තඹුත්තේගම කළුන්දෑවේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (28) උදේ බලෙන් ඇතුළු වූ පිරිසක් වාහනයක් පැහැරගෙන යද්දී ව්‍යාපාරිකයා ඔහුගේ රියෙන් ලුහු බැඳ ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
රාජාංගන වම් ඉවුර අසළ දී තමාට කඩුවකින් ගසන්නට තැත් කළ බවත්, ඒ අවස්ථාවේ තම කාරය ඇළට පෙරලී ගිය බවත් ඔහු පොලිසියට කියා ඇත.
ව්‍යාපාරිකයා ද සුළු තුවාල ලැබීය.
කාරය පැහැරගත් පිරිස කොල්ල කල්ලියක් ද, එසේ නැතිනම් වෙනත් පිරිසක් ද යන්න පැහැදිලි නැත.
ව්‍යාපාරිකයා පොලිසියට කියා ඇත්තේ කාරයේ තිබූ රුපියල් ලක්ෂ 35ක් ද, පවුම් 12ක් වූ තමාගේ රත්‍රන් මාලය ද පැහැරගත් බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් අත්තටම කණගාටු වෙනවා ඒ පුවත ගැන (අ)
හිතාගන්න අමාරුයි මට නම් කිසිම දෙයක් (නි)
කොහොම වුණත් ඒ මුදලාලි පවු නේද? දුක්විඳලා හොයාගත් දේවල්නේ (නි)
එතකොට පැහැරගෙන ගිය වාහනය මොකක්ද? (නි)
අනේ මන්දා මොකක්ද කියලා? (නි)
සල්ලි පොළියට දුන් කෙනෙක්ද? (නි)
ඔව්, මංජුල කියනවා වගේ, මම දන්නා හිත හොඳ නිහතමානීම පුද්ගලයෙක් තමයි මෙයා. (නි)
කාරයේ මේතරම් මුදලක් තියෙන්න ඇත්තෙ බැංකුවටවත් දාන්න වෙන්න ඇති. (නි)
පද්මිණී කියන එක හරි. (නි)
කොල්ල කල්ලියක්ද, නැත්නම් වෙනත් පිරිසක්ද කියලා කියන එකෙන් අදහස් වෙන්නේ තවම හරියට මේ ගැන හොයාගෙන නැහැ කියන එක නේද? (නි)
මේ මුදලාලි තබුත්තේගම ලොකුම සල්ලි කාරයා කිව්වොත් හරි.හරිම පොඩි තැනක ඉදලයි ඔතනට ආවෙ.ලක්ෂ ගනන් සල්ලි අතේ තියාගෙන තඹුත්තේගම ටවුන් එක හරහා යනවා කිසිමකරදරයක් වුණේ නෑ,පවුම් 12 මාලයක් දාගෙන ඉන්නවා දැකලම නෑ.ඒත් සමහරවිට දාගෙන ඉන්න ඇති.නැත්තන් සරමයි කමිසයි එකයි අදින සාමාන්‍ය මනුස්සයෙක් විදියටම ඉන්න කෙනෙක්.පොඩ්ඩක් ෆොටෝ එක බලන්න.කෝටිපතියෙක් වගේ පෙනුමක්වත් තියෙනවද?පව් (අ)
ජීවිතය බේරුණු එකම ඇති නේද. ධනවත් අය නම් ඒ බව පෙන්වන්න එපා. පවුම් 12 මාලයක් එල්ලගන්න මෙයාට පිස්සුද? (අ)
දැන් සාදාරන සල්ලි හම්බ කරගෙන ජීවත් වන්න පලුවන රටක් නම් අද මම මෙහෙම දුක් විඳින්න් නැහේ පොලිසිය හොරුන් ට හිතවත් වෙලා අපි කාට කියන්නද ඔය නරකාදී පාලන වැරැද්ද (අ)
ඒ කතාව ටිකක් අසාමාන්‍යයි වගේ (අ)
මේ ලිපිය කියවද්දී නිකන් කරකැවිල්ල වගේ ..(අ)
ඒක තමයි මංජුල මේ තැනැත්තාට මෙහෙම අලකලංචියක් වුනේ. සාධාරණ විදියට තමන්ගේ මහන්සියෙන් හම්බු කල දේට තමයි මේ රටේ දැන් අපල. අසාධාරණ සල්ලි නම් කොහොම හරි ආරක්ෂා වේවි. (අ)
මේ තමා තඹුත්තේගම කව්රුත් අදුරන මහින්දරත්න මුදලාලි මෙයාගේ වාහනේ ලක්ෂ 35 ක් තියෙන්න ඇති ඇත්තටම මම දන්නා විදිහට මේ මුදලාලි හැම සතයක්ම හම්බ කරන්නේ සාදරනෙන් (අ)
අපොයි,. ඊළගට ගෙට පනින්නේ සුගුනාවතී (අ)
මේකත් කතන්දරයක් නේද? (අ)
අනවශ්‍ය වැඩ කරන්න ගියහම ඕනේ දෙයක් උඩු කුරු යටි කුරු වෙනවා. පෙන්නේ නැද්ද ආණ්ඩුත් එක්කත් වෙලා තියෙන දේ. (ස)
අර තුන්වෙනි පින්තුරේ ඉරුණු ෂර්ට් එක ඇඳන් ඉන්න කෙනාද මුදලාලි? (ස)
ලක්ෂ 35ක් ඇයි කාරෙකේ තිබුණේ?අනුමානයක් නැහැ ඒ මුදල් ගැන දාන්නම කෙනෙක් තමා මේ වැඩේ කරන්න ඇත්තේ. (අ)
මේ රටේ නිතිය වල් වැදී ඇත..හොරු, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ, කුඩු මුදලාලිලා සහ දුෂකයෝ වැඩිවී ඇත..... ආශ්චර්යකි ! (ස)
පොලිසියට කතා කරලා පොලිසිය කරන්න ඕනේ දේ මුදලාලි කරන්න ගිහින් , කර ගත්ත නස්පැත්තියක්, කොරේ පිටට මරේ හොඳම ශිර්ෂ පාඨය. (ස)
මට හිතෙන්නේ මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.(අ)