උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කිරිඇල්ල මහතා සම්බන්ධීකරණ ලේකම්වරුන් 94 දෙනෙකු ද උපදේශකයන් 56 දෙනෙකු ද පත්කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. උපදේශකයන් 56 දෙනා මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් කර ඇතැයි ද නීතිවේදියකු වන කිරි ඇල්ල මහතාගේ ඇතැම් උපදේශකයන් සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව නැතැයි ඔහු චෝදනා කළේය. ඇමැතිවරයකුගේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයට අමතරව මේ පිරිස පත් කර ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු එක්කෙනානේ...ඉතින් සුදුසුකම් මොකටද? (බ)
අවුරුදු 19 ඇරියස් කවර් කරන්න ඕනෙනේ (බ)
අැමති කෙනෙකුට ඕනෑ කෙනෙකුගෙන් උපදෙස් ගන්න පුලුවන්... (ර)
ඔය උපදෙස් ගන්නේ කාගෙන්ද ? අට පාස් නැති අයගෙන්නේ...(බ)
අපිනම් ඕක කලින්ම දන්නවා. (බ)
මේ යහපාලනයට ආපු මිනිස්සු නේද. මේවා මේගොල්ලෝ ජන්මයෙන්ම උරුම කරගත්ත දේවල්.මේ අයට ඡන්දෙ දුන්න නම් මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. (බ)
එන්නකෝ ලබන පාර ඡන්දෙට .කිරිඇල්ල කරන්නම් (බ)
කියන්නේ එකක් සහ කරන්නේ එකක් වීම තමා අපේ දේශපාලකයන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය. (බ)
පාර්ලිමේන්තුව ඕනෑම කෙනෙකුට එන්න පුලුවන්නම්, මොකද මේ අය මේකට විතරක් කෑගහන්නේ (බ)
මෙච්චර උපදේශකයෝ සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ, මෙයා තනියෙන් මොකවත්ම කරගන්න දන්නේ නැහැ කියන එකනේ. (ම)
ඔය තැනට පාර කැපුවේ ඔනතුමලම නේද? (ර)
කොච්චර උපදේසක කට්ටිය හිටියත් අපිට කමක් නැ, හොයන්න ඕන කොහෙන්ද මෙයාලට පඩි ගෙවන්නේ කියලා, රජයේ මුදල් නම් ගත උතු ක්‍රියාමාර්ග මහජනයාට ගන්න වෙනවා. (ර)
ඕනේ කෙනෙකුට පුළුවන් උපදෙස් දෙන්න. (ර)
යු අැන් පී එකේ ඉන්නේ සියල්ල දත් අයනේ, උපදෙස් මොනවටද (බ)
මෙයාලව පාර්ලිමේන්තු යවපු අයට මඩු වලිගෙන් තලන්න ඕන (බ)
උපදේශකයෝ නැති කාලේ කිරිඇල්ල ඇමතිතුමා මොනවද කිවුවේ කියල ඔබට මතකද? (නි)