(රංජිත් රාජපක්ෂ)

කිරි ප්‍රවාහනය කරන ලොරි රථයකින් ඇද වැටී පාසල් සිසුවියක මිය ගොස් ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

මෙසේ ලොරි රථයෙන්  ඇදවැටී මිය ගොස් ඇත්තේ නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නෝර්වුඩ් වෙන්චර් අක්කර 50 ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි විජේකුමාර් හර්ශනි නැමති පාසල් සිසුවියකි.

මියගිය සිසුවිය සිය පාසලේ පැවති නත්තල් කැරෝල් පුහුණු වැඩසටහනකට සහභාගි වී නැවත නෝර්වුඩ් වෙන්චර් වතුයායේ අක්කර 50 පිහිටි නිවස බලා යමින් සිටියදී, පස්වරු 4:00ට පමණ කිරි එකතු කරන ලොරි රථයක පසුපස නැග යමින් සිටියදී නිවස ආසන්නයේදි එම ලොරි රථයෙන් සිසුවිය බිම ඇදවැටී බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලක රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.