එන්නේ නැතුව අන්තිමේදී මුළු ජීවිතයම නාස්තිකර ගන්නවා. (නි)
දැන් ඔන්න මේක දැක්කම සමහරු බනිවි මමත් මැද පෙරදිග ගිය කාන්තාවක් කියලා. මැද පෙරදිග ගිය පමණින් සියලුම කාන්තාවන් කිසිම චාරයක් නැති කාන්තාවන් ඝණයට දැමීම වැරදියි. එහේ ගිහින් වැදගත් විදියට ජීවත්වෙමින් පවුලත් ගොඩදාගන්න කාන්තාවන් ඉන්නවා. අනෙක මම කියන්නේ ගෘහ සේවිකා වෘත්තීය පහත්කොට කතා කරන්න එපා. අපේ රටට එන විදේශ විනිමය ගැන උඩපැනලා කතා කරනවා. වෙනත් බටහිර රටවලත් ලංකාවේ සම්මතයේ හැටියට ගෘහ සේවිකා වෘත්තියට අන්ත කම්කරු රැකියා කරන ලාංකිකයන් ඉන්නවා. ඒත් ඒ කාරණාව , ජීවත්වන රට සහ ඔවුන් ලංකාවට එවන විනිමය වර්ග වන ඇමෙරිකන්, ඕස්ට්‍රේලියන් ඩොලර්, සහ බ්‍රිතාන්‍ය පවුම් නිසා වැහිලා. (නි)
ඇයි කවුරුවත් රට ඇතුළේ "විසේ" ගැන කතා නොකරන්නේ? අර දෙයියෝ සාක්කි තීරයේම තිබුනේ සායක් ඇඳගෙන අල්ලාගත් මහත්තයෙක් ගැන.ඒකේ නෝනා පරසිදු ගාලු පුරයෙනේ. (නි)
අද රටේ මෙය හැරෙන්නට වෙන සංවර්ධන ක්‍රමයක් නැතුවා වගෙයි (නි)
අපි ආසියාවේ අර මොකක්ද එක වෙන්න යන ගමනේදී ඔය වගේ කැපකිරීම් කරන්න වෙනවා. ඔහොම යමු (නි)
මෙතන වෙලා තියෙන්නේ සැමියාට තමන්ගේ බිරිය පාලනය කරගන්න බැරි වෙලා තියෙන එක. කාන්තාවක් හදා ගන්නවට වඩා ගොඩාක් අමාරුයි රටක්ම හදන්න මහත්තයෝ. (නි)
රට ගිහින් වෙන ආපදා වලට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ආණ්ඩුව වග කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සේවා සඳහා පිටරට ගිය උදවිය ගැන පමණයි. මානුෂිකව රජය මැදිහත් වී වෙනත් අයුරින් හැකි උදව්වක් කිරීම වෙනම කතාවක්. තමන්ගේ නෝනාට හැකි උපරිම අයුරින් කන්න අඳින්න දීලා ගෙදර ඉන්න හිතෙන විදියට හොඳින් සළකලා ඒත් බැරි නම් ආණ්ඩු මට්ටු කරලා හරි රට නොයවා තියාගන්න එක පිරිමියාගේ වැඩක්. එහෙම නැතුව ආණ්ඩුවටයි පවතින සමාජයටයි අල්ලපු ගෙදර පොහොසතාටයි බැනලා වැඩක් නැහැ. (නි)
සංවේදී ප්‍රවෘත්තියක් (නි)
අද සමාජයේ සුඛෝපභෝගී ජීවිත ගතකරන අයට දුප්පතාගේ දුප්පත්කම ගැන තේරෙන්නේ නැහැ. දුප්පත්කම, නැතිබැරිකම නැති කරගන්න මැද පෙරදිග ගොස් කාන්තාවන් ගෙවල්වල දාසකම් කරනවා. හැම කරදරයකටම මුහුණ දෙනවා. මුදල් හම්බ කරන්න අද සමාජයේ ගැහැණිය අතකොලුවක් බවට පත්වෙලා. (නි)
මැද පෙරදිග රැකියාවකට ගිය පමණින් කාන්තාවන්ගේ චරිතය ගැන ඍණාත්මකව සිතීම සුදුසු නැහැ නේද? සැමියා තමන්ට තුන් වේල සපයා දීලා දරුවන් ගැන ගේ දොර ගැන සොයා බලනවා නම් බහුතරයක් කාන්තාවන් රට රැකියාවකට යන්න කැමති නැහැ. මම වුණත් රැකියාවක් කරන්නේ උගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට සැමියා උනන්දු කරන නිසා. (නි)
සමහරු මේ කාරණාව කවදාවත් තේරුම් ගන්නේ නැහැ. පිටරට රැකියාවට ගිහින් සිදුවන අලකලන්චි අකරතැබ්බ වලට රජයේ වගකීමක් නැහැ. පිටරට රැකියාවක් කියන්නේ තමන්ගේ පුද්ගලික තීරණයක්. තානාපති සේවය වැනි රජයට කෙළින්ම සම්බන්ධ රාජ්‍ය සේවා කටයුතු වලදී නම් රජය ඔවුන්ගේ සුභසාධනය සඳහා කටයුතු කරනවා. විශේෂ අවස්ථාවක රජයෙන් උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒත් කරන්නම ඕනෑ කියලා නියමයක් නැහැ. (නි)
කවුරු කවුරුත් පවතින ආර්ථික තත්වය ගැන ආණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ ඔය හවස් වරුවේ කට ගොන්නක් බීගෙන ගෙදර එන මහත්වරුන්ව නවත්වා ගන්නකො. එතකොට නැති බැරිකම් වලට නෝනාලාව රට පටවන්න ඕනෑකමක් වෙන එකක් නැහැ. (නි)
මේ කාන්තාවන් මැදපෙරදිග යන ප්‍රශ්නය සඳහා රාජ්‍ය මට්ටමින් පිළියමක් යොදනවා මිස ඔවුන්ගේ චරිතය "විශ්ලේෂණය "කරන එකෙන් වැඩක් වෙනවද? (නි)
සමහරුන්ට තේරෙන්නේ නැහැ වගේ තනි අතින් අත්පොළසන් දෙන්න බැරි බව. (නි)
මේක තේරුම්ගන්න. රට යන්න පළමුව වැඩට යන කෙනාගෙ ෆොටෝ එකක් ඉල්ලනවා. ෆොටෝ එක හොඳ නම් තමයි ගෙන්නගන්නේ. අපිත් ගෙදරට වැඩට එන ගැහැණුන්ගේ ෆොටෝ බලනවද? මීට වැඩිය හොඳයි ලංකාවේ මේක නීතිගත කරලා මේ අයට රැකියා දෙන එක (නි)
අපේ ගරු ඇමතිතුමා මොකද මේ ගැන කියන්නේ? (නි)
රට යන එක තහනම් කරන්න බැහැ. ඒක පුද්ගලික තීරණයක්. තම තමන්ගේ පවුල් රැකගන්න බැරිද? ස්වාමියා ඒක දැනගන්න ඕනෑ. පොදුවේ කතා කරන්න බැහැ අපිට මේවා ගැන. අපිට පිටින් බලලා ගොඩ පෙරකදෝරුකම් කරන්නත් බැහැ. (නි)
පවුල් ප්‍රශ්න රජයට විසඳිය නොහැක. ආදරයෙන්, අවබෝධයෙන් ඉන්න පවුල් වලට මෙහෙම ප්‍රශ්න නැත. (නි)
ලංකාවේ රැකියා නොයෙක් විදියට වර්ග කරගෙන ඉන්න නිසා තමයි රැකියා අවස්ථා තිබිලාත් සමහරු ඒවාට නොයන්නේ. පාර අතුගෑම වැසිකිළි පිරිසිදු කිරීම, කාර්යාල පිරිසිදු කිරීම ආදී කම්කරු රැකියා පහත්කොට සළකනවා. නමුත් පිටරටවල මේවා හොඳ වැටුප් ලැබෙන රැකියා. ලංකාවේ මේ වගේ රැකියා අවස්ථා තිබුනත් සමාජ සම්මතය නිසා සමහරු ඒවාට කැමති නැහැ. ඒවා කරමින් තමන්ගේ පවුලත් රැකබලාගෙන ලංකාවේ ජීවත්වෙන්න කැමති නැහැ. සමහරවිට ලැබෙන සුළු වැටුපත් හේතුවක් වෙන්න පුළුවන්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අපේ නිතියේ කොහේහරි තියනවද දරුවන්ට කන්න බොන්න දෙන්න බැඳෙන්නේ තාත්තා විතරයි කියලා. දෙන්නාත් එක්කම එකතුවෙලා ළමයි හැදුවා නම් අම්මාටත් වගකීමක් තියෙනවා නේද දරුවො පෝෂණය කරන්න? (නි)
සේනක, ඔබට මගේ ආචාරය! බොහොම ටික දෙනාටයි මේ දෙය තේරෙන්නේ. (නි)
මට පෙනෙන්නේ ලීලානන්ද මහත්මයා ගෙදර දොරේ වැඩ කරගෙන දරුවෝ බලාගෙන හවසට නෝනා රැකියාව කරලා එනකොට දුම් දාන තේ කෝප්පයක් හදාගෙන ඉන්න "හවුස් හස්බන්ඩ් " කෙනෙක් වගෙයි. අනේ හොඳයි!! (නි)
හැමදාම මේවා ගැන කතාකර කර හිටියා ඇති. රටකට දරුවන් තරම් වටිනා දෙයක් තියෙනවද? මේ පුතාටත් බුදු සරණයි! (නි)
මිනිස්සු සිහි බුද්දියෙන් වැඩ කරන්න (දී)
අපේ ගමේ කාන්තාවක් මැද පෙරදිග ගිහින් මුළු පවුලම දියුණු කර ගත්තා. ඇගේ නංගි දොස්තර කෙනෙක් වුනා . මල්ලි ගුරුවරයෙක් . ඒ අය බැන්දේ ඉහලම සල්ලි කාර තැන් වලින්. පුදුමේ කියන්නේ මුළු පවුලටම දැන් ඒ කාන්තාව හොඳ මදි. දෙමව්පියන් ට පවා ඇගේ පරිත්‍යාගය මතක නැහැ. විස්වාශ කරන්න එයා දැන් නංගිගේ දරුවන්ගේ ආයම්මා. පිට අයට තමන්ගේ අක්ක කියල හඳුන්වා දෙන්න දොස්තර නංගි කැමති නැහැ. ඔන්න මැද පෙරදිග ගිය සමහරුන්ට වෙන දේවල්. (නදී)
නිල මිනිස් ජාවාරමේ ප්‍රතිඵල. (නදී)
මේ නිසා ලංකාවේ ළමයි අනාත වෙනවා (දී)
කාලෝචිත කියමනක් (දී)
මේ සැමියා ගුණවත් කෙනෙක් බව පේනවා. කවුරු හරි මේ රටගිය කිව්වා නාහන නෝනාව සොයා දෙන්න උදව් කරනවා නම් පිනක්. මැද පෙරදිග දන්නා කියන හිත මිතුරන් ඇති අපේ පාඨක මහත්ම මහත්මීන් ඇතිනේ. ආරංචි කරලා බලල සොයා දුන්නොත් තමන්ගේ දරුවන්ටත් යහපතක් වෙන පිනක්. (නදී)
මේවා දැකලවත් තීරණයක් ගැනීම වැදගත්. (නදී)
කනේ කරේ තිබෙන වටිනා කියන දේ උගස් කරලා, නැතිනම් ඉන්න ඉඩම නිවාස විකුණලා නැති බැරි කමට මැදපෙරදිග වළං හෝදන්න යනවා කියමුකෝ. එවැනි අසරණ ගැහැණුන්ගෙන් පවා විදේශ රැකියා ඒජන්සියෙන් රුපියල් 12,000 ක් ගසා කනවා කියන්නේ මොන තරම් තිරිසන් වැඩක්ද? මොන තරම් හිගා කෑමක්ද ? (නදී)
කාන්තාවන් පිටරට යන එක නවත්වන්න(දී)
සෞදි රටේ ගොඩක් ලාංකික කාන්තාවන්ට අනියම් සබදකම් තියනවා. ඒ නිසා ගොඩක් වෙලාවට තමන්ගෙ ගෙදර අමතක වෙනවා. මේවා ගැන සෞදි හාම්පුතුන් දැඩි අකමැත්තකින් ඉන්නේ. ගොඩක් වෙලාවට මොබයිල් එකට රිලෝඩ් දාගෙන හොර මිනිස්සු එක්ක කුනුහරුප කතා කරන්නේ. සමහර වෙලාවට හාම්පුතාට හොරෙන් ගෙදරට ගෙන්වා ගන්නවා. මම සෞදි ඉන්න නිසා මේවා නිතර දකිනවා (නදී)
අපේ අහිංසක නංගිලා අක්කල බැලමෙහෙවර කරන්න අරාබියට නොගියොත් ලම්බෝගිනි වලින් රේස් පදින්න ආර්ථිකය ශක්තිමත් වෙන්නේ කොහොමද...රට විරුවෝ කියල අහිංසකයන්ව අන්ද අන්ද මහා අය සැප විදිනවා...(අ)
මේ පින්තුරයේ සංවේදී කමටම තීරණ ගන්න හොඳ නැහැ. කවුද වැරදි කියල. මම නම් හිතන්නේ මහත්තය තදින්ම නෝනා රට යනවට විරුද්ධ වුණා නම් ඇයට යන්න බැහැනේ. මව ගියාට පසු මේ වගේ කුඩා දරුවන්ට පාළුව දැනුනම තාත්තට ත් දුකයි තමයි. තව එකක් පිටරට යන හැම ගැහැණියක්ම අමාරුවේ වැටිලා එනවා කියන වැරදි සංකල්පයේ ඉන්න එපා. එකක් හෝ කීපයක් වන සිද්ධි නිසා ලක්ෂ ගණනාවක් හොදින් රැකියාව කරලා හම්බු කරගෙන ඇවිත් ගම්වල ජිවිත සාර්ථක කරගෙන ඉන්න හැටි අවතක්සේරු කරන්න එපා. මම දන්නා ගමක පිටරට ගිය මවක් පියාගේත් උදව් ඇතිව නිවසත් හදල, දරුවෝ තුන්දෙනාටම ඉගැන්නුවා විශ්ව විද්‍යාල උපාධි දක්වාම . (අ)
රට යනඑක වරදක් නොවේ. නමුත් දරුවන්ගේ ආරක්ෂාව හා වගකීම ගැනත් හිතලා . ඒවා හරි අකාරට ඉෂ්ට කලයුතුයි. අපට වඩා ලොකු ආසියානු රටවලිනුත් කාන්තාවන් රට රැකියාවට යනවා . (අ)
අද ඉන්න කාන්තාවන්ගේ ඉක්මනින් දියුණුවීමට ඇති ආසාව නිසා තමන්ගේ ගෙවල් දොරවල් පවුල් අමතක කර මැදපෙරදිග යන්නේ ඔවුන්ගේ දුර්වලකම තාමයි.ස්වයං රැකියාවක් කරගෙන ඉන්න බැරි ඇයි? (අ)
රට යන ගැහැණු ගොඩක් අය ගොඩක් සැප බලාගෙන යන්නේ , ටික දෙනෙක් දුක් විදිනවා , නමුත් ගෙදර ප්‍රශ්ණ වලට විසදුම රට යාම නොවේ , නමුත් සමහර පිරිමි ස්ථාවර නොමැතිව කසාද බැදලා ගැහැණුන්ට දුක් දෙනවා. (අ)
මෙයාලට මෙහෙකාරකම් කරන්ඩ අපේ ගෑණු යවන්නෙ මොකටද අදම තහනම් කරන්ඩ ඕනේ. (අ)
දරුවන් පොළොවෙගහන රටක ඔබ වැනි පියවරු දැකීම සතුටක් . (අ)
අපේ කාන්තාවන් පාසල් යාමෙන් පසු සරසවියට තේරුනේ නැතිනම් වෘත්තීය පුහුණුවක් සමග කුසලතා ලැබෙන මාර්ගයක් තෝරාගන්න හිතන්නේ නැහැ. ඇයි බැරි ඇඳුම් මහන්න, මල් පැල වවන්න, ගෙදර කේක් ඕඩර් භාර ගන්න, . රසකැවිලි ගෙදර හදල විකුනන්න පුළුවන්. අවශ්‍ය එළවළු පලා ටික පොඩි ඉඩක පෝච්චි වල හිටව ගන්න පුළුවන්. පිළිගත් රජයේ පාඨමාලා තියෙනවා. බේකරි නිෂ්පාදන හදන හැටි ඉගෙන ගන්න පුළුවන්. අද කාලේ පාන් නොකන ගෙයක් තියනවද ? ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් දේවල් තියෙද්දී ගිහින් අමාරුවේ වැටෙනවා. නිශේන් කිව්වා වගේ ලංකාවේ ඉඳන් මේ වගේ ආදායම් මාර්ග සොයන එක මදි කමක් ද ? (අ)
කියන දේ අහන් නැතුව ගියා නම් ඩබල් සැලියුට් ගහලා ළමයා හොදින් හදාගෙන ඉන්න අයියන්ඩි. ගිය ඒකිට කුද ගහගන්න කියලා. (නදී)
ළමයින් තමයි අමාරුවේ වැටෙන්නේ (දී)
කවුරුත් යන්නේ තමන්ගේ ආර්ථිකය හදාගන්න, කවුරුත් කාටවත් දොස් කියන්න එපා. (දී)
රට නොගිහින් ඉන්න තිබුනා නම් හොඳයි (නදී)
වැඩකාර කමට යවන එකයි වැරදි..ආණ්ඩුව එක නවත්තන්න ඕනේ එයාලට කාර් ගෙන්නගන්න එහෙම තියෙන තණ්හාව පැත්තක තියලා.. (අ)
උපාලි සහෝදරයාගේ අදහස දැක්කම මට මේක ලියන්නම හිතුන, මෙය ලියන මම දරු දෙන්නෙකුගේ මවක්, අපිදෙන්න විවාහ වුණේ අපි දෙන්නගේ කැමැත්තට, ගෙවල් දෙකෙන්ම පිහිටක් ලැබුණේ නැත්තේ එයාලත් අමාරුවෙන් ජිවත් වෙන නිසා, ළමයි දෙන්නෙක් වෙනතුරු ගොඩාක් දුක්, මම වින්දා, ඒත් දරුවන් ටික ටික ලොකු වෙද්දී මම තීරණය කරා අපිටම කියල ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න ඕන කියල දරු දෙන්න බලා ගන්න වැඩේ නැන්දම්මාට (මහත්තයාගේ අම්ම)බැහැ කිවේ හැම පෝයටම සිල් සමාදන් වෙන්න බැරි වෙයි කියල මගේ අම්ම මගේ දියුණුවට අත දෙන්න කැමති වුණා, අද මම මේ ලියන මොහොත වෙද්දී ඉඩමක් අරන් ගෙයක් හදල ඉවරයි, තව වසර දෙකක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි වෑන් එකක් ගන්න හිතා ගෙන, ඉතින් මට නම් ඔය කියන කරදර වුණේ නැහැ.ලොකු කමට නෙවෙයි, කියන්නේ පෙර පින් පවු අනුව හැමදේම සිද්ද වෙන්නේ.(දැන් මට හැමදෙනාම බැනල ලියයි)නමුත් මැදපෙරදිග යන හැමෝටම වරදින්නෙත් නැහැ, වෙන දේවල් වෙන්නෙත් නැහැ, නරකට හැසිරෙන ගැහැණු-පිරිමි කියල නැහැ කොහේ වුණත් වැරදි කරන කෙනා කරනවාමයි, ඒත් හැම කෙනාම එකම මිම්මෙන් මනින්නට එපා කියල ආදරෙන් ඉල්ලා සිටිනවා (අ)
සෙලිනා අවුරුදු දෙකේ පඩියෙන් වැන් එකකුත් ගන්නද හදන්නේ? ඉන්න තැන හොඳයි වගේ. අනේ හොඳයි!(දී)
ඔහොම අය මෙහේ හිටියා කියලත් වැඩක් නැහැනේ. මොකද ඇයගේ තීරණේ යන එකනේ. අනේ මන්ද ලංකාවේ පවුල් සංස්ථාවට මොනවා වෙලාද කියලා. (නදී)
කීප දෙකෙන් හරි අදහස් දාල තියෙනවා. අපේ රටේ කුහක දේශපාලනය විසින් රටේ ජීවත් වෙන්න බැරි පරිසරයක් හදල තියෙන්නේ. කොච්චර හම්බකලත් මදි දැන් ජීවත් වෙන්න. හොඳ ජීවිතයක් ගෙවන්න අපි කව්රුත් ආසයි. ඉතින් වෙන්නේ පිටරටවල උන්ට වැඩ කරන්න. (නදී)
ගෑණි රට යවා දැන් බොරු වැඩ කරනවා. (නදී)
මට මේක පුදුම වෙන්න නිව්ස් එකක් නෙවෙයි. (අ)
මට මතක් වෙනවා නන්දා මාලනිගේ ගීතයක් (දිල්)
අම්ම උබේ ඩුබායි ගීයා.............කිරි එරවන් එන්න ගීයා ...........'(නදී)
කුරුණෑගල නාරම්මල සමන් ඉන්ද්‍රසිරි මහතා ලංකාවට බිහිවූ ආදර්ශමත් ස්වාමියෙක් සහ පියෙක් (නදී)
මම දැකලා නැහැ හරියට දරුවන් නොමඟ නොගිය එක රට ගිය පවුලක්වත් (නි)
මේවාට මේ රජයටම බනින්න එපා .ඕව ප්‍රධාන වශයෙන් නිදහස් ආර්ථිකය නිසා වූ දේවල් .මිනිසුන්ගේ තරඟකාරීත්වය හා තණ්හාව ඉහලගියා.අද ජීවිත සරල නැහැ එදා වගේ ,හරි සංකීර්ණයි(අ)
අවුරුදු පහට අඩු ළමයින් සිටින මව්වරු මෙසේ රට යැවීම තහනම්. මෙතැනදී පොලිසිය රාජකාරිය පැහැරහැර තිබෙනවා. (නි)
සැමියා එපා කියද්දී ගියා නම් කරන්න දෙයක් නැහැ (නි)
අපේ ගෙදර රට ගිහින් ආ තුන්දෙනෙක් වැඩ කළා. තුන්දෙනාගේම පවුල් කඩාකප්පල් වෙලා. ඉතිරි කරගත් දෙයකුත් නැහැ. (නි)
මේ කාන්තාවන් රට එන්නේ හොර මිනිස්සු හොයාගෙන. එ්ත් ඔක්කොම නෙමෙයි. සමහර පිරිමි තමන්ගෙ බාර්යාව බලෙන් රට යවනවා. මොකද යන යන දිහාවෙ හොර ගැහැනු. එහෙම තමයි ලංකාවේ. (නදී)